45. සැවැත් නුවර දී ………………..
පින්වත් මහණෙනි, රූපය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක නම් එය අනාත්මයි. යමක් අනාත්ම නම්, “මේක මගේ නොවේ, මේ මම නොවේ, මේක මගේ ආත්මය නොවේ” කියලා ඔය විදිහටයි දියුණු කළ ප්‍රඥාවෙන් සැබෑ තත්වය දැකිය යුත්තේ. ඉතින් ඔය ආකාරයෙන් දියුණු කළ ප්‍රඥාවෙන් සැබෑ තත්වය දකින විට සිත නොඇලී යනවා. කිසිවකට නොබැඳී ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක නම් එය අනාත්මයි. යමක් අනාත්ම නම්, “මේක මගේ නොවේ, මේ මම නොවේ, මේක මගේ ආත්මය නොවේ” කියලා ඔය විදිහටයි දියුණු කළ ප්‍රඥාවෙන් සැබෑ තත්වය දැකිය යුත්තේ. ඉතින් ඔය ආකාරයෙන් දියුණු කළ ප්‍රඥාවෙන් සැබෑ තත්වය දකින විට සිත නොඇලී යනවා. කිසිවකට නොබැඳී ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා.
පින්වත් මහණෙනි, ඉදින් රූප ධාතුවට නොඇලෙන භික්ෂුවගේ සිත කිසිවකට නොබැඳී ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා නම්, ඉදින් වේදනා ධාතුවට ….(පෙ)…. ඉදින් සඤ්ඤා ධාතුවට ….(පෙ)…. ඉදින් සංස්කාර ධාතුවට ….(පෙ)…. ඉදින් විඤ්ඤාණ ධාතුවට නොඇලෙන භික්ෂුවගේ සිත කිසිවකට නොබැඳී ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා නම් ඒ නිදහස් වීම නිසාම (නිවනෙහි) පිහිටනවා. පිහිටි නිසාම සතුටින් ඉන්නවා. සතුටින් ඉන්න නිසාම තැති ගන්නේ නෑ. තැති නොගන්නා නිසාම මේ ජීවිතයේදීම පිරිනිවී යනවා. ‘ඉපදීම ක්ෂය වුණා. ඹබසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දේ කළා. ආයෙමත් නම් නැවත උපතක් නැතැ’යි අවබෝධ කරගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
පඨම අනිච්චතා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M