සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.4.10. චතුත්ථ අනුධම්ම සුත්තං

1.1.4.10. ධර්මානුකූල වූ දෙය ගැන වදාළ සිව්වෙනි දෙසුම

42. සාවත්ථියං.

42. සැවැත් නුවර දී ………………………

ධම්‌මානුධම්‌මපටිපන්‌නස්‌ස භික්ඛවේ, භික්ඛුනෝ අයමනුධම්‌මෝ හෝති.

පින්වත් මහණෙනි, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදී සිටින භික්ෂුවගේ ධර්මානුකුලභාවය මෙයයි.

යං රූපේ අනත්‌තානුපස්‌සී විහරෙය්‍ය, වේදනාය….(පෙ)…. සඤ්‌ඤාය….(පෙ)…. සංඛාරේසු ….(පෙ)…. විඤ්ඤාණේ අනත්‌තානුපස්‌සී විහරෙය්‍ය. යෝ රූපේ අනත්‌තානුපස්‌සී විහරන්‌තෝ වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය….(පෙ)…. සංඛාරේසු ….(පෙ)…. විඤ්ඤාණේ අනන්තානුපස්සී විහරන්තෝ රූපං පරිජානාති. වේදනංපරිජානාති. සඤ්‌ඤං පරිජානාති. සංඛාරේ පරිජානාති. විඤ්‌ඤාණං පරිජානාති. සෝ රූපං පරිජානං, වේදනං පරිජානං, සඤ්‌ඤං පරිජානං, සංඛාරේ පරිජානං, විඤ්‌ඤාණං පරිජානං. පරිමුච්‌චති රූපම්‌හා, පරිමුච්චති වේදනාය, පරිමුච්‌චති සඤ්‌ඤාය, පරිමුච්‌චති සංඛාරේහි, පරිමුච්චති විඤ්‌ඤාණම්‌හා, පරිමුච්‌චති ජාතියා ජරාමරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්‌සේහි උපායාසේහි, පරිමුච්‌චති දුක්‌ඛස්‌මාති වදාමීති.

යම් හෙයකින් රූපය පිළිබඳව අනාත්මය දකිමින් වාසය කරනවා නම්, විඳීම ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය පිළිබඳව අනාත්මය දකිමින් වාසය කරනවා නම්, එතකොට රූපය පිළිබඳව අනාත්මය දකිමින් වාසය කරන ඒ භික්ෂුව වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය පිළිබඳව අනාත්මය දකිමින් වාසය කරද්දී රූපය පිරිසිඳ අවබෝධ කරනවා. විඳීම ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය පිරිසිඳ අවබෝධ කරනවා. එතකොට ඔහු රූපය පිරිසිඳ දැක, විඳීම ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය පිරිසිඳ දැක රූපයෙන් නිදහස් වෙනවා. විඳීමෙන් නිදහස් වෙනවා. සඤ්ඤාවෙන් නිදහස් වෙනවා. සංස්කාරවලින් නිදහස් වෙනවා. විඤ්ඤාණයෙන් නිදහස් වෙනවා. ඉපදීමෙන්, ජරාමරණයෙන්, සෝකයෙන්, වැළපීමෙන්, දුක්දොම්නස් සුසුම් හෙළීම්වලින් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා කියලයි මා කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

චතුත්ථ අනුධම්ම සූත්‍රය නිමා විය.

නතුම්‌හාක වග්ගෝ චතුත්‌ථෝ.

හතරවෙනි න තුම්හාක වර්ගය අවසන් විය.

තස්‌සුද්‌දානං –

එහි පිළිවෙල උද්දානයයි :

නතුම්‌හාකේන ද්‌වේ වුත්‌තා, භික්‌ඛූහි අපරේ දුවේ.
ආනන්‌දේන දුවේ වුත්‌තා, අනුධම්‌මේහි ද්‌වේ දුකාති.

න තුම්හාක සූත්‍ර දෙක, භික්ඛු සූත්‍ර දෙක, ආනන්ද සූත්‍ර දෙක, අනුධම්ම සූත්‍ර හතර යන මෙයින් මෙම වර්ගය සමන්විත වෙයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M