24. සැවැත් නුවර දී …………….
පින්වත් මහණෙනි, රූපය ගැඹුරින් අවබෝධ නොකොට, පිරිසිඳ අවබෝධ නොකොට, එහි ඇල්ම දුරු නොකොට, එහි ඇල්ම බැහැර නොකොට දුක් ක්ෂය කරදැමීම නම් විය හැකි දෙයක් නොවෙයි. විඳීම ගැඹුරින් අවබෝධ නොකොට ….(පෙ)…. සඤ්ඤාව ගැඹුරින් අවබෝධ නොකොට ….(පෙ)…. සංස්කාර ගැඹුරින් අවබෝධ නොකොට ….(පෙ)…. විඤ්ඤාණය ගැඹුරින් අවබෝධ නොකොට, පිරිසිඳ අවබෝධ නොකොට, එහි ඇල්ම දුරු නොකොට, එහි අල්ම බැහැර නොකොට දුක් ක්ෂය කරදැමීම නම් විය හැකි දෙයක් නොවෙයි.
පින්වත් මහණෙනි, රූපය ගැඹුරින් අවබෝධ කොට, පිරිසිඳ අවබෝධ කොට, එහි ඇල්ම දුරු කොට, එහි ඇල්ම බැහැර කොට දුක් ක්ෂය කරදැමීම නම් විය හැකි දෙයක්. විඳීම ගැඹුරින් අවබෝධ කොට ….(පෙ)…. සඤ්ඤාව ගැඹුරින් අවබෝධ කොට ….(පෙ)…. සංස්කාර ගැඹුරින් අවබෝධ කොට ….(පෙ)…. විඤ්ඤාණය ගැඹුරින් අවබෝධ කොට, පිරිසිඳ අවබෝධ කොට, එහි ඇල්ම දුරු කොට, එහි ඇල්ම බැහැර කොට දුක් ක්ෂය කරදැමීම නම් විය හැකි දෙයක්.
සාදු! සාදු!! සාදු!!!
අභිජාන සූත්‍රය නිමා විය
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M