23. සැවැත් නුවර දී ………………..
පින්වත් මහණෙනි, මා දේශනා කරන්නට යන්නේ පිරිසිඳ දත යුතු ධර්මයන් ගැනත්, පිරිසිඳ දැකීම ගැනත් ය. එය සවන් යොමා අසන්න ….(පෙ)….
පින්වත් මහණෙනි, පිරිසිඳ දත යුතු දෙය යනු කුමක්ද? පින්වත් මහණෙනි, රූපය යනු පිරිසිඳ දත යුතු දෙයකි. විඳීම යනු පිරිසිඳ දත යුතු දෙයකි. සඤ්ඤාව යනු පිරිසිඳ දත යුතු දෙයකි. සංස්කාර යනු පිරිසිඳ දත යුතු දෙයකි. විඤ්ඤාණය යනු පිරිසිඳ දත යුතු දෙයකි. පින්වත් මහණෙනි, පිරිසිඳ දත යුතු දෙය කියා කියන්නේ මෙයටයි.
පින්වත් මහණෙනි, පිරිසිඳ ගැනීම යනු කුමක්ද? පින්වත් මහණෙනි, රාගයේ යම් ක්ෂය වීමක් ඇද්ද, ද්වේෂයේ යම් ක්ෂය වීමක් ඇද්ද, මෝහයේ යම් ක්ෂය වීමක් ඇද්ද, පින්වත් මහණෙනි, පිරිසිඳ දැනීම කියා කියන්නේ මෙයටයි.
සාදු! සාදු!! සාදු!!!
පරිඤ්ඤා සූත්‍රය නිමා විය
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M