සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.3.4. ඡන්දරාග සුත්තං

1.1.3.4. ඡන්දරාගය ගැන වදාළ දෙසුම

25. සාවත්ථියං…

25. සැවැත් නුවර දී ………………..

යෝ භික්ඛවේ, රූපස්‌මිං ඡන්‌දරාගෝ තං පජහථ. ඒවං තං රූපං පහීනං භවිස්‌සති උච්‌ඡින්‌නමූලං තාලාවත්‌ථුකතං අනභාවකතං ආයතිං අනුප්‌පාදධම්‌මං.

පින්වත් මහණෙනි, රූපය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම්, අන්න එය අත්හැර දමන්න. ඒ විදිහටයි ඒ රූපය ප්‍රහාණය වෙලා, මුලින්ම සිඳිලා, කරටිය සිඳුණු තල් ගසක් වගේ වෙලා, අභාවයට පත් වෙලා, ආයෙ කවදාවත් හට නොගන්නා ස්වභාවයට පත්වෙලා යන්නේ.

යෝ වේදනාය ඡන්‌දරාගෝ තං පජහථ. ඒවං සා වේදනා පහීනා භවිස්‌සති උච්‌ඡින්‌නමූලා තාලාවත්‌ථුකතා අනභාවකතා ආයතිං අනුප්‌පාදධම්‌මා.

විඳීම කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම්, අන්න එය අත්හැර දමන්න. ඒ විදිහටයි ඒ විඳීම ප්‍රහාණය වෙලා, මුලින්ම සිඳිලා, කරටිය සිඳුණු තල් ගසක් වගේ වෙලා, අභාවයට පත් වෙලා, ආයෙ කවදාවත් හට නොගන්නා ස්වභාවයට පත් වෙලා යන්නෙ.

යෝ සඤ්‌ඤාය ඡන්‌දරාගෝ තං පජහථ. ….(පෙ)…. යෝ සංඛාරේසු ඡන්‌දරාගෝ තං පජහථ. ඒවං තේ සංඛාරා පහීනා භවිස්‌සන්‌ති උච්‌ඡින්‌නමූලා තාලාවත්‌ථුකතා අනභාවකතා ආයතිං අනුප්‌පාදධම්‌මා.

සඤ්ඤාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම්, අන්න එය අත්හැර දමන්න ….(පෙ)…. සංස්කාර කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් අන්න එය අත්හැර දමන්න. ඒ විදිහටයි ඒ සංස්කාර ප්‍රහාණය වෙලා, මුලින්ම සිඳිලා, කරටිය සිඳුණු තල් ගසක් වගේ වෙලා, අභාවයට පත් වෙලා, ආයෙ කවදාවත් හට නොගන්නා ස්වභාවයට පත් වෙලා යන්නේ.

යෝ විඤ්‌ඤාණස්‌මිං ඡන්‌දරාගෝ තං පජහථ. ඒවං තං විඤ්‌ඤාණං පහීනං භවිස්‌සති උච්‌ඡින්‌නමූලං තාලාවත්‌ථුකතං අනභාවකතං ආයතිං අනුප්‌පාදධම්‌මන්‌ති.

විඤ්ඤාණය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම්, අන්න එය අත්හැර දමන්න. ඒ විදිහටයි ඒ විඤ්ඤාණය ප්‍රහාණය වෙලා, මුලින්ම සිඳිලා, කරටිය සිඳුණු තල් ගසක් වගේ වෙලා, අභාවයට පත් වෙලා, ආයෙ කවදාවත් හට නොගන්නා ස්වභාවයට පත් වෙලා යන්නේ.

සාදු! සාදු!! සාදු!!!

ඡන්දරාග සූත්‍රය නිමා විය

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M