සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.4.8. දුතිය අනුධම්ම සුත්තං

1.1.4.8. ධර්මානුකූල වූ දෙය ගැන වදාළ දෙවෙනි දෙසුම

40. සාවත්ථියං….

40. සැවැත් නුවර දී …………………….

ධම්‌මානුධම්‌මපටිපන්‌නස්‌ස, භික්ඛවේ, භික්ඛුනෝ අයමනුධම්‌මෝ හෝති.

පින්වත් මහණෙනි, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදී සිටින භික්ෂුවගේ ධර්මානුකූලභාවය මෙයයි.

යං රූපේ අනිච්‌චානුපස්‌සී විහරෙය්‍ය. වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරේසු ….(පෙ)…. විඤ්ඤාණේ අනිච්චානුපස්සී විහරෙය්‍ය, සෝ රූපේ අනිච්චානුපස්සී විහරන්තෝ වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරේසු ….(පෙ)…. විඤ්ඤාණේ අනිච්චානුපස්සී විහරන්තෝ රූපං පරිජානාති. වේදනං පරිජානාති. සඤ්‌ඤං පරිජානාති. සංඛාරේ පරිජානාති. විඤ්‌ඤාණං පරිජානාති. සෝ රූපං පරිජානං වේදනං පරිජානං සඤ්‌ඤං පරිජානං සංඛාරේ පරිජානං විඤ්ඤාණං පරිජානං. පරිමුච්‌චති රූපම්‌හා, පරිමුච්‌චති වේදනාය, පරිමුච්‌චති සඤ්‌ඤාය , පරිමුච්‌චති සංඛාරේහි, පරිමුච්‌චති විඤ්‌ඤාණම්‌හා, පරිමුච්‌චති ජාතියා ජරාමරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්‌සේහි උපායාසේහි, පරිමුච්‌චති දුක්‌ඛස්‌මාති වදාමීති.

යම් හෙයකින් රූපය පිළිබඳව අනිත්‍ය දකිමින් වාසය කරනවා නම්, විඳීම ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණ පිළිබඳව අනිත්‍ය දකිමින් වාසය කරනවා නම්, එතකොට රූපය පිළිබඳව අනිත්‍ය දකිමින් වාසය කරන ඒ භික්ෂුව වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය පිළිබඳව අනිත්‍ය දකිමින් වාසය කරද්දී, රූපය පිරිසිඳ අවබෝධ කරනවා. විඳීම ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය පිරිසිඳ අවබෝධ කරනවා. එතකොට ඔහු රූපය පිරිසිඳ දැක, විඳීම ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය පිරිසිඳ දැක රූපයෙන් නිදහස් වෙනවා. විඳීමෙන් නිදහස් වෙනවා. සඤ්ඤාවෙන් නිදහස් වෙනවා. සංස්කාරවලින් නිදහස් වෙනවා. විඤ්ඤාණයෙන් නිදහස් වෙනවා. ඉපදීමෙන්, ජරාමරණයෙන්, සෝකයෙන්, වැළපීමෙන්, දුක්දොම්නස් සුසුම් හෙළීම්වලින් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා කියලයි මා කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අනුධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M