27. සැවැත් නුවර දී ……………….
පින්වත් මහණෙනි, මා පරියේෂණ කරමින් ගියේ රූපයෙහි ඇති ආශ්වාදය පිළිබඳවයි. ඉතින් රූපයෙහි යම් ආශ්වාදයක් තියෙනවා නම්, එය මට අවබෝධ වුණා. රූපයේ ආශ්වාදය යම්තාක් ඇද්ද, මා එය මනාව දැක ගත්තේ ප්‍රඥාවෙනුයි. පින්වත් මහණෙනි, මා පරියේෂණ කරමින් ගියේ රූපයෙහි ඇති ආදීනවය පිළිබඳවයි. ඉතින් රූපයෙහි යම් ආදීනවයක් තියෙනවා නම්, එය මට අවබෝධ වුණා. රූපයෙහි ආදීනවය යම්තාක් ඇද්ද, මා එය මනාව දැකගත්තේ ප්‍රඥාවෙනුයි. පින්වත් මහණෙනි, මා පරියේෂණ කරමින් ගියේ රූපයෙහි ඇති නිස්සරණය පිළිබඳවයි. ඉතින් රූපයෙහි යම් නිස්සරණයක් තියෙනවා නම්, එය මට අවබෝධ වුණා. රූපයෙහි නිස්සරණය යම්තාක් ඇද්ද, මා එය මනාව දැකගත්තේ ප්‍රඥාවෙනුයි.
පින්වත් මහණෙනි, මා පරියේෂණ කරමින් ගියේ විඳීමෙහි ඇති ආශ්වාදය පිළිබඳවයි ….(පෙ)…. පින්වත් මහණෙනි, මා පරියේෂණ කරමින් ගියේ සඤ්ඤාවෙහි ඇති ආශ්වාදය පිළිබඳවයි ….(පෙ)…. පින්වත් මහණෙනි, මා පරියේෂණ කරමින් ගියේ සංස්කාරවල ඇති ආශ්වාදය පිළිබඳවයි ….(පෙ)…. පින්වත් මහණෙනි, මා පරියේෂණ කරමින් ගියේ විඤ්ඤාණයෙහි ඇති ආශ්වාදය පිළිබඳවයි. ඉදින් විඤ්ඤාණයෙහි යම් ආශ්වාදයක් තියෙනවා නම්, එය මට අවබෝධ වුණා. විඤ්ඤාණයෙහි ආශ්වාදය යම්තාක් ඇද්ද, මා එය මනාව දැකගත්තේ ප්‍රඥාවෙනුයි. පින්වත් මහණෙනි, මා පරියේෂණ කරමින් ගියේ විඤ්ඤාණයෙහි ඇති ආදීනවය පිළිබඳවයි. ඉදින් විඤ්ඤාණයෙහි යම් ආදීනවයක් තියෙනවා නම්, එය මට අවබෝධ වුණා. විඤ්ඤාණයෙහි ආදීනවය යම්තාක් ඇද්ද, මා එය මනාව දැකගත්තේ ප්‍රඥාවෙනුයි. පින්වත් මහණෙනි, මා පරියේෂණ කරමින් ගියේ විඤ්ඤාණයෙහි ඇති නිස්සරණය පිළිබඳවයි. ඉදින් විඤ්ඤාණයෙහි යම් නිස්සරණයක් තියෙනවා නම්, එය මට අවබෝධ වුණා. විඤ්ඤාණයෙහි නිස්සරණය යම්තාක් ඇද්ද, මා එය මනාව දැකගත්තේ ප්‍රඥාවෙනුයි.
පින්වත් මහණෙනි, මා යම්තාක් කලක් මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් ඒ වූ ස්වභාවයෙන්ම අවබෝධ කළේ නැද්ද, පින්වත් මහණෙනි, ඒ තාක් කල්ම මා දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ, මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළ වගට ප්‍රතිඥා දුන්නේ නෑ.
පින්වත් මහණෙනි, මා යම් දිනෙක මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් ඒ වූ ස්වභාවයෙන්ම අවබෝධ කරගත්තා ද, පින්වත් මහණෙනි, එතකොටයි මා දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ, මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළ වගට ප්‍රතිඥා දුන්නේ. මා තුළ ඥානදර්ශනය පහළ වුණා. මගේ චිත්තවිමුක්තිය නොවෙනස් වන දෙයක්. මේක මාගේ අවසාන උපතයි. ආයෙත් නම් දැන් පුනර්භවයක් නෑ.
සාදු! සාදු!! සාදු!!!
දුතිය අස්සාද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M