33. සැවැත් නුවර දී …………………
එකල්හී භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂු සංඝයා අමතා වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා ද “පින්වත් වහන්සැ”යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළා.
පින්වත් මහණෙනි, යමක් ඔබේ නොවේ නම්, ඒ දෙය අත්හරින්න. එතකොට ඒක ඔබට ප්‍රහාණය වෙලා ගියහම හිත සුව පිණිස පවතීවි.
පින්වත් මහණෙනි, ඔබේ නොවන දෙය කුමක්ද?
පින්වත් මහණෙනි, රූපය ඔබේ නොවේ. එය අත්හරින්න. එය ඔබට ප්‍රහාණය වෙලා ගියහම සිත සුව පිණිස පවතීවි. විඳීම ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය ඔබේ නොවේ. එය අත්හරින්න. එය ඔබට ප්‍රහාණය වෙලා ගියහම හිත සුව පිණිස පවතීවි.
පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. මේ ජේතවනයෙහි යම් තණකොළ, ලී කැබැලි, දර අතු, දළුකොළ ආදියක් ඇත්නම්, ජනතාව ඒවා අරගෙන යනවා නම්, පුළුස්සා දමනවා නම්, ඒවාට කැමැති දෙයක් කරනවා නම් එතකොට ඔබට මේ විදිහටද හිතන්නේ? “අහෝ! ජනතාව අපව අරගෙන යනවා. අපව පුළුස්සා දමනවා. ඔවුන් කැමැති කැමැති දේ අපට කරනවා” කියල? ස්වාමීනී, එය නොවේ ම යි.
එයට හේතුව කුමක්ද?
ස්වාමීනී, අපට ඒවා ගැන “තමා” කියල හෝ “තමාට අයත්” කියලා හෝ හැඟීමක් නෑ.
පින්වත් මහණෙනි, ඔය විදිහට ම රූපය ඔබේ නොවේ. ඒ රූපය අත්හරින්න. එය ප්‍රහාණය වෙලා ගියහම ඔබට හිත සුව පිණිස පවතීවි. විඳීම ඔබේ නොවේ ….(පෙ)…. සඤ්ඤාව ඔබේ නොවේ ….(පෙ)…. සංස්කාර ඔබේ නොවේ ….(පෙ)…. විඤ්ඤාණය ඔබේ නොවේ. ඒ විඤ්ඤාණය අත්හරින්න. එය ප්‍රහාණය වෙලා ගියහම ඔබට හිත සුව පිණිස පවතීවි.
සාදු! සාදු!! සාදු!!!
පඨම න තුම්හාක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M