35. සැවැත් නුවර දී ………………..
එතකොට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිය තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා හට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනවි. එතකොට මට භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා දැනගෙන හුදෙකලා වෙලා, පිරිසෙන් වෙන් වෙලා, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරිය ඇතිව, දහමට දිවි පුදා වාසය කරන්නට පුළුවනි.”
“පින්වත් භික්ෂුව, අභ්‍යන්තරික වශයෙන් යම් ක්ලේශයක් තියෙනවා නම්, ඒකෙන් තමයි ‘මම, මගේ’ යන ආදී ගණන් ගැනීම් ඇති වන්නේ. නමුත් අභ්‍යන්තරික වශයෙන් යම් ක්ලේශයක් නැත්නම්, ඒ හේතුවෙන් ‘මම, මගේ’ යන ආදී ගණන් ගැනීම් ඇතිවන්නේ නෑ.”
“භාග්‍යවතුන් වහන්ස, මට අවබෝධ වුණා. සුගතයන් වහන්ස, මට අවබෝධ වුණා.”
“පින්වත් භික්ෂුව, මා විසින් අරුත් හකුළුවා පවසන ලද ධර්මයෙහි අර්ථය ඔබ විස්තර වශයෙන් තේරුම් ගත්තේ කොයි ආකාරයෙන්ද?”
“ස්වාමීනී, ඉදින් රූපය අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් තියෙනවා නම්, අන්න ඒකෙන් තමයි ‘මම ය, මගේ ය’ යන ගණන් ගැනීම ඇතිවන්නේ. ඉදින් විඳීම අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් තියෙනවා නම්, අන්න ඒකෙන් තමයි ‘මම ය, මගේ ය’ යන ගණන් ගැනීම ඇතිවන්නේ. ඉදින් සඤ්ඤාව අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් තියෙනවා නම්, අන්න එකෙන් තමයි ‘මම ය, මගේ ය’ යන ගණන් ගැනීම ඇතිවන්නේ. ඉදින් සංස්කාර අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් තියෙනවා නම්, අන්න ඒකෙන් තමයි ‘මම ය, මගේ ය’ යන ගණන් ගැනීම ඇතිවන්නේ. ඉදින් විඤ්ඤාණය අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් තියෙනවා නම්, අන්න ඒකෙන් තමයි ‘මම ය, මගේ ය’ යන ගණන් ගැනීම ඇතිවන්නේ.
එහෙත් ස්වාමීනී, ඉදින් රූපය අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් නැත්නම්, ඒ හේතුවෙන් ‘මම ය, මගේ ය’ යන ගණන් ගැනීම ඇතිවන්නේ නෑ. ඉදින් විඳීම අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් නැත්නම්, ඒ හේතුවෙන් ‘මම ය, මගේ ය’ යන ගණන් ගැනීම ඇතිවන්නේ නෑ. ඉදින් සඤ්ඤාව අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් නැත්නම්, ඒ හේතුවෙන් ‘මම ය, මගේ ය’ යන ගණන් ගැනීම ඇතිවන්නේ නෑ. ඉදින් සංස්කාර අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් නැත්නම්, ඒ හේතුවෙන් ‘මම ය, මගේ ය’ යන ගණන් ගැනීම ඇතිවන්නේ නෑ. ඉදින් විඤ්ඤාණය අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් නැත්නම්, ඒ හේතුවෙන් ‘මම ය, මගේ ය’ යන ගණන් ගැනීම ඇතිවන්නේ නෑ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් අරුත් හකුළුවා වදාරණ ලද ධර්මයෙහි අර්ථය මා ඔන්න ඔය ආකාරයට යි තේරුම් තත්තේ.”
“සාදු! සාදු!! පින්වත් භික්ෂුව. පින්වත් භික්ෂුව, මා විසින් සංක්ෂේපයෙන් පවසන ලද ධර්මයෙහි අර්ථය ඔබ විස්තර වශයෙන් තේරුම් ගත් අයුරු ඉතා කදිමයි. පින්වත් භික්ෂුව, ඉදින් රූපය අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් තියෙනවා නම්, අන්න ඒකෙන් තමයි ‘මම ය, මගේ ය’ යන ගණන් ගැනීම ඇතිවන්නේ. ඉදින් විඳීම අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් තියෙනවා නම්, ….(පෙ)…. ඉදින් සඤ්ඤාව අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් තියෙනවා නම්, ….(පෙ)…. ඉදින් සංස්කාර අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් තියෙනවා නම්, ….(පෙ)…. ඉදින් විඤ්ඤාණය අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් තියෙනවා නම්, අන්න ඒකෙන් තමයි ‘මම ය, මගේ ය’ යන ගණන් ගැනීම ඇතිවන්නේ.
පින්වත් භික්ෂුව, ඉදින් රූපය අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් නැත්නම්, ඒ හේතුවෙන් ‘මම ය, මගේ ය’ යන ගණන් ගැනීම ඇතිවන්නේ නෑ. ඉදින් විඳීම ….(පෙ)…. ඉදින් සඤ්ඤාව ….(පෙ)…. ඉදින් සංස්කාර ….(පෙ)…. ඉදින් විඤ්ඤාණය අභ්‍යන්තරික ක්ලේශයක් වශයෙන් නැත්නම්, ඒ හේතුවෙන් ‘මම ය, මගේ ය’ යන ගණන් ගැනීම ඇතිවන්නේ නෑ. පින්වත් භික්ෂුව, මා විසින් සංක්ෂේපයෙන් පවසන ලද ධර්මයෙහි අර්ථය විස්තර වශයෙන් තේරුම් ගත යුත්තේ ඔය විදිහට තමයි.”
එතකොට ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මාවවාදය සතුටින් පිළි අරගත්තා. සතුටින් අනුමෝදන් වුණා. ආසනයෙන් නැඟිටලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. පැදකුණු කරලා පිටත් වෙලා ගියා. ඉතින් ඒ භික්ෂුව හුදෙකලා වුණා. පිරිසෙන් වෙන් වුණා. අප්‍රමාදී වුණා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුණා. දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන කොට යම් කුලපුත්‍රයෙක් යම්කිසි බලාපොරොත්තුවකින් ගිහි ජීවිතය අත් හැරලා බුදු සසුනේ පැවිදි වුණා ද, අන්න ඒ උත්තරීතර බඹසර පූර්ණත්වය වන අමා නිවන මේ ජීවිතයෙහි දී ම විශේෂ ඤාණයකින් යුතුව අවබෝධ කරගෙන පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. ආයෙමත් නම් වෙන උපතක් නැතැ’යි අවබෝධ වුණා. ඒ භික්ෂුව එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා.
සාදු! සාදු!! සාදු!!!
පඨම භික්ඛු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M