සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.3.10. අඝමූල සුත්තං

1.1.3.10. දුකේ මුල ගැන වදාළ දෙසුම

31. සාවත්ථියං.

31. සැවැත් නුවර දී ………………….

අඝඤ්‌ච ඛෝ භික්ඛවේ, දේසිස්සාමි අඝමූලඤ්‌ච. තං සුණාථ. ….(පෙ)….

පින්වත් මහණෙනි, මා ඔබට දේශනා කරන්නට යන්නේ දුක ගැනත්, දුකට මුල් වූ දේ ගැනත් ය. එයට සවන් යොමු කොට අසන්න ….(පෙ)….

කතමඤ්‌ච භික්ඛවේ අඝං? රූපං භික්ඛවේ අඝං, වේදනා අඝං, සඤ්‌ඤා අඝං, සංඛාරා අඝං, විඤ්‌ඤාණං අඝං. ඉදං වුච්‌චති, භික්ඛවේ අඝං.

පින්වත් මහණෙනි, දුක යනු කුමක්ද? පින්වත් මහණෙනි, රූපය යනු දුකයි. විඳීම යනු දුකයි. සඤ්ඤාව යනු දුකයි. සංස්කාර යනු දුකයි. විඤ්ඤාණය යනු දුකයි. පින්වත් මහණෙනි, දුක කියා කියන්නේ මෙයටයි.

කතමඤ්‌ච භික්ඛවේ, අඝමූලං? යායං තණ්‌හා පෝනෝභවිකා නන්දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‌දිනී. සෙය්‍යථීදං. කාමතණ්‌හා, භවතණ්‌හා, විභවතණ්‌හා. ඉදං වුච්‌චති භික්ඛවේ, අඝමූලන්‌ති.

පින්වත් මහණෙනි, දුකෙහි මුල කුමක්ද? නැවත භවයක් සකස් කරදෙන ආශ්වාදනීය රාගයෙන් යුක්ත වූ, ඒ ඒ තැන සතුටින් පිළිගන්නා ස්වභාවයෙන් යුක්ත වූ යම් මේ තණ්හාවක් ඇද්ද එයයි. ඒ කියන්නේ කාමය පිළිබඳ තණ්හාවත්, භව තණ්හාවත්, විභව තණ්හාවත් කියන මෙයයි. පින්වත් මහණෙනි, ඔන්න ඕකට තමයි දුකෙහි මුල කියලා කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

අඝමූල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M