48. සැවැත් නුවර දී ……………………..
පින්වත් මහණෙනි, ඔබට මා පංචස්කන්ධය ගැනත්, පංච උපාදානස්කන්ධය ගැනත් දේශනා කරන්නටයි යන්නේ. එය සවන් යොමා අසන්න ….(පෙ)….
පින්වත් මහණෙනි, පංචස්කන්ධය යනු කුමක්ද? පින්වත් මහණෙනි, අතීතයට ගිය හෝ හටනොගත් අනාගතයට අයත් වූ හෝ වර්තමානයේ හෝ අධ්‍යාත්මික හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ උසස් හෝ යම්කිසි රූපයක් ඇද්ද, දුර හෝ ළඟ හෝ යම් රූපයක් ඇද්ද, රූපස්කන්ධය යනු මෙයයි.
….(පෙ)…. යම්කිසි විඳීමක් ඇද්ද ….(පෙ)…. යම්කිසි සඤ්ඤාවක් ඇද්ද ….(පෙ)…. යම්කිසි සංස්කාර ඇද්ද ….(පෙ)…. අතීතයට ගිය හෝ හට නොගත් අනාගතයට අයත් වූ හෝ වර්තමානයේ හෝ අධ්‍යාත්මික හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ උසස් හෝ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, දුර හෝ ළඟ හෝ යම් විඤ්ඤාණයක් ඇද්ද, විඤ්ඤාණස්කන්ධය යනු මෙයයි. පින්වත් මහණෙනි, පංචස්කන්ධය යනු මෙයයි.
පින්වත් මහණෙනි, පංච උපාදානස්කන්ධය යනු කුමක්ද? පින්වත් මහණෙනි, අතීතයට ගිය හෝ හට නොගත් අනාගතයට අයත් වූ හෝ වර්තමානයේ හෝ අධ්‍යාත්මික හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ උසස් හෝ යම්කිසි රූපයක් ඇද්ද, දුර හෝ ළඟ හෝ යම් රූපයක් ඇද්ද, එය ආශ්‍රව සහිතව බැඳීම් ඇති කරන ස්වභාවයෙන් යුතුව තිබේ නම් රූප උපාදානස්කන්ධය යනු මෙයයි.
….(පෙ)…. යම්කිසි විඳීමක් ඇද්ද ….(පෙ)…. යම්කිසි සඤ්ඤාවක් ඇද්ද ….(පෙ)…. යම්කිසි සංස්කාර ඇද්ද ….(පෙ)…. අතීතයට ගිය හෝ හට නොගත් අනාගතයට අයත් වූ හෝ වර්තමානයේ හෝ අධ්‍යාත්මික හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ උසස් හෝ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, දුර හෝ ළඟ හෝ යම් විඤ්ඤාණයක් ඇද්ද, එය ආශ්‍රව සහිතව බැඳීම් ඇතිකරන ස්වභාවයෙන් යුතුව තිබේ නම් විඤ්ඤාණ උපාදානස්කන්ධය මෙයයි.
පින්වත් මහණෙනි, පංච උපාදානස්කන්ධය යනු මෙයයි.
සාදු! සාදු!! සාදු!!!
ඛන්ධ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M