34. සැවැත් නුවර දී ………………………..
පින්වත් මහණෙනි, යමක් ඔබේ නොවේ නම්, ඒ දෙය අත්හරින්න. එය ඔබට ප්‍රහීණ වෙලා ගියහම හිත සුව පිණිස පවතීවි.
පින්වත් මහණෙනි, ඔබේ නොවන දෙය කුමක්ද?
පින්වත් මහණෙනි, රූපය ඔබේ නොවේ. එය අත්හරින්න. එය ඔබට ප්‍රහාණය වෙලා ගියහම හිත සුව පිණිස පවතීවි. විඳීම ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය ඔබේ නොවේ. එය අත්හරින්න. එය ඔබට ප්‍රහාණය වෙලා ගියහම හිත සුව පිණිස පවතීවි.
පින්වත් මහණෙනි, යමක් ඔබේ නොවේ නම්, ඒ දෙය අත්හරින්න. එය ඔබට ප්‍රහීණ වෙලා ගියහම හිත සුව පිණිස පවතීවි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය න තුම්හාක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M