සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.5.4. දුතිය අනිච්චතා සුත්තං

1.1.5.4. අනිත්‍යතාව ගැන වදාළ දෙවෙනි දෙසුම

46. සාවත්ථියං…..

46. සැවැත් නුවර දී ………………..

රූපං භික්ඛවේ අනිච්‌චං. යදනිච්‌චං තං දුක්‌ඛං. යං දුක්‌ඛං තදනත්‌තා. යදනත්‌තා තං ‘නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තා’ති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං. වේදනා අනිච්‌චා ….(පෙ)…. සඤ්‌ඤා අනිච්‌චා ….(පෙ)…. සංඛාරා අනිච්‌චා ….(පෙ)…. විඤ්‌ඤාණං අනිච්‌චං. යදනිච්‌චං තං දුක්‌ඛං. යං දුක්‌ඛං තදනත්‌තා. යදනත්‌තා තං ‘නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තා’ති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං. ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සතෝ පුබ්‌බන්‌තානුදිට්‌ඨියෝ න හොන්‌ති. පුබ්‌බන්‌තානුදිට්‌ඨීනං අසති, අපරන්‌තානුදිට්‌ඨියෝ න හොන්‌ති. අපරන්‌තානුදිට්‌ඨීනං අසති, ථාමසා පරාමාසෝ න හෝති. ථාමසා පරාමාසේ අසති රූපස්‌මිං, වේදනාය , සඤ්‌ඤාය, සංඛාරේසු, විඤ්‌ඤාණස්‌මිං චිත්‌තං විරජ්‌ජති, විමුච්‌චති අනුපාදාය ආසවේහි. විමුත්‌තත්‌තා ඨිතං. ඨිතත්‌තා සන්‌තුසිතං. සන්‌තුසිතත්‌තා න පරිතස්‌සති. අපරිතස්‌සං පච්‌චත්‌තං යේව පරිනිබ්‌බායති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්‌මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

පින්වත් මහණෙනි, රූපය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක නම් එය අනාත්මයි. යමක් අනාත්ම නම්, “මේක මගේ නොවේ, මේ මම නොවේ, මේ මගේ ආත්මය නොවේ” කියලා ඔය විදිහටයි දියුණු කළ ප්‍රඥාවෙන් සැබෑ තත්වය දැකිය යුත්තේ. ඉතින් ඔය ආකාරයෙන් දියුණු කළ ප්‍රඥාවෙන් සැබෑ තත්වය දකින විට සිත නොඇලී යනවා. කිසිවකට නොබැඳී ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක නම් එය අනාත්මයි. යමක් අනාත්ම නම්, “මේක මගේ නොවේ, මේ මම නොවේ, මේක මගේ ආත්මය නොවේ” කියලා ඔය විදිහටයි දියුණු කළ ප්‍රඥාවෙන් සැබෑ තත්වය දැකිය යුත්තේ. ඉතින් ඔය ආකාරයෙන් දියුණු කළ ප්‍රඥාවෙන් සැබෑ තත්වය දකින විට අතීත ජීවිත අරභයා ඇතිවන්නා වූ දෘෂ්ටි ඇතිවන්නේ නෑ. අතීත ජීවිත අරභයා දෘෂ්ටීන් නොමැති කල්හී අනාගත ජීවිත අරභයා දෘෂ්ටීන් ඇතිවන්නේ නෑ. අනාගත ජීවිත අරභයා දෘෂ්ටීන් නොමැති කල්හී මතවාදයන්හී දැඩි ලෙස බැඳී වෙලී සිටීමක් නෑ. මතවාදයන්හි දැඩි ලෙස බැඳී වෙලී සිටීමක් නැති කල්හී රූපය කෙරෙහි, විඳීම කෙරෙහි, සඤ්ඤාව කෙරෙහි, සංස්කාර කෙරෙහි, විඤ්ඤාණය කෙරෙහි සිත නොඇලී යනවා. එතකොට කිසිවකට නොබැඳී ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. ඒ නිදහස් වීම නිසාම (නිවනෙහි) පිහිටනවා. පිහිටි නිසාම සතුටින් ඉන්නවා. සතුටින් ඉන්න නිසාම තැති ගන්නේ නෑ. තැති නොගන්නා නිසාම මේ ජීවිතයේදීම පිරිනිවී යනවා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දේ කළා. ආයෙමත් නම් නැවත උපතක් නැතැ’යි අවබෝධ කර ගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අනිච්චතා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M