සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.3.9. උප්පාද සුත්තං

1.1.3.9. හටගැනීම ගැන වදාළ දෙසුම

30. සාවත්ථියං….

30. සැවැත් නුවර දී ………………

යෝ භික්ඛවේ, රූපස්‌ස උප්පාදෝ ඨිති අභිනිබ්‌බත්‌ති පාතුභාවෝ , දුක්‌ඛස්‌සේසෝ උප්පාදෝ රෝගානං ඨිති ජරාමරණස්‌ස පාතුභාවෝ. යෝ වේදනාය උප්පාදෝ ….(පෙ)…. යෝ සඤ්‌ඤාය උප්පාදෝ ….(පෙ)…. යෝ සංඛාරානං උප්පාදෝ ….(පෙ)…. යෝ විඤ්‌ඤාණස්‌ස උප්පාදෝ ඨිති අභිනිබ්‌බත්‌ති පාතුභාවෝ, දුක්‌ඛස්‌සේසෝ උප්පාදෝ රෝගානං ඨිති ජරාමරණස්‌ස පාතුභාවෝ.

පින්වත් මහණෙනි, රූපයෙහි යම් හටගැනීමක් ඇද්ද, යම් පැවැත්මක් ඇද්ද, යම් විශේෂ උපතක් ඇද්ද, යම් පහළ වීමක් ඇද්ද, එය වනාහී දුකේ හට ගැනීමයි. රෝගයන්ගේ පැවැත්මයි. ජරා මරණයේ පහළ වීමයි. විඳීමෙහි යම් හටගැනීමක් ඇද්ද ….(පෙ)…. සඤ්ඤාවෙහි යම් හටගැනීමක් ඇද්ද ….(පෙ)…. සංස්කාරවල යම් හටගැනීමක් ඇද්ද ….(පෙ)…. විඤ්ඤාණයෙහි යම් හටගැනීමක් ඇද්ද, යම් පැවැත්මක් ඇද්ද, යම් විශේෂ උපතක් ඇද්ද, යම් පහළ වීමක් ඇද්ද, එය වනාහී දුකේ හටගැනීමයි. රෝගයන්ගේ පැවැත්මයි. ජරා මරණයේ පහළ වීමයි.

යෝ ච ඛෝ භික්ඛවේ, රූපස්‌ස නිරෝධෝ වූපසමෝ අත්ථංගමෝ, දුක්‌ඛස්‌සේසෝ නිරෝධෝ රෝගානං වූපසමෝ ජරාමරණස්‌ස අත්ථංගමෝ. යෝ වේදනාය නිරෝධෝ ….(පෙ)…. යෝ සඤ්‌ඤාය නිරෝධෝ ….(පෙ)…. යෝ සංඛාරානං නිරෝධෝ ….(පෙ)…. යෝ විඤ්‌ඤාණස්‌ස නිරෝධෝ වූපසමෝ අත්ථංගමෝ, දුක්‌ඛස්‌සේසෝ නිරෝධෝ රෝගානං වූපසමෝ ජරාමරණස්‌ස අත්ථංගමෝති.

පින්වත් මහණෙනි, රූපයෙහි යම් නිරුද්ධවීමක් ඇද්ද, සංසිඳීමක් ඇද්ද, නැතිවී යෑමක් ඇද්ද, එය වනාහී දුකෙහි නිරුද්ධ වීමයි. රෝගයන්ගේ සංසිඳීමයි. ජරාමරණයේ නැතිවී යෑමයි. වීඳීමෙහි යම් නිරුද්ධවීමක් ඇද්ද ….(පෙ)…. සඤ්ඤාවෙහි යම් නිරුද්ධවීමක් ඇද්ද ….(පෙ)…. සංස්කාරවල යම් නිරුද්ධවීමක් ඇද්ද ….(පෙ)…. විඤ්ඤාණයෙහි යම් නිරුද්ධවීමක් ඇද්ද, සංසිඳීමක් ඇද්ද, නැතිවී යෑමක් ඇද්ද, එය වනාහී දුකෙහි නිරුද්ධ වීමයි. රෝගයන්ගේ සංසිඳීමයි. ජරාමරණයේ නැතිවී යෑමයි.

සාදු! සාදු!! සාදු!!!

උප්පාද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M