සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.4.6. දුතිය ආනන්ද සුත්තං

1.1.4.6. ආනන්ද තෙරුන්ට වදාළ දෙවෙනි දෙසුම

38. සාවත්ථියං….

38. සැවැත් නුවර දී …………………

අථ ඛෝ ආයස්‌මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි. ….(පෙ)…. ඒකමන්තං නිසින්‌නං ඛෝ ආයස්‌මන්‌තං ආනන්‌දං භගවා ඒතදවෝච.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා.

සචේ තං ආනන්‌ද, ඒවං පුච්‌ඡෙය්‍යුං. කතමේසං ආවුසෝ ආනන්‌ද, ධම්‌මානං උප්පාදෝ පඤ්‌ඤායිත්‌ථ, වයෝ පඤ්‌ඤායිත්‌ථ, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිත්‌ථ? කතමේසං ධම්‌මානං උප්පාදෝ පඤ්‌ඤායිස්‌සති, වයෝ පඤ්‌ඤායිස්‌සති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිස්‌සති? කතමේසං ධම්‌මානං උප්පාදෝ පඤ්‌ඤායති, වයෝ පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායති? ඒවං පුට්ඨෝ ත්‌වං ආනන්‌ද, කින්‌ති බ්‍යාකරෙය්‍යාසීති?

“පින්වත් ආනන්දයෙනි, ඉදින් යමෙක් ඔබෙන් මෙහෙම අසන්නට පුළුවනි. ‘ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, ඉපදීමක පැණවීමක් තිබුණේ, වැනසීමක පැණවීමක් තිබුණේත්, පවතින දේ තුළ වෙනස්වීමක පැණවීමක් තිබුණේත් කවර දේවල්වලද? ඒ වගේම ඉපදීමක් පැණවීම සිදුවෙන්නෙත්, වැනසීමක් පැණවීම සිදුවෙන්නෙත්, පවතින දේ තුළ වෙනස්වීමක් පැණවීම සිදුවෙන්නෙත් කවර දේවල්වලද? ඒ වගේම ඉපදීමක් පැණවිලා තියෙන්නෙත්, වැනසීමක් පැණවිලා තියෙන්නේත්, පවතින දේ තුළ වෙනස්වීමක් පැණවිලා තියෙන්නෙත් කවර දේවල්වලද?’ කියලා. ඔය විදිහට පින්වත් ආනන්දයෙනි, ඇසුවොත් ඔබ දෙන පිළිතුර කුමක්ද?”

සචේ මං භන්තේ, ඒවං පුච්‌ඡෙය්‍යුං. කතමේසං ආවුසෝ ආනන්‌ද, ධම්‌මානං උප්පාදෝ පඤ්‌ඤායිත්‌ථ, වයෝ පඤ්‌ඤායිත්‌ථ, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිත්‌ථ? කතමේසං ධම්‌මානං උප්පාදෝ පඤ්‌ඤායිස්‌සති , වයෝ පඤ්‌ඤායිස්‌සති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිස්‌සති ? කතමේසං ආවුසෝ ආනන්ද, ධම්‌මානං උප්පාදෝ පඤ්‌ඤායති, වයෝ පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායතීති? ඒවං පුට්‌ඨෝහං භන්තේ, ඒවං බ්‍යාකරෙය්‍යං. යං ඛෝ ආවුසෝ, රූපං අතීතං නිරුද්‌ධං විපරිණතං. තස්‌ස උප්පාදෝ පඤ්‌ඤායිත්‌ථ, වයෝ පඤ්‌ඤායිත්‌ථ, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිත්‌ථ. යා වේදනා අතීතා නිරුද්‌ධා විපරිණතා. තස්‌සා උප්පාදෝ පඤ්‌ඤායිත්‌ථ, වයෝ පඤ්‌ඤායිත්‌ථ, ඨිතාය අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිත්‌ථ. යා සඤ්‌ඤා ….(පෙ)…. යේ සංඛාරා අතීතා නිරුද්‌ධා විපරිණතා. තේසං උප්පාදෝ පඤ්‌ඤායිත්‌ථ, වයෝ පඤ්‌ඤායිත්‌ථ, ඨිතානං අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිත්‌ථ. යං විඤ්‌ඤාණං අතීතං නිරුද්‌ධං විපරිණතං. තස්‌ස උප්පාදෝ පඤ්‌ඤායිත්‌ථ, වයෝ පඤ්‌ඤායිත්‌ථ, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිත්‌ථ. ඉමේසං ඛෝ ආවුසෝ, ධම්‌මානං උප්පාදෝ පඤ්‌ඤායිත්‌ථ, වයෝ පඤ්‌ඤායිත්‌ථ, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිත්‌ථ.

“ඉදින් ස්වාමීනී, මගෙන් මේ විදිහට ඇසුවොත් ‘ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, ඉපදීමක පැණවීමක් තිබුණේ, වැනසීමක පැණවීමක් තිබුණේත්, පවතින දේ තුළ වෙනස් වීමක පැණවීමක් තිබුණේත් කවර දේවල්වලද? ඒ වගේම ඉපදීමක් පැණවීම සිදුවෙන්නෙත්, වැනසීමක් පැණවීම සිදුවෙන්නෙත්, පවතින දේ තුළ වෙනස්වීමක් පැණවීම සිදුවෙන්නෙත් කවර දේවල්වලද? ඒ වගේම ඉපදීමක් පැණවිලා තියෙන්නෙත්, වැනසීමක් පැණවිලා තියෙන්නේත්, පවතින දේ තුළ වෙනස්වීමක් පැණවිලා තියෙන්නෙත් කවර දේවල්වලද?’ කියලා ස්වාමීනී, ඔය විදිහට ඇසූ විට මං පිළිතුරු දෙන්නේ මේ විදිහටයි.

ප්‍රිය ආයුෂ්මතුනි, යම් රූපයක් අතීතයට ගියා නම්, නිරුද්ධ වුණා නම්, විපරිණාමයට පත් වුණා නම්, අන්න ඒ රූපයෙහි ඉපදීමක් පැණවුණා. වැනසීමක් පැණවුණා. පවතින දේ තුළ වෙනස්වීමක් පැණවුණා. යම් විඳීමක් අතීතයට ගියා නම්, නිරුද්ධ වුණා නම්, විපරිණාමයට පත් වුණා නම්, අන්න ඒ විඳීමෙහි ඉපදීමක් පැණවුණා. වැනසීමක් පැණවුණා. පවතින දේ තුළ වෙනස් පැණවුණා. යම් සඤ්ඤාවක් ….(පෙ)…. යම් සංස්කාර අතීතයට ගියා නම්, නිරුද්ධ වුණා නම්, විපරිණාමයට පත් වුණා නම්, අන්න ඒ සංස්කාරවල ඉපදීමක් පැණවුණා. වැනසීමක් පැණවුණා. පවතින දේ තුළ වෙනස්වීමක් පැණවුණා. යම් විඤ්ඤාණයක් අතීතයට ගියා නම්, නිරුද්ධ වුණා නම්, විපරිණාමයට පත් වුණා නම්, අන්න ඒ විඤ්ඤාණයෙහි ඉපදීමක් පැණවුණා. වැනසීමක් පැණවුණා. පවතින දේ තුළ වෙනස්වීමක් පැණවුණා. ප්‍රිය ආයුෂ්මතුනි, ඉපදීමක් පැණවුණේත් වැනසීමක් පැණවුණෙත්, පවතින දේ තුළ වෙනස්වීමක් පැණවුණෙත් ඔන්න ඔය දේවල්වලයි.

යං ඛෝ ආවුසෝ, රූපං අජාතං අපාතුභූතං. තස්‌ස උප්පාදෝ පඤ්‌ඤායිස්‌සති, වයෝ පඤ්‌ඤායිස්‌සති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිස්‌සති. යා වේදනා ….(පෙ)…. යා සඤ්‌ඤා ….(පෙ)…. යේ සංඛාරා ….(පෙ)…. යං විඤ්‌ඤාණං අජාතං අපාතුභූතං. තස්‌ස උප්පාදෝ පඤ්‌ඤායිස්‌සති, වයෝ පඤ්‌ඤායිස්‌සති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිස්‌සති. ඉමේසං ඛෝ ආවුසෝ , ධම්‌මානං උප්පාදෝ පඤ්‌ඤායිස්‌සති, වයෝ පඤ්‌ඤායිස්‌සති, ඨිතානං අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිස්‌සති.

ප්‍රිය ආයුෂ්මතුනි, යම් රූපයක් තවම ඉපදිලා නෑ. පහළ වෙලත් නෑ. අන්න ඒ රූපයෙහි තමයි ඉපදීමක් පැණවීම සිදුවන්නේ. වැනසීමක් පැණවීමක් පැණවීම සිදුවන්නේ. පවතින දේ තුළ වෙනස් වීමක් පැණවීම සිදුවන්නේ. යම් විඳීමක් ….(පෙ)…. යම් සඤ්ඤාවක් ….(පෙ)…. යම් සංස්කාරයක් ….(පෙ)…. යම් විඤ්ඤාණයක් තවම ඉපදිලා නෑ. පහළ වෙලත් නෑ. අන්න ඒ විඤ්ඤාණයෙහි තමයි ඉපදීමක පැණවීම සිදුවන්නේ. වැනසීමක පැණවීම සිදුවන්නේ. පවතින දේ තුළ වෙනස් වීමක පැණවීම සිදුවන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඉපදීමක පැණවීම සිදුවන්නේත්, වැනසීමක පැණවීම සිදුවන්නේත්, පවතින දේ තුළ වෙනස් වීමක පැණවීම සිදුවන්නේ ඔන්න ඔය දේවල්වලයි.

යං ඛෝ ආවුසෝ, රූපං ජාතං පාතුභූතං. තස්‌ස උප්පාදෝ පඤ්‌ඤායති, වයෝ පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායති. යා වේදනා ….(පෙ)…. යා සඤ්‌ඤා ….(පෙ)…. යේ සංඛාරා ….(පෙ)…. යං විඤ්‌ඤාණං ජාතං පාතුභූතං තස්‌ස උප්පාදෝ පඤ්‌ඤායති, වයෝ පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායති. ඒවං පුට්‌ඨෝහං භන්තේ, ඒවං බ්‍යාකරෙය්‍යන්‌ති.

ප්‍රිය ආයුෂ්මතුනි, යම් රූපයක් ඉපදිලා, පහළ වෙලා ඇද්ද, අන්න ඒ රූපයෙහි තමයි ඉපදීමක් පැණවිලා තියෙන්නේ. වැනසීමක් පැණවිලා තියෙන්නේ. පවතින දේ තුළ වෙනස්වීමක් පැණවිලා තියෙන්නේ. යම් විඳීමක් ….(පෙ)…. යම් සඤ්ඤාවක් ….(පෙ)…. යම් සංස්කාර ….(පෙ)…. යම් විඤ්ඤාණයක් ඉපදිලා, පහළ වෙලා ඇද්ද, අන්න ඒ විඤ්ඤාණයෙහි තමයි ඉපදීමක් පැණවිලා තියෙන්නේ, වැනසීමක් පැණවිලා තියෙන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඉපදීමක් පැණවිලා තියෙන්නේ, වැනසීමක් පැණවිලා තියෙන්නේ, පවතින දේ තුළ වෙනස්වීමක් පැණවිලා තියෙන්නේ ඔය දේවල්වලයි. ස්වාමීනී, ඒ විදිහට ඇසුවොත් මා උත්තර දෙන්නේ ඔය ආකාරයෙනුයි.”

සාධු සාධු ආනන්‌ද, යං ඛෝ ආනන්ද, රූපං අතීතං නිරුද්‌ධං විපරිණතං, තස්‌ස උප්පාදෝ පඤ්‌ඤායිත්‌ථ, වයෝ පඤ්‌ඤායිත්‌ථ, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිත්‌ථ. යා වේදනා ….(පෙ)…. යා සඤ්‌ඤා ….(පෙ)…. යේ සංඛාරා ….(පෙ)…. යං විඤ්‌ඤාණං අතීතං නිරුද්‌ධං විපරිණතං. තස්‌ස උප්පාදෝ පඤ්‌ඤායිත්‌ථ, වයෝ පඤ්‌ඤායිත්‌ථ, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිත්‌ථ. ඉමේසං ඛෝ ආනන්‌ද, ධම්‌මානං උප්පාදෝ පඤ්‌ඤායිත්‌ථ, වයෝ පඤ්‌ඤායිත්‌ථ, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිත්‌ථ.

“සාදු! සාදු! පින්වත් ආනන්දයෙනි, යම් රූපයක් අතීතයට ගියා නම්, නිරුද්ධ වුණා නම්, විපරිණාමයට පත් වුණා නම්, අන්න ඒ රූපයෙහි ඉපදීමක් පැණවුණා. වැනසීමක් පැණවුණා. පවතින දේ තුළ වෙනස්වීමක් පැණවුණා. යම් විඳීමක් ….(පෙ)…. යම් සඤ්ඤාවක් ….(පෙ)…. යම් සංස්කාර ….(පෙ)…. යම් විඤ්ඤාණයක් අතීතයට ගියා නම්, නිරුද්ධ වුණා නම්, විපරිණාමයට පත් වුණා නම්, අන්න ඒ විඤ්ඤාණයෙහි ඉපදීමක් පැණවුණා. වැනසීමක් පැණවුණා. පවතින දේ තුළ වෙනස්වීමක් පැණවුණා. පින්වත් ආනන්ද, ඉපදීමක් පැණවුණෙත්, වැනසීමක් පැණවුණෙත්, පවතින දේ තුළ වෙනස්වීමක් පැණවුණෙත් ඔන්න ඔය දේවල්වලයි.

යං ඛෝ ආනන්‌ද, රූපං අජාතං අපාතුභූතං. තස්‌ස උප්පාදෝ පඤ්‌ඤායිස්‌සති, වයෝ පඤ්‌ඤායිස්‌සති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිස්‌සති. යා වේදනා ….(පෙ)…. යා සඤ්‌ඤා ….(පෙ)…. යේ සංඛාරා ….(පෙ)…. යං විඤ්‌ඤාණං අජාතං අපාතුභූතං. තස්‌ස උප්පාදෝ පඤ්‌ඤායිස්‌සති , වයෝ පඤ්‌ඤායිස්‌සති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිස්‌සති. ඉමේසං ඛෝ ආනන්‌ද, ධම්‌මානං උප්පාදෝ පඤ්‌ඤායිස්‌සති, වයෝ පඤ්‌ඤායිස්‌සති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායිස්‌සති.

පින්වත් ආනන්ද, තවම ඉපදිලත් නැති, පහළ වෙලත් නැති යම් රූපයක් ඇද්ද, අන්න ඒ රූපයෙහි නම් ඉපදීමක් පැණවීම සිදුවෙනවා. වැනසීමක් පැණවීම සිදුවෙනවා. පවතින දේ තුළ වෙනස් වීමක් පැණවීම සිදුවෙනවා. යම් විඳීමක් ….(පෙ)…. යම් සඤ්ඤාවක් ….(පෙ)…. යම් සංස්කාරයක් ….(පෙ)…. තවම ඉපදිලත් නැති, පහළ වෙලත් නැති යම් විඤ්ඤාණයක් ඇද්ද, අන්න ඒ විඤ්ඤාණයෙහි නම් ඉපදීමක් පැණවීම සිදුවෙනවා. වැනසීමක් පැණවීම සිදුවෙනවා. පවතින දේ තුළ වෙනස් වීමක් පැණවීම සිදුවෙනවා. පින්වත් ආනන්ද, ඉපදීමක් පැණවීම සිදුවන්නෙත්, වැනසීමක් පැණවීම සිදුවන්නෙත්, පවතින දේ තුළ වෙනස් වීමක් පැණවීම සිදුවන්නේත් ඔන්න ඔය දේවල්වලයි.

යං ඛෝ ආනන්‌ද, රූපං ජාතං පාතුභූතං. තස්‌ස උප්පාදෝ පඤ්‌ඤායති, වයෝ පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායති. යා වේදනා ….(පෙ)…. යා සඤ්‌ඤා ….(පෙ)…. යේ සංඛාරා ….(පෙ)…. යං විඤ්‌ඤාණං ජාතං පාතුභූතං. තස්‌ස උප්පාදෝ පඤ්‌ඤායති, වයෝ පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායති. ඉමේසං ඛෝ ආනන්‌ද, ධම්‌මානං උප්පාදෝ පඤ්‌ඤායති, වයෝ පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායතීති. ඒවං පුට්ඨෝ ත්‌වං ආනන්‌ද, ඒවං බ්‍යාකරෙය්‍යාසීති.

පින්වත් ආනන්ද, ඉපදිලා තියෙන, පහළ වෙලා තියෙන යම් රූපයක් ඇද්ද, අන්න ඒ රූපයෙහි නම් ඉපදීමක් පැණවිලා තියෙනවා. යම් විඳීමක් ….(පෙ)…. යම් සඤ්ඤාවක් ….(පෙ)…. යම් සංස්කාර ….(පෙ)…. ඉපදිලා තියෙන, පහළ වෙලා තියෙන යම් විඤ්ඤාණයක් ඇද්ද, අන්න ඒ විඤ්ඤාණයෙහි නම් ඉපදීමක් පැණවිලා තියෙනවා. වැනසීමක් පැණවිලා තියෙනවා. පවතින දේ තුළ වෙනස්වීමක් පැණවිලා තියෙනවා. පින්වත් ආනන්ද, ඉපදීමක් පැණවිලා තියෙන්නෙත්, වැනසීමක් පැණවිලා තියෙන්නේත්, පවතින දේ තුළ වෙනස්වීමක් පැණවිලා තියෙන්නෙත් ඔය දේවල්වලයි. පින්වත් ආනන්ද, ඒ විදිහට ඇසුවොත් උත්තර දිය යුත්තේ ඔය ආකාරයෙන් තමයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය ආනන්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M