20. සැවැත් නුවර දී ………………
පින්වත් මහණෙනි, රූපය කියන්නේ අනාත්ම දෙයක්. රූපයක ඉපදීමට හේතුවන්නා වූ ප්‍රත්‍ය වන්නා වූ යම් දෙයක් ඇත්නම් අන්න ඒ දෙයත් අනාත්මයි. පින්වත් මහණෙනි, අනාත්ම දෙයින් හටගත්තා වූ රූපය කොහොම නම් ආත්මයක් වන්නටද? වේදනාව කියන්නෙත් අනාත්ම දෙයක් ….(පෙ)…. සඤ්ඤාව කියන්නෙත් අනාත්ම දෙයක් ….(පෙ)…. සංස්කාර කියන්නෙත් අනාත්ම දෙයක් ….(පෙ)…. විඤ්ඤාණය කියන්නේ අනාත්ම දෙයක්. විඤ්ඤාණයක ඉපදීමට හේතුවන්නා වූ ප්‍රත්‍ය වන්නා වූ යම් දෙයක් ඇත්නම් අන්න ඒ දෙයත් අනාත්මයි. පින්වත් මහණෙනි, අනාත්ම දෙයින් හටගත්තා වූ විඤ්ඤාණය කොහොම නම් ආත්මයක් වන්නටද?
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට යථාර්ථය දකිද්දී රූපය ගැනත් අවබෝධයෙන්ම කලකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන්ම කලකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන්ම කලකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන්ම කලකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන්ම කලකිරෙනවා. කලකිරුණහම ඒ කෙරෙහි සිත ඇලෙන්නේ නෑ. නොඇලෙනකොට සිත එයින් නිදහස් වෙනවා. නිදහස් වුණාම නිදහස් වූ බවට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධය ඇති වෙනවා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළයුතු නිවන් මඟ සම්පූර්ණ කළා. ඒ වෙනුවෙන් කළ යුතු වෙන කිසිවක නැති වගට’ අවබෝධ කරගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
තතිය හේතු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M