සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.2.8. දුතිය හේතු සුත්තං

1.1.2.8. හේතු පිළිබඳ වදාළ දෙවෙනි දෙසුම

19. සාවත්ථියං.

19. සැවැත් නුවර දී ………………

රූපං භික්ඛවේ දුක්‌ඛං. යෝපි හේතු යෝපි පච්‌චයෝ රූපස්‌ස උප්‌පාදාය, සෝපි දුක්ඛෝ. දුක්‌ඛසම්‌භූතං භික්ඛවේ රූපං, කුතෝ සුඛං භවිස්‌සති. වේදනා දුක්‌ඛා ….(පෙ)…. සඤ්‌ඤා දුක්‌ඛා ….(පෙ)…. සංඛාරා දුක්‌ඛා ….(පෙ)…. විඤ්‌ඤාණං දුක්‌ඛං. යෝපි හේතු යෝපි පච්‌චයෝ විඤ්‌ඤාණස්‌ස උප්‌පාදාය, සෝපි දුක්ඛෝ. දුක්‌ඛසම්‌භූතං භික්ඛවේ, විඤ්‌ඤාණං කුතෝ සුඛං භවිස්‌සති.

පින්වත් මහණෙනි, රූපය කියන්නේ දුක් දෙයක්. රූපයක ඉපදීමට හේතුවන්නා වූ ප්‍රත්‍ය වන්නා වූ යම් දෙයක් ඇත්නම් අන්න ඒ දෙයත් දුකයි. පින්වත් මහණෙනි, දුක් දෙයින් හටගත්තා වූ රූපය කොහොම නම් සැපයක් වන්නටද? වේදනාව කියන්නෙත් දුක් දෙයක් ….(පෙ)…. සඤ්ඤාව කියන්නෙත් දුක් දෙයක් ….(පෙ)…. සංස්කාර කියන්නෙත් දුක් දෙයක් ….(පෙ)…. විඤ්ඤාණය කියන්නෙත් දුක් දෙයක්. විඤ්ඤාණයක ඉපදීමට හේතුවන්නා වූ ප්‍රත්‍ය වන්නා වූ යම් දෙයක් ඇත්නම් අන්න ඒ දෙයත් දුකයි. පින්වත් මහණෙනි, දුක් දෙයින් හටගත්තා වූ විඤ්ඤාණය කොහොම නම් සැපයක් වන්නටද?

ඒවං පස්‌සං භික්ඛවේ ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

පින්වත් මහණෙනි, ඔය විදිහට යථාර්ථය අවබෝධ කරගන්නා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ….(පෙ)…. ඒ වෙනුවෙන් කළ යුතු වෙන කිසිවක් නැති වගට අවබෝධ කරගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

දුතිය හේතු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M