සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.5.5. සමනුපස්සනා සුත්තං

1.1.5.5. විමසා බැලීම ගැන වදාළ දෙසුම

47. සාවත්ථියං…..

47. සැවැත් නුවර දී ……………………..

යේ හි කේචි භික්ඛවේ, සමණා වා බ්‍රාහ්‌මණා වා අනේකවිහිතං අත්‌තානං සමනුපස්‌සමානා සමනුපස්‌සන්‌ති, සබ්බේ තේ පඤ්‌චුපාදානක්‌ඛන්‌ධේ සමනුපස්‌සන්‌ති, ඒතේසං වා අඤ්‌ඤතරං.

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණ බමුණන් නොයෙක් ආකාරයෙන් තමා පිළිබඳව විමස විමසා බලන විට නොයෙක් ආකාරයෙන් දකිනවා. ඒ සෑම කෙනෙක් ම දකින්නේ පංච උපාදානස්කන්ධයන් ම යි. එක්කෝ පංච උපාදානස්කන්ධයන්ගෙන් යමක් තමයි.

කතමේ පඤ්‌ච?

කවර පහක්ද යත්;

ඉධ භික්ඛවේ, අස්‌සුතවා පුථුජ්ජනෝ අරියානං අදස්‌සාවී අරියධම්‌මස්‌ස අකෝවිදෝ අරියධම්‌මේ අවිනීතෝ, සප්‌පුරිසානං අදස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස අකෝවිදෝ සප්‌පුරිසධම්‌මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්‌සති, රූපවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා රූපං, රූපස්‌මිං වා අත්‌තානං. වේදනං ….(පෙ)…. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, විඤ්‌ඤාණවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා විඤ්‌ඤාණං, විඤ්‌ඤාණස්‌මිං වා අත්‌තානං.

පින්වත් මහණෙනි, මේ ලෝකයේ අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා නොදකින කෙනෙක්. ආර්ය ධර්මයට අදක්ෂ කෙනෙක්. ආර්ය ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. සත්පුරුෂයන් වහන්සේලා නොදකින කෙනෙක්. සත්පුරුෂ ධර්මයට අදක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. ඒ නිසා ඔහු (සතර මහා ධාතූන්ගෙන් හටගන්නා වූ) රූපය ආත්මයක් (තමාගේ වසඟයේ පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය රූපයෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි රූපය තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ රූපය තුළයි කියලා. වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. ඒ වගේම ඔහු (නාමරූපයෙන් හටගන්නා වූ) විඤ්ඤාණය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය විඤ්ඤාණයෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි විඤ්ඤාණය තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ විඤ්ඤාණය තුළයි කියලා.

ඉති අයඤ්‌චේව සමනුපස්‌සනා අස්‌මීති චස්‌ස අවිගතං හෝති. අස්‌මීති ඛෝ පන භික්ඛවේ අවිගතේ, පඤ්‌චන්‌නං ඉන්‌ද්‍රියානං අවක්‌කන්‌ති හෝති. චක්‌ඛුන්‌ද්‍රියස්‌ස සෝතින්‌ද්‍රියස්‌ස ඝානින්‌ද්‍රියස්‌ස ජිව්‌හින්‌ද්‍රියස්‌ස කායින්‌ද්‍රියස්‌ස. අත්‌ථි භික්ඛවේ මනෝ, අත්‌ථි ධම්‌මා, අත්‌ථි අවිජ්‌ජාධාතු. අවිජ්‌ජාසම්‌ඵස්‌සජේන භික්ඛවේ, වේදයිතේන ඵුට්‌ඨස්‌ස අස්‌සුතවතෝ පුථුජ්‌ජනස්‌ස අස්‌මීතිපිස්‌ස හෝති. අයමහමස්‌මීතිපිස්‌ස හෝති. භවිස්‌සන්‌තිපිස්‌ස හෝති. රූපී භවිස්‌සන්‌තිපිස්‌ස හෝති. අරූපී භවිස්‌සන්‌තිපිස්‌ස හෝති. සඤ්‌ඤී භවිස්‌සන්‌තිපිස්‌ස හෝති. අසඤ්‌ඤී භවිස්‌සන්‌තිපිස්‌ස හෝති. නේවසඤ්‌ඤීනාසඤ්‌ඤී භවිස්‌සන්‌තිපිස්‌ස හෝති.

ඔය විදිහට මේ පංච උපාදානස්කන්ධය ගැන මුලාවෙන් දැක්කා කියලා ‘මම වෙමි’ යි යන අදහස ප්‍රහීණ වෙන්නේ නෑ. පින්වත් මහණෙනි, ‘මම වෙමි’ යි යන අදහස ප්‍රහීණ නොවී තියෙන විට පංච ඉන්ද්‍රියන් තුළ බැසගෙනයි ඉන්නේ. ඒ කියන්නේ; ඇස නම් වූ ඉන්ද්‍රිය, කණ නම් වූ ඉන්ද්‍රිය, නාසය නම් වූ ඉන්ද්‍රිය, දිව නම් වූ ඉන්ද්‍රිය, කය නම් වූ ඉන්ද්‍රියයි. පින්වත් මහණෙනි, මනස තියෙනවා. මනසට සිතෙන අරමුණුත් තියෙනවා. අවිද්‍යාව නම් වූ අනවබෝධ ස්වභාවයත් තියෙනවා. පින්වත් මහණෙනි, අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගන්නා වූ විඳීමෙන් පහස ලබන අශ්‍රැතවත් පෘථග්ජනයා හට ‘මම වෙමි’ යි යන හැඟීම ඇතිවෙනවා. ඔහුට මේ ‘මම වෙමි’යි යන හැඟීමත් ඇතිවෙනවා ඔහුට ‘අනාගතයෙහි වන්නෙමි’ යි යන හැඟීමත් ඇතිවෙනවා. ඔහුට ‘අනාගතයෙහි නොවන්නෙමි’ යි යන හැඟීමත් ඇතිවෙනවා. ඔහුට ‘ඔහුට රූපී වන්නෙමි’යි යන හැඟීමත් ඇතිවෙනවා. ඔහුට ‘අරූපී වන්නෙමි’යි යන හැඟීමත් ඇතිවෙනවා. ඔහුට ‘සඤ්ඤා සහිත වන්නෙමි’යි යන හැඟීමත් ඇතිවෙනවා. ඔහුට ‘සඤ්ඤා රහිත වන්නෙමි’යි යන හැඟීමත් ඇතිවෙනවා. ඔහුට ‘සඤ්ඤාව ඇත්තෙත් නැති, නැත්තෙත් නැති බවට පත්වෙමි’යි යන හැඟීමත් ඇතිවෙනවා.

තිට්‌ඨන්‌ති ඛෝ පන භික්ඛවේ, තත්‌ථේව පඤ්‌චින්‌ද්‍රියානි. අථෙත්‌ථ සුතවතෝ අරියසාවකස්‌ස අවිජ්‌ජා පහීයති, විජ්‌ජා උප්‌පජ්‌ජති. තස්‌ස අවිජ්‌ජාවිරාගා විජ්‌ජුප්‌පාදා අස්‌මීතිපිස්‌ස න හෝති. අයමහමස්‌මීතිපිස්‌ස න හෝති. භවිස්‌සන්‌තිපිස්‌ස න හෝති. න භවිස්‌සන්‌තිපිස්‌ස න හෝති. රූපී භවිස්‌සන්‌තිපිස්‌ස න හෝති. අරූපී භවිස්‌සන්‌තිපිස්‌ස න හෝති. සඤ්‌ඤී භවිස්‌සන්‌තිපිස්‌ස න හෝති. අසඤ්‌ඤී භවිස්‌සන්‌තිපිස්‌ස න හෝති. නේවසඤ්‌ඤීනාසඤ්‌ඤී භවිස්‌සන්‌තිපිස්‌ස න හෝතීති.

පින්වත් මහණෙනි, ඒ ජීවිතය තුළත් ඇස්, කණ් ආදී පංච ඉන්ද්‍රියයන් තියෙන නමුත් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට ඒ කෙරෙහි අවිද්‍යාව ප්‍රහාණය වෙලා විද්‍යාව ඉපදිලයි තියෙන්නේ. එනිසා ඔහු තුළ අවිද්‍යාව දුරුවීමත්, විද්‍යාව ඉපදීමත් කරණ කොටගෙන ඔහුට ‘මම වෙමි’යි යන හැඟීම නැතිව යනවා. ඔහුට ‘මේ මම වෙමි’ යි යන හැඟීමත් නැතිව යනවා. ඔහුට ‘අනාගතයෙහි වන්නෙමි’ යි යන හැඟීමත් නැතිව යනවා. ඔහුට ‘අනාගතයෙහි නොවන්නෙමි’ යි යන හැඟීමත් නැතිව යනවා. ඔහුට ‘රූපී වන්නෙමි’ යි යන හැඟීමත් නැතිව යනවා. ඔහුට ‘අරූපී වන්නෙමි’ යි යන හැගීමත් නැතිව යනවා. ඔහුට ‘සඤ්ඤා සහිත වන්නෙමි’ යි යන හැඟීමත් නැතිව යනවා. ‘ඔහුට සඤ්ඤා රහිත වන්නෙමි’ යි යන හැඟීමත් නැතිව යනවා. ඔහුට ‘සඤ්ඤාව ඇත්තෙත් නැති, නැත්තෙත් නැති බවට පත්වෙමි’ යි යන හැඟීමත් නැතිව යනවා.

සාදු! සාදු!! සාදු!!!

සමනුපස්සනා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M