29. සැවැත් නුවර දී ……………………
පින්වත් මහණෙනි, කවුරුන් හෝ කෙනෙක් රූපය සතුටින් පිළිගන්නවා නම්, ඔහු සතුටින් පිළිගන්නේ දුකයි. ඉතින් යමෙක් සතුටින් පිළිගන්නේ දුක නම්, ඔහු දුකෙන් නිදහස් නොවුණ කෙනෙක් කියලයි මා කියන්නේ. කවුරුන් හෝ කෙනෙක් විඳීම සතුටින් පිළිගන්නවා නම් ….(පෙ)…. කවුරුන් හෝ කෙනෙක් සඤ්ඤාව සතුටින් පිළිගන්නවා නම් ….(පෙ)…. කවුරුන් හෝ කෙනෙක් සංස්කාර සතුටින් පිළිගන්නවා නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, කවුරුන් හෝ කෙනෙක් විඤ්ඤාණය සතුටින් පිළිගන්නවා නම්, ඔහු සතුටින් පිළිගන්නේ දුකයි. ඉතින් යමෙක් සතුටින් පිළිගන්නේ දුක නම්, ඔහු දුකෙන් නිදහස් නොවුණ කෙනෙක් කියලයි මා කියන්නේ.
පින්වත් මහණෙනි, කවුරුන් හෝ කෙනෙක් රූපය සතුටින් පිළිගන්නේ නැත්නම්, ඔහු සතුටින් නොපිළිගන්නේ දුකයි. ඉතින් යමෙක් දුක සතුටින් පිළිගන්නේ නැත්නම්, ඔහු දුකෙන් නිදහස් වුණ කෙනෙක් කියලයි මා කියන්නේ. කවුරුන් හෝ කෙනෙක් විඳීම සතුටින් පිළිගන්නේ නැත්නම් ….(පෙ)…. කවුරුන් හෝ කෙනෙක් සඤ්ඤාව සතුටින් පිළිගන්නේ නැත්නම් ….(පෙ)…. කවුරුන් හෝ කෙනෙක් සංස්කාර සතුටින් පිළිගන්නේ නැත්නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, කවුරුන් හෝ කෙනෙක් විඤ්ඤාණය සතුටින් පිළිගන්නේ නැත්නම්, ඔහු සතුටින් නොපිළිගන්නේ දුකයි. ඉතින් යමෙක් දුක සතුටින් පිළිගන්නේ නැත්නම්, ඔහු දුකෙන් නිදහස් වුණ කෙනෙක් කියලයි මා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
අභිනන්දන සූත්‍රය නිමා විය
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M