18. සැවැත් නුවර දී ………………
පින්වත් මහණෙනි, රූපය කියන්නේ අනිත්‍ය දෙයක්. රූපයක ඉපදීමට හේතුවන්නා වූ ප්‍රත්‍ය වන්නා වූ යම් දෙයක් ඇත්නම් අන්න ඒ දෙයත් අනිත්‍යයි. පින්වත් මහණෙනි, අනිත්‍ය දෙයින් හටගත්තා වූ රූපය කොහොම නම් නිත්‍ය වන්නටද? වේදනාව කියන්නේ අනිත්‍ය දෙයක් ….(පෙ)…. සඤ්ඤාව කියන්නෙත් අනිත්‍ය දෙයක් ….(පෙ)…. සංස්කාර කියන්නෙත් අනිත්‍ය දෙයක් ….(පෙ)…. විඤ්ඤාණය කියන්නේ අනිත්‍ය දෙයක්. විඤ්ඤාණයක ඉපදීමට හේතුවන්නා වූ ප්‍රත්‍ය වන්නා වූ යම් දෙයක් ඇත්නම් අන්න ඒ දෙයත් අනිත්‍යයි. පින්වත් මහණෙනි, අනිත්‍ය දෙයින් හටගත්තා වූ විඤ්ඤාණය කොහොම නම් නිත්‍ය වන්නටද?
පින්වත් මහණෙනි, ඔය විදිහට යථාර්ථය අවබෝධ කරගන්නා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ….(පෙ)…. ඒ වෙනුවෙන් කළ යුතු වෙන කිසිවක් නැති වගට අවබෝධ කරගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
පඨම හේතු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M