39. සැවැත් නුවර දී ………………..
පින්වත් මහණෙනි, ධර්මානුධර්ම ප්රතිපදාවෙහි යෙදී සිටින භික්ෂුවගේ ධර්මානුකූලභාවය මෙයයි.
යම් හෙයකින් රූපය පිළිබඳව (අවබෝධයෙන් ම) කලකිරීම් බහුලව වාසය කරනවා නම්, විඳීම පිළිබඳව කලකිරීම් බහුලව වාසය කරනවා නම්, සඤ්ඤාව පිළිබඳව කලකිරීම් බහුලව වාසය කරනවා නම්, සංස්කාර පිළිබඳව කලකිරීම් බහුලව වාසය කරනවා නම්, විඤ්ඤාණය පිළිබඳව කලකිරීම් බහුලව වාසය කරනවා නම්, එතකොට රූපය පිළිබඳව කළකිරීම් බහුලව වාසය කරන ඒ භික්ෂුව වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය පිළිබඳව කළකිරීම් බහුලව වාසය කරද්දී රූපය පිරිසිඳ අවබෝධ කරනවා. විඳීම පිරිසිඳ අවබෝධ කරනවා. සඤ්ඤාව පිරිසිඳ අවබෝධ කරනවා. සංස්කාර පිරිසිඳ අවබෝධ කරනවා. විඤ්ඤාණය පිරිසිඳ අවබෝධ කරනවා. එතකොට ඔහු රූපය පිරිසිඳ දැක, විඳීම පිරිසිඳ දැක, සඤ්ඤාව පිරිසිඳ දැක, සංස්කාර පිරිසිඳ දැක, විඤ්ඤාණය පිරිසිඳ දැක රූපයෙන් නිදහස් වෙනවා. විඳීමෙන් නිදහස් වෙනවා. සඤ්ඤාවෙන් නිදහස් වෙනවා. සංස්කාරවලින් නිදහස් වෙනවා. විඤ්ඤාණයෙන් නිදහස් වෙනවා. ඉපදීමෙන්, ජරාමරණයෙන්, සෝකයෙන්, වැළපීමෙන්, දුක්දොම්නස් සුසුම් හෙළීම්වලින් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා කියලයි මා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
පඨම අනුධම්ම සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M