සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.3.11. පභංගු සුත්තං

1.1.3.11. වහා බිඳෙන සුළු දෙය ගැන වදාළ දෙසුම

32. සාවත්ථියං.

32. සැවැත් නුවර දී ………………..

පභං‌ගුඤ්‌ච වෝ ඛෝ භික්ඛවේ, දේසිස්සාමි අප්‌පභං‌ගුඤ්‌ච. තං සුණාථ. ….(පෙ)….

පින්වත් මහණෙනි, මා ඔබට දේශනා කරන්නට යන්නේ වහා බිඳෙන සුළු දෙයත්, නොබිඳෙන දෙයත් ගැනයි. එයට සවන් යොමු කොට අසන්න ….(පෙ)….

කිඤ්‌ච භික්ඛවේ පභං‌ගු, කිං අප්‌පභං‌ගු? රූපං භික්ඛවේ පභං‌ගු. යෝ තස්‌ස නිරෝධෝ වූපසමෝ අත්ථංගමෝ, ඉදං අප්‌පභං‌ගු. වේදනා පභං‌ගු. යෝ තස්‌සා නිරෝධෝ වූපසමෝ අත්ථංගමෝ, ඉදං අප්‌පභං‌ගු. සඤ්‌ඤා පභං‌ගු, යෝ තස්‌සා නිරෝධෝ වූපසමෝ අත්ථංගමෝ, ඉදං අප්‌පභං‌ගු. සංඛාරා පභං‌ගු. යෝ තේසං නිරෝධෝ වූපසමෝ අත්ථංගමෝ, ඉදං අප්‌පභං‌ගු. විඤ්‌ඤාණං පභං‌ගු. යෝ තස්‌ස නිරෝධෝ වූපසමෝ අත්ථංගමෝ, ඉදං අප්‌පභං‌ගූති.

පින්වත් මහණෙනි, වහා බිඳෙන සුළු දෙය කුමක්ද? නොබිඳෙන දෙය කුමක්ද? පින්වත් මහණෙනි, වහා බිඳෙන සුළු දෙය රූපයයි. ඒ රූපයේ යම් නිරුද්ධ වීමක් ඇද්ද, සංසිඳීමක් ඇද්ද, නැති වී යෑමක් ඇද්ද මෙය තමයි නොබිඳීම. වහා බිඳෙන සුළු දෙය විඳීමයි. ඒ විඳීමෙහි යම් නිරුද්ධ වීමක් ඇද්ද, සංසිඳීමක් ඇද්ද, නැති වී යෑමක් ඇද්ද මෙය තමයි නොබිඳීම. වහා බිඳෙන සුළු දෙය සඤ්ඤාවයි. ඒ සඤ්ඤාවෙහි යම් නිරුද්ධ වීමක් ඇද්ද, සංසිඳීමක් ඇද්ද, නැති වී යෑමක් ඇද්ද මෙය තමයි නොබිඳීම. වහා බිඳෙන සුළු දෙය සංස්කාරයි. ඒ සංස්කාරවල යම් නිරුද්ධ වීමක් ඇද්ද, සංසිඳීමක් ඇද්ද, නැති වී යෑමක් ඇද්ද මෙය තමයි නොබිඳීම. වහා බිඳෙන සුළු දෙය විඤ්ඤාණයයි. ඒ විඤ්ඤාණයෙහි යම් නිරුද්ධ වීමක් ඇද්ද, සංසිඳීමක් ඇද්ද, නැති වී යෑමක් ඇද්ද මෙය තමයි නොබිඳීම.

සාදු! සාදු!! සාදු!!!

පභංගු සූත්‍රය නිමා විය.

භාරවග්ගෝ තතියෝ.

තුන්වෙනි භාර වර්ගය අවසන් විය.

තස්‌සුද්‌දානං –

එහි පිළිවෙල උද්දානයයි :

භාරං පරිඤ්‌ඤං අභිජානං, ඡන්‌දරාගේන තයෝ ච අස්‌සාදා
අභිනන්‌දන ච උප්‌පාදෝ අඝමූලං පභං‌ගු චාති.

භාර සූත්‍රය, පරිඤ්ඤා සූත්‍රය, අභිජාන සූත්‍රය, ඡන්දරාග සූත්‍රය, අස්සාද සූත්‍ර තුන, අභිනන්දන සූත්‍රය, උප්පාද සූත්‍රය, අඝමූල සූත්‍රය, පභංගු සූත්‍රය යන මෙයින් මෙම වර්ගය සමන්විතයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-3-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M