සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.2.6. යදනත්ත සුත්තං

1.1.2.6. “යමක් අනාත්ම නම්” යනුවෙන් වදාළ දෙසුම

17. සාවත්ථියං.

17. සැවැත් නුවර දී ………………

රූපං භික්ඛවේ අනත්‌තා. යදනත්‌තා තං ‘නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තා’ති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං. වේදනා අනත්‌තා ….(පෙ)…. සඤ්‌ඤා අනත්‌තා ….(පෙ)…. සංඛාරා අනත්‌තා ….(පෙ)…. විඤ්‌ඤාණං අනත්‌තා. යදනත්‌තා තං ‘නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තා’ති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං.

පින්වත් මහණෙනි, රූපය කියන්නේ තමාට රිසි පරිදි පවත්වන්නට බැරි දෙයක් (එය අනාත්ම දෙයක්). යමක් අනාත්ම නම්, ඒ දෙය ‘මේක මගේ නොවේ, මේක මමත් නොවේ, මේක මගේ ආත්මයත් නොවේ’ කියල ඔය ආකාරයෙන්ම දියුණු කරපු ප්‍රඥාවෙන් අවබෝධ කරන්නට ඕන. වේදනාව කියන්නෙත් අනාත්ම දෙයක් ….(පෙ)…. සඤ්ඤාව කියන්නෙත් අනාත්ම දෙයක් ….(පෙ)…. සංස්කාර කියන්නෙත් අනාත්ම දෙයක්. විඤ්ඤාණය කියන්නේ තමාට රිසි පරිදි පවත්වන්නට බැරි දෙයක් (එය අනාත්ම දෙයක්). යමක් අනාත්ම නම්, ඒ දෙය ‘මේක මගේ නොවේ, මේක මමත් නොවේ, මේක මගේ ආත්මයත් නොවේ’ කියල ඔය ආකාරයෙන්ම දියුණු කරපු ප්‍රඥාවෙන් අවබෝධ කරන්නට ඕන.

ඒවං පස්‌සං භික්ඛවේ ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

පින්වත් මහණෙනි, ඔය විදිහට යථාර්ථය දකිනා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා. ….(පෙ)…. ඒ වෙනුවෙන් කළ යුතු වෙන කිසිවක් නැති වගට අවබෝධ කරගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

යදනත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M