41. සැවැත් නුවර දී …………………….
පින්වත් මහණෙනි, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදී සිටින භික්ෂුවගේ ධර්මානුකූලභාවය මෙයයි.
යම් හෙයකින් රූපය පිළිබඳව දුක දකිමින් වාසය කරනවා නම්, විඳීම ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය පිළිබඳව දුක දකිමින් වාසය කරනවා නම්, එතකොට රූපය පිළිබඳව දුක දකිමින් වාසය කරන ඒ භික්ෂුව වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය පිළිබඳව දුක දකිමින් වාසය කරද්දී රූපය පිරිසිඳ අවබෝධ කරනවා. විඳීම ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය පිරිසිඳ අවබෝධ කරනවා. එතකොට ඔහු රූපය පිරිසිඳ දැක විඳීම ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය පිරිසිඳ දැක, රූපයෙන් නිදහස් වෙනවා. විඳීමෙන් නිදහස් වෙනවා. සඤ්ඤාවෙන් නිදහස් වෙනවා. සංස්කාරවලින් නිදහස් වෙනවා. විඤ්ඤාණයෙන් නිදහස් වෙනවා. ඉපදීමෙන්, ජරාමරණයෙන්, සෝකයෙන්, වැළපීමෙන්, දුක්දොම්නස් සුසුම් හෙළීම්වලින් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා කියලයි මා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
තතිය අනුධම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M