සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.5.2. පටිපදා සුත්තං

1.1.5.2. ප්‍රතිපදාව ගැන වදාළ පළමු දෙසුම

44. සාවත්ථියං….

44. සැවැත් නුවර දී ……………………

සක්‌කායසමුදයගාමිනිඤ්‌ච වෝ, භික්ඛවේ, පටිපදං දේසිස්සාමි, සක්‌කායනිරෝධගාමිනිඤ්‌ච පටිපදං. තං සුණාථ. ….(පෙ)….

පින්වත් මහණෙනි, මා ඔබට දේශනා කරන්නට යන්නේ සක්කාය හටගැනීම පිණිස පවතින ප්‍රතිපදාවත්, සක්කාය නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාවත් ගැනයි. එය සවන් යොමා අසන්න ….(පෙ)….

කතමා ච භික්ඛවේ, සක්‌කායසමුදයගාමිනී පටිපදා?

පින්වත් මහණෙනි, සක්කාය හටගැනීම පිණිස පවතින ප්‍රතිපදාව යනු කුමක්ද?

ඉධ භික්ඛවේ, අස්‌සුතවා පුථුජ්ජනෝ අරියානං අදස්‌සාවී අරියධම්‌මස්‌ස අකෝවිදෝ අරියධම්‌මේ අවිනීතෝ, සප්‌පුරිසානං අදස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස අකෝවිදෝ සප්‌පුරිසධම්‌මේ අවිනීතෝ, රූපං අත්තතෝ සමනුපස්‌සති, රූපවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා රූපං, රූපස්‌මිං වා අත්‌තානං. වේදනං අත්තතෝ සමනුපස්‌සති, වේදනාවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා වේදනං, වේදනාය වා අත්‌තානං. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, විඤ්‌ඤාණවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා විඤ්‌ඤාණං, විඤ්‌ඤාණස්‌මිං වා අත්‌තානං. අයං වුච්‌චති භික්ඛවේ, සක්‌කායසමුදයගාමිනී පටිපදාති. ඉතිහිදං භික්ඛවේ, වුච්‌චති දුක්‌ඛසමුදයගාමිනී සමනුපස්‌සනාති. අයමේවෙත්‌ථ අත්ථෝ.

පින්වත් මහණෙනි, මේ ලෝකයේ අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා නොදකින කෙනෙක්. ආර්ය ධර්මයට අදක්ෂ කෙනෙක්. ආර්ය ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. සත්පුරුෂයන් වහන්සේලා නොදකින කෙනෙක්. සත්පුරුෂ ධර්මයට අදක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. ඒ නිසා ඔහු (සතර මහා ධාතූන්ගෙන් හටගන්නා වූ) රූපය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය රූපයෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි රූපය තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ රූපය තුළයි කියලා. ඔහු (ස්පර්ශයෙන් හටගන්නා වූ) විඳීම ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය විඳීමෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි විඳීම තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ විඳීම තුළයි කියලා ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. ඒ වගේම ඔහු (නාමරූපයෙන් හටගන්නා වූ) විඤ්ඤාණය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය විඤ්ඤාණයෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි විඤ්ඤාණය තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ අත්මය තියෙන්නේ විඤ්ඤාණය තුළයි කියලා. පින්වත් මහණෙනි, සක්කාය හටගැනීම පිණිස පවතින ප්‍රතිපදාව කියල කියන්නේ මෙයටයි. පින්වත් මහණෙනි, ඒ වගේම මෙයට දුක හටගැනීම පිණිස පවතින පිළිවෙළට මුලාවෙන් දැකීම කියලත් කියනවා. මේක අර්ථය ඕකමයි.

කතමා ච භික්ඛවේ, සක්‌කායනිරෝධගාමිනී පටිපදා?

පින්වත් මහණෙනි, සක්කාය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යනු කුමක්ද?

ඉධ භික්ඛවේ, සුතවා අරියසාවකෝ අරියානං දස්‌සාවී අරියධම්‌මස්‌ස කෝවිදෝ අරියධම්‌මේ සුවිනීතෝ, සප්‌පුරිසානං දස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස කෝවිදෝ සප්‌පුරිසධම්‌මේ සුවිනීතෝ, න රූපං අත්තතෝ සමනුපස්‌සති, න රූපවන්‌තං වා අත්‌තානං. න අත්‌තනි වා රූපං, න රූපස්‌මිං වා අත්‌තානං. න වේදනං අත්‌තතෝ සමනුපස්සති. ….(පෙ)…. න සඤ්‌ඤං ….(පෙ)…. න සංඛාරේ ….(පෙ)…. න විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, න විඤ්‌ඤාණවන්‌තං වා අත්‌තානං. න අත්‌තනි වා විඤ්‌ඤාණං, න විඤ්‌ඤාණස්‌මිං වා අත්‌තානං. අයං වුච්‌චති භික්ඛවේ, සක්‌කායනිරෝධගාමිනී පටිපදාති. ඉතිහිදං භික්ඛවේ, වුච්‌චති දුක්‌ඛනිරෝධගාමිනී සමනුපස්‌සනාති. අයමේවෙත්‌ථ අත්ථෝති.

පින්වත් මහණෙනි, මේ ලෝකයේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා දකින කෙනෙක්. ආර්ය ධර්මයට දක්ෂ කෙනෙක්. ආර්ය ධර්මයෙහි හික්මුණු කෙනෙක්. සත්පුරුෂයන් වහන්සේලා දකින කෙනෙක්. සත්පුරුෂ ධර්මයට දක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි හික්මුණ කෙනෙක්. ඒ නිසා ඔහු (සතර මහා ධාතූන්ගෙන් හටගන්නා වූ) රූපය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඒ ආත්මය රූපයෙන් හැදිච්ච එකක් කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මයක් තුළ තමයි රූපය තියෙන්නේ කියල මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඔහු ආත්මය තියෙන්නේ රූපය තුළයි කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඔහු ආත්මයක් හැටියට වේදනාව ගැන දකින්නේ නෑ ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. ඒ වගේම ඔහු (නාමරූපයෙන් හටගන්නා වූ) විඤ්ඤාණය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඒ ආත්මය විඤ්ඤාණයෙන් හැදිච්ච එකක් කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මයක් තුළ තමයි විඤ්ඤාණය තියෙන්නේ කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඔහු ආත්මය තියෙන්නේ විඤ්ඤාණය තුළයි කියලත් මුලාවෙන් දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සක්කාය නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව කියල කියන්නේ මෙයටයි. පින්වත් මහණෙනි, ඒ වගේම මෙයට දුක නිරුද්ධ වීම පිණිස පවතින පිළිවෙළට නුවණින් දැකීම කියලත් කියනවා. මේකෙ අර්ථය ඕකමයි.

සාදු! සාදු!! සාදු!!!

පටිපදා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M