සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.4.5. පඨම ආනන්ද සුත්තං

1.1.4.5. ආනන්ද තෙරුන්ට වදාළ පළමු දෙසුම

37. සාවත්ථියං.

37. සැවැත් නුවර දී ……………….

අථ ඛෝ ආයස්‌මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්‌නං ඛෝ ආයස්‌මන්‌තං ආනන්‌දං භගවා ඒතදවෝච.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා.

සචේ තං ආනන්‌ද, ඒවං පුච්‌ඡෙය්‍යුං. කතමේසං ආවුසෝ ආනන්‌ද, ධම්‌මානං උප්පාදෝ පඤ්‌ඤායති, වයෝ පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායතීති? ඒවං පුට්ඨෝ ත්‌වං ආනන්‌ද, කින්‌ති බ්‍යාකරෙය්‍යාසීති?

“පින්වත් ආනන්දයෙනි, ඉදින් යමෙක් ඔබෙන් මෙහෙම අසන්නට පුළුවනි. ‘ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, ඉපදීමක් පැණවිලා තියෙන්නේත්, වැනසීමක් පැණවිලා තියෙන්නේත්, පවතින දේ තුළ වෙනස්වීමක් පැණවිලා තියෙන්නේත් කවර දේවල්වලද?’ කියලා. ඔය විදිහට පින්වත් ආනන්දයෙනි, විමසුවොත් ඔබ දෙන පිළිතුර කුමක්ද?”

සචේ මං භන්තේ, ඒවං පුච්‌ඡෙය්‍යුං. කතමේසං ආවුසෝ ආනන්‌ද, ධම්‌මානං උප්පාදෝ පඤ්‌ඤායති, වයෝ පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායතීති? ඒවං පුට්‌ඨෝහං භන්තේ, ඒවං බ්‍යාකරෙය්‍යං. රූපස්‌ස ඛෝ ආවුසෝ, උප්පාදෝ පඤ්‌ඤායති, වයෝ පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායති. වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරානං ….(පෙ)…. විඤ්‌ඤාණස්‌ස උප්පාදෝ පඤ්‌ඤායති, වයෝ පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායති. ඉමේසං ඛෝ ආවුසෝ, ධම්‌මානං උප්පාදෝ පඤ්‌ඤායති, වයෝ පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායතීති. ඒවං පුට්‌ඨෝහං භන්තේ, ඒවං බ්‍යාකරෙය්‍යන්‌ති.

“ඉදින් ස්වාමීනී, මගෙන් මෙහෙම අසුවොත් ‘ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, ඉපදීමක් පැණවිලා තියෙන්නෙත්, වැනසීමක් පැණවිලා තියෙන්නෙත්, පවතින දේ තුළ වෙනස් වීමක් පැණවිලා තියෙන්නෙත් කවර දේවල්වලද?’ කියලා, ස්වාමීනී, ඔය විදිහට ඇසුවාම මං පිළිතුරු දෙන්නේ මෙහෙමයි. ‘ප්‍රිය ආයුෂ්මතුනි, රූපයෙහි ය ඉපදීමක් පැණවිලා තියෙන්නේ, වැනසීමක් පැණවිලා තියෙන්නේ, පවතින දේ තුළ වෙනස් වීමක් පැණවිලා තියෙන්නේ. විඳීමෙහි ය ඉපදීමක් ….(පෙ)…. සඤ්ඤාවෙහි ය ….(පෙ)…. සංස්කාරවල ය ….(පෙ)…. විඤ්ඤාණයෙහි ය ඉපදීමක් පැණවිලා තියෙන්නේ, වැනසීමක් පැණවිලා තියෙන්නේ, පවතින දේ තුළ වෙනස් වීමක් පැණවිලා තියෙන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඉපදීමක් පැණවිලා තියෙන්නෙත්, වැනසීමක් පැණවිලා තියෙන්නේත්, පවතින දේ තුළ වෙනස් වීමක් පැණවිලා තියෙන්නෙත් ඔය දේවල්වල ය.’ ස්වාමීනී, ඒ විදිහට ඇහුවොත් මා පිළිතුරු දෙන්නේ ඔය ආකාරයටයි.”

සාධු සාධු ආනන්‌ද. රූපස්‌ස ඛෝ ආනන්‌ද, උප්පාදෝ පඤ්‌ඤායති, වයෝ පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායති. වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරානං ….(පෙ)…. විඤ්‌ඤාණස්‌ස උප්පාදෝ පඤ්‌ඤායති, වයෝ පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායති. ඉමේසං ඛෝ ආනන්‌ද, ධම්‌මානං උප්පාදෝ පඤ්‌ඤායති, වයෝ පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායතීති. ඒවං පුට්ඨෝ ත්‌වං ආනන්‌ද, ඒවං බ්‍යාකරෙය්‍යාසීති.

“සාදු! සාදු! පින්වත් ආනන්ද. පින්වත් ආනන්ද, රූපයෙහි ය ඉපදීමක් පැණවිලා තියෙන්නේ, වැනසීමක් පැණවිලා තියෙන්නේ, පවතින දේ තුළ වෙනස් වීමක් පැණවිලා තියෙන්නේ. විඳීමෙහි ය ….(පෙ)…. සඤ්ඤාවෙහි ය ….(පෙ)…. සංස්කාරවල ය ….(පෙ)…. විඤ්ඤාණයෙහි ය ඉපදීමක් පැණවිලා තියෙන්නේ, වැනසීමක් පැණවිලා තියෙන්නේ, පවතින දේ තුළ වෙනස් වීමක් පැණවිලා තියෙන්නේ. පින්වත් ආනන්ද, ඉපදීමක් පැණවිලා තියෙන්නේත්, වැනසීමක් පැණවිලා තියෙන්නෙත්, පවතින දේ තුළ වෙනස් වීමක් පැණවිලා තියෙන්නෙත් ඔය දේවල්වල ය. ඔය විදිහට ඇසූ විට පින්වත් ආනන්දය, පිළිතුරු දෙන්න තියෙන්නේ ඔය ආකාරයෙන් තමයි.

සාදු! සාදු!! සාදු!!!

පඨම ආනන්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M