සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.5.7. පඨමසෝණ සුත්තං

1.1.5.7. සෝණ හට වදාළ පළමු දෙසුම

49. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‌දකනිවාපේ. අථ ඛෝ සෝණෝ ගහපතිපුත්‌තෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්‌නං ඛෝ සෝණං ගහපතිපුත්‌තං භගවා ඒතදවෝච.

49. මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභය භූමිය නම් වූ වේළුවනාරාමයේ. එදා සෝණ නම් වූ ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ සෝණ ගෘහපති පුත්‍රයා හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා.

යේ හි කේචි සෝණ, සමණා වා බ්‍රාහ්‌මණා වා අනිච්චේන රූපේන දුක්ඛේන විපරිණාමධම්‌මේන සෙය්‍යෝහමස්‌මීති වා සමනුපස්‌සන්‌ති. සදිසෝහමස්‌මීති වා සමනුපස්‌සන්‌ති. හීනෝහමස්‌මීති වා සමනුපස්‌සන්‌ති. කිමඤ්‌ඤත්‍ර යථාභූතස්‌ස අදස්‌සනා? අනිච්‌චාය වේදනාය දුක්‌ඛාය විපරිණාමධම්‌මාය සෙය්‍යෝහමස්‌මීති වා සමනුපස්‌සන්‌ති. සදිසෝහමස්‌මීති වා සමනුපස්‌සන්‌ති. හීනෝහමස්‌මීති වා සමනුපස්‌සන්‌ති. කිමඤ්‌ඤත්‍ර යථාභූතස්‌ස අදස්‌සනා? අනිච්‌චාය සඤ්‌ඤාය දුක්ඛාය විපරිණාමධම්මාය ….(පෙ)…. අනිච්චේහි සංඛාරේහි දුක්ඛේහි විපරිණාමධම්‌මේහි ….(පෙ)…. අනිච්චේන විඤ්‌ඤාණේන දුක්ඛේන විපරිණාමධම්‌මේන සෙය්‍යෝහමස්‌මීති වා සමනුපස්‌සන්‌ති. සදිසෝහමස්‌මීති වා සමනුපස්‌සන්‌ති. හීනෝහමස්‌මීති වා සමනුපස්‌සන්‌ති. කිමඤ්‌ඤත්‍ර යථාභූතස්‌ස අදස්‌සනා.

පින්වත් සෝණ, යම්කිසි ශ්‍රමණයන් වේවා, බමුණන් වේවා අනිත්‍ය වූ දුක් වූ වෙනස්වන ධර්මතාවයෙන් යුතු වූ රූපය කරණ කොට ගෙනයි ‘මම උසස් කෙනෙක් ය’ කියලා කියන්නේ. ‘මම සමාන කෙනෙක් ය’ කියලා දකින්නේ. ‘මම පහත් කෙනෙක් ය’ කියලා දකින්නේ. මෙය වනාහී යථාර්ථය නොදැනීම විනා වෙන කුමක්ද? අනිත්‍ය වූ දුක් වූ වෙනස්වන ධර්මතාවයෙන් යුතු වූ විඳීම කරණ කොට ගෙනයි ‘මම උසස් කෙනෙක් ය’ කියලා දකින්නේ. ‘මම සමාන කෙනෙක් ය’ කියලා දකින්නේ. ‘මම පහත් කෙනෙක් ය’ කියල දකින්නේ. මෙය වනාහී යථාර්ථය නොදැනීම විනා වෙන කුමක්ද? අනිත්‍ය වූ දුක් වූ වෙනස්වන ධර්මතාවයෙන් යුතු වූ සඤ්ඤාව කරණ කොටයි ….(පෙ)…. අනිත්‍ය වූ දුක් වූ වෙනස්වන ධර්මතාවයෙන් යුතු වූ සංස්කාර කරණ කොට ගෙනයි ….(පෙ)…. අනිත්‍ය වූ දුක් වූ වෙනස්වන ධර්මතාවයෙන් යුතු වූ විඤ්ඤාණය කරණ කොට ගෙනයි ‘මම උසස් කෙනෙක් ය’ කියල දකින්නේ. ‘මම සමාන කෙනෙක් ය’ කියලා දකිනේනේ. ‘මම පහත් කෙනෙක් ය’ කියලා දකින්නේ. මෙය වනාහී යථාර්ථය නොදැනීම විනා වෙන කුමක්ද?

යේ ච ඛෝ කේචි සෝණ, සමණා වා බ්‍රාහ්‌මණා වා අනිච්චේන රූපේන දුක්ඛේන විපරිණාමධම්‌මේන සෙය්‍යෝහමස්‌මීතිපි න සමනුපස්‌සන්‌ති . සදිසෝහමස්‌මීතිපි න සමනුපස්‌සන්‌ති. හීනෝහමස්‌මීතිපි න සමනුපස්‌සන්‌ති. කිමඤ්‌ඤත්‍ර යථාභූතස්‌ස දස්‌සනා? අනිච්‌චාය වේදනාය දුක්ඛාය විපරිණාම ධම්මාය ….(පෙ)…. අනිච්‌චාය සඤ්‌ඤාය ….(පෙ)…. අනිච්චේහි සංඛාරේහි ….(පෙ)…. අනිච්චේන විඤ්‌ඤාණේන දුක්ඛේන විපරිණාමධම්‌මේන සෙය්‍යෝහමස්‌මීතිපි න සමනුපස්‌සන්‌ති. සදිසෝහමස්‌මීතිපි න සමනුපස්‌සන්‌ති. හීනෝහමස්‌මීතිපි න සමනුපස්‌සන්‌ති. කිමඤ්‌ඤත්‍ර යථාභූතස්‌ස දස්‌සනා.

පින්වත් සෝණ, යම්කිසි ශ්‍රමණයන් වේවා, බමුණන් වේවා අනිත්‍ය වූ දුක් වූ වෙනස්වන ධර්මතාවයෙන් යුතු වූ රූපය කරණ කොට ගෙන ‘මම උසස් කෙනෙක් ය’ කියලා දකින්නේ නැත්නම්, ‘මම සමාන කෙනෙක් ය’ කියලා දකින්නේ නැත්නම්, ‘මම පහත් කෙනෙක් ය’ කියලා දකින්නේ නැත්නම්, මෙය වනාහී යථාර්ථය දැනීම විනා වෙන කුමක්ද? අනිත්‍ය වූ දුක් වූ වෙනස්වන ධර්මතාවයෙන් යුතු වූ විඳීම කරණ කොට ගෙන ….(පෙ)…. අනිත්‍ය වූ දුක් වූ වෙනස්වන ධර්මතාවයෙන් යුතු වූ සඤ්ඤාව කරණ කොට ගෙන ….(පෙ)…. අනිත්‍ය වූ දුක් වූ වෙනස්වන ධර්මතාවයෙන් යුතු වූ සංස්කාර කරණ කොට ගෙන ….(පෙ)…. අනිත්‍ය වූ දුක් වූ වෙනස්වන ධර්මතාවයෙන් යුතු වූ විඤ්ඤාණය කරණ කොට ගෙන ‘මම උසස් කෙනෙක් ය’ කියල දකින්නේ නැත්නම්, ‘මම සමාන කෙනෙක් ය’ කියලා දකින්නේ නැත්නම්, ‘මම පහත් කෙනෙක් ය’ කියලා දකින්නේ නැත්නම්, මෙය වනාහී යථාර්ථය දැනීම විනා වෙන කුමක්ද?

තං කිම්මඤ්‌ඤසි සෝණ, රූපං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ.

පින්වත් සෝණ, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනී, අනිත්‍යයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?” “ස්වාමීනී, දුකකි.”

යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං කල්‌ලං නු තං සමනුපස්‌සිතුං, ඒතං මම ඒසෝහමස්‌මි ඒසෝ මේ අත්‌තාති? නෝ හේතං භන්තේ.

“යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’ කියා හෝ එය ‘මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනී, එය සුදුසු නෑ ම යි.”

වේදනා නිච්‌චා වා අනිච්‌චා වාති? අනිච්‌චා භන්තේ.

“විඳීම යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනී, අනිත්‍යයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?” “ස්වාමීනී, දුකකි.”

යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං කල්‌ලං නු තං සමනුපස්‌සිතුං, ඒතං මම ඒසෝහමස්‌මි ඒසෝ මේ අත්‌තාති? නෝ හේතං භන්තේ.

“යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’ කියා හෝ එය ‘මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනී, එය සුදුසු නෑ ම යි.”

සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ.

“සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනී, අනිත්‍යයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?” “ස්වාමීනී, දුකකි.”

යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං කල්‌ලං නු තං සමනුපස්‌සිතුං, ඒතං මම ඒසෝහමස්‌මි ඒසෝ මේ අත්‌තාති? නෝ හේතං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’ කියා හෝ එය ‘මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනී, එය සුදුසු නෑ ම යි.”

තස්‌මාතිහ සෝණ, යං කිඤ්‌චි රූපං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්‌බං රූපං නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං.

“එනිසා පින්වත් සෝණ, අතීතයට ගිය හෝ හට නොගත් අනාගතයට අයත් වූ හෝ වර්තමානයේ හෝ අධ්‍යාත්මික හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ උසස් හෝ යම්කිසි රූපයක් ඇද්ද, දුර හෝ ළඟ හෝ යම් රූපයක් ඇද්ද, ඒ සෑම රූපයක් පිළිබඳව ම දියුණු කළ ප්‍රඥාවෙන් යුතුව දැකිය යුත්තේ ‘මේක මගේ නොවේ, මේක මම නොවෙමි, මේක මගේ අත්මය නොවෙයි’ කියල ඔය ආකාරයටයි.

යා කාචි වේදනා ….(පෙ)…. යා කාචි සඤ්‌ඤා ….(පෙ)…. යේ කේචි සංඛාරා ….(පෙ)…. යං කිඤ්‌චි විඤ්‌ඤාණං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්‌බං විඤ්‌ඤාණං නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං.

යම්කිසි විඳීමක් ….(පෙ)…. යම්කිසි සඤ්ඤාවක් ….(පෙ)…. යම්කිසි සංස්කාරයක් ….(පෙ)…. අතීතයට ගිය හෝ හට නොගත් අනාගතයට අයත් වූ හෝ වර්තමානයේ හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ උසස් හෝ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, දුර හෝ ළඟ හෝ යම් විඤ්ඤාණයක් ඇද්ද, ඒ සෑම විඤ්ඤාණයක් පිළිබඳව ම දියුණු කළ ප්‍රඥාවෙන් යුතුව දැකිය යුත්තේ ‘මේක මගේ නොවේ, මේක මම නොවෙමි, මේක මගේ ආත්මය නොවෙයි’ කියල ඔය ආකාරයටයි.

ඒවං පස්‌සං සෝණ, සුතවා අරියසාවකෝ රූපස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, වේදනායපි නිබ්‌බින්‌දති, සඤ්‌ඤායපි නිබ්‌බින්‌දති, සංඛාරේසුපි නිබ්‌බින්‌දති, විඤ්‌ඤාණස්‌මිම්‌පි නිබ්‌බින්‌දති. නිබ්‌බින්‌දං විරජ්‌ජති. විරාගා විමුච්‌චති. විමුත්‌තස්‌මිං විමුත්‌තමිති ඤාණං හෝති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්‌මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

පින්වත් සොණ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. අවබෝධයෙන් ම කළකිරුණු විට සිත ඇලෙන්නේ නැතුව යනවා. සිත නොඇලෙන කොට එයින් සිත නිදහස් වෙනවා. සිත නිදහස් වෙන කොට ම ‘නිදහස් වුණා’ කියලා අවබෝධ ඥානය ඇතිවෙනවා. ‘ඉපදීම ක්ෂය වෙලා ගියා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කර ගත්තා. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇති වෙනවා.”

සාදු! සාදු!! සාදු!!!

පඨම සෝණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M