සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.4.4. දුතිය භික්ඛු සුත්තං

1.1.4.4. භික්ෂුවකට වදාළ දෙවෙනි දෙසුම

36. සාවත්ථියං….

36. සැවැත් නුවර දී ……………………..

අථ ඛෝ අඤ්ඤතරෝ භික්‌ඛු යේන භගවා තේනුපසංකමි ….(පෙ)…. ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ භික්‌ඛු භගවන්‌තං ඒතදවෝච.

එතකොට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිය තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යනතුන් වහන්සේට මෙකරුණ පැවසුවා.

සාධු මේ භන්තේ , භගවා සංඛිත්‌තේන ධම්‌මං දේසේතු, යමහං භගවතෝ ධම්‌මං සුත්‌වා ඒකෝ වූපකට්‌ඨෝ අප්‌පමත්‌තෝ ආතාපී පහිතත්‌තෝ විහරෙය්‍යන්‌ති.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා හට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනැවි. එතකොට මට භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා දැනගෙන හුදෙකලා වෙලා, පිරිසෙන් වෙන් වෙලා, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරිය ඇතිව, දහමට දිවි පුදා වාසය කරන්නට පුළුවනි.”

යං ඛෝ භික්‌ඛු, අනුසේති තං අනුමීයති. යං අනුමීයති තේන සංඛං ගච්‌ඡති. යං නානුසේති න තං අනුමීයති. යං නානුමීයති න තේන සංඛං ගච්‌ඡතීති.

“පින්වත් භික්ෂුව, අභ්‍යන්තරික වශයෙන් යම් ක්ලේශයක් තියෙනවා නම්, එයට අනුව තමයි මැනීමක් ඇතිවන්නේ. යමකට අනුව මැනීමක් ඇතිවෙනවා නම්, එයින් තමයි ‘මම ය, මගේ ය’ යන ආදී ගණන් ගැනීම් ඇතිවන්නේ. ඉදින් අභ්‍යන්තරික වශයෙන් යම් ක්ලේශයක් පවතින්නේ නැතිනම් එය මැනීමක් බවට පත්වන්නේ නෑ. යමක් මැනීමක් බවට පත්වෙන්නේ නැතිනම්, එයින් ‘මම ය, මගේ ය’ යන ආදී ගණන් ගැනීම් ඇතිවන්නේ නෑ.”

අඤ්‌ඤාතං භගවා. අඤ්‌ඤාතං සුගතාති.

“භ්‍යග්‍යවතුන් වහන්ස, මට අවබෝධ වුණා. සුගතයන් වහන්ස, මට අවබෝධ වුණා.”

යථාකථං පන ත්‌වං භික්‌ඛු, මයා සංඛිත්‌තේන භාසිතස්‌ස විත්ථාරේන අත්‌ථං ආජානාසීති?

“පින්වත් භික්ෂුව, මා විසින් අරුත් හකුළුවා පවසන ලද ධර්මයෙහි අර්ථය ඔබ විස්තර වශයෙන් තේරුම් ගතතේ කොයි ආකාරයෙන්ද?”

රූපං චේ භන්තේ, අනුසේති තං අනුමීයති. යං අනුමීයති තේන සංඛං ගච්‌ඡති. වේදනං චේ අනුසේති ….(පෙ)…. සඤ්‌ඤං චේ අනුසේති ….(පෙ)…. සංඛාරේ චේ අනුසේති ….(පෙ)…. විඤ්‌ඤාණං චේ අනුසේති තං අනුමීයති. යං අනුමීයති තේන සංඛං ගච්‌ඡති.

“ස්වාමීනී, ඉදින් රූපය අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතිනවා නම් එයට අනුව තමයි මැනීමක් ඇතිවන්නේ. යමකට අනුව මැනීමක් ඇති වෙනවා නම්, එයින් තමයි ‘මම ය, මගේ ය’ යන ආදී ගණන් ගැනීම් ඇතිවන්නේ. ඉදින් විඳීම අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතිනවා නම් ….(පෙ)…. ඉදින් සඤ්ඤාව අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතිනවා නම් ….(පෙ)…. ඉදින් සංස්කාර අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතිනවා නම් ….(පෙ)…. ඉදින් විඤ්ඤාණය අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතිනවා නම් එයට අනුව තමයි මැනීමක් ඇති වන්නේ. යමකට අනුව මැනීමක් ඇතිවෙනවා නම්, එයින් තමයි ‘මම ය, මගේ ය’ යන ආදී ගණන් ගැනීම් ඇතිවන්නේ.

රූපං චේ භන්තේ, නානුසේති න තං අනුමීයති. යං නානුමීයති න තේන සංඛං ගච්‌ඡති. වේදනං චේ නානුසේති ….(පෙ)…. සඤ්‌ඤං චේ නානුසේති ….(පෙ)…. සංඛාරේ චේ නානුසේති ….(පෙ)…. විඤ්‌ඤාණං චේ නානුසේති න තං අනුමීයති. යං නානුමීයති න තේන සංඛං ගච්‌ඡති. ඉමස්‌ස ඛෝ හං භන්තේ, භගවතා සංඛිත්‌තේන භාසිතස්‌ස ඒවං විත්ථාරේන අත්‌ථං ආජානාමීති.

ස්වාමීනී, ඉදින් රූපය අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතින්නේ නැත්නම් එයට අනුව මැනීමක් ඇතිවන්නේ නෑ. යමකට අනුව මැනීමක් ඇති වෙන්නේ නැත්නම්, එයින් ‘මම ය, මගේ ය’ යන ආදී ගණන් ගැනීම් ඇතිවන්නේ නෑ. ඉදින් විඳීම අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතින්නේ නැත්නම් ….(පෙ)…. ඉදින් සඤ්ඤාව අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතින්නේ නැත්නම් ….(පෙ)…. ඉදින් සංස්කාර අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතින්නේ නැත්නම් ….(පෙ)…. ඉදින් විඤ්ඤාණය අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතින්නේ නැත්නම් එයට අනුව මැනීමක් ඇතිවන්නේ නෑ. යමකට අනුව මැනීමක් ඇතිවන්නේ නැත්නම්, එයින් ‘මම ය, මාගේ ය’ යන ආදී ගණන් ගැනීම් ඇතිවන්නේ නෑ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් අරුත් හකුළුවා වදාරණ ලද ධර්මයෙහි අර්ථ මා ඔන්න ඔය ආකාරයටයි තේරුම් ගත්තේ.”

සාධු සාධු භික්‌ඛු. සාධු ඛෝ ත්‌වං භික්‌ඛු, මයා සංඛිත්‌තේන භාසිතස්‌ස විත්ථාරේන අත්‌ථං ආජානාසි. රූපඤ්චේ භික්‌ඛු, අනුසේති තං අනුමීයති. යං අනුමීයති තේන සංඛං ගච්‌ඡති. වේදනඤ්චේ, ….(පෙ)…. සඤ්‌ඤඤ්චේ, ….(පෙ)…. සංඛාරේ චේ, ….(පෙ)…. විඤ්‌ඤාණඤ්චේ අනුසේති තං අනුමීයති. යං අනුමීයති තේන සංඛං ගච්‌ඡති.

“සාදු! සාදු! පින්වත් භික්ෂුව, පින්වත් භික්ෂුව මා විසින් සංක්ෂේපයෙන් පවසන ලද ධර්මයෙහි අර්ථය ඔබ විස්තර වශයෙන් තේරුම් ගත් අයුරු ඉතා කදිමයි. පින්වත් භික්ෂුව, ඉදින් රූපය අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතිනවා නම් එයට අනුව තමයි මැනීමක් ඇති වන්නේ. යමකට අනුව මැනීමක් ඇති වෙනවා නම්, එයින් තමයි ‘මම ය, මගේ ය’ යන ආදී ගණන් ගැනීම් ඇතිවන්නේ. ඉදින් විඳීම අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතිනවා නම් ….(පෙ)…. ඉදින් සඤ්ඤාව අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතිනවා නම් ….(පෙ)…. ඉදින් සංස්කාර අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතිනවා නම් ….(පෙ)…. ඉදින් විඤ්ඤාණය අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතිනවා නම් එයට අනුව තමයි මැනීමක් ඇතිවන්නේ. යමකට අනුව මැනීමක් ඇති වෙනවා නම්, එයින් තමයි ‘මම ය, මගේ ය’ යන ආදී ගණන් ගැනීම ඇතිවන්නේ.

රූපඤ්චේ භික්‌ඛු, නානුසේති න තං අනුමීයති. යං නානුමීයති න තේන සංඛං ගච්‌ඡති. වේදනඤ්චේ ….(පෙ)…. සඤ්‌ඤඤ්චේ ….(පෙ)…. සංඛාරේ චේ ….(පෙ)…. විඤ්‌ඤාණඤ්චේ නානුසේති න තං අනුමීයති. යං නානුමීයති න තේන සංඛං ගච්‌ඡති. ඉමස්‌ස ඛෝ භික්‌ඛු, මයා සංඛිත්‌තේන භාසිතස්‌ස ඒවං විත්ථාරේන අත්ථෝ දට්ඨබ්බෝති.

පින්වත් භික්ෂුව, ඉදින් රූපය අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතින්නේ නැතිනම් එයට අනුව මැනීමක් ඇතිවන්නේ නෑ. යමකට අනුව මැනීමක් ඇතිවෙන්නේ නැත්නම්, එයින් ‘මම ය, මගේ ය’ යන ආදී ගණන් ගැනීම් ඇතිවන්නේ නෑ. ඉදින් විඳීම අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතින්නේ නැත්නම් ….(පෙ)…. ඉදින් සඤ්ඤාව අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතින්නේ නැත්නම් ….(පෙ)…. ඉදින් සංස්කාර අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතින්නේ නැත්නම් ….(පෙ)…. ඉදින් විඤ්ඤාණය අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් පවතින්නේ නැත්නම් එයට අනුව මැනීමක් ඇති වන්නේ නෑ. යමකට අනුව මැනීමක් ඇතිවන්නේ නැතිනම්, එයින් ‘මම ය, මගේ ය’ වන ආදී ගණන් ගැනීම් ඇතිවන්නේ නෑ. පින්වත් භික්ෂුව, මා විසින් සංක්ෂේපයෙන් පවසන ලද ධර්මයෙහි අර්ථය විස්තර වශයෙන් තේරුම් ගත යුත්තේ ඔය විදිහට තමයි.”

අථ ඛෝ සෝ භික්‌ඛු භගවතෝ භාසිතං අභිනන්‌දිත්‌වා අනුමෝදිත්‌වා උට්‌ඨායාසනා භගවන්‌තං අභිවාදෙත්‌වා පදක්‌ඛිණං කත්‌වා පක්‌කාමි. අථ ඛෝ සෝ භික්‌ඛු ඒකෝ වූපකට්‌ඨෝ අප්‌පමත්‌තෝ ආතාපී පහිතත්‌තෝ විහරන්‌තෝ ….(පෙ)…. අඤ්ඤතරෝ ච පන සෝ භික්‌ඛු අරහතං අහෝසීති.

එතකොට ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මාවවාදය සතුටින් පිළිඅරගත්තා. සතුටින් අනුමෝදන් වුණා. ආසනයෙන් නැඟිටලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. පැදකුණු කරලා පිටත් වෙලා ගියා. ඉතින් ඒ භික්ෂුව හුදෙකලා වුණා. පිරිසෙන් වෙන් වුණා. අප්‍රමාදී වුණා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුණා. දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන කොට ….(පෙ)…. ඒ භික්ෂුව එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.

සාදු! සාදු!! සාදු!!!

දුතිය භික්ඛු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M