16. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, රූපය කියන්නේ දුක් දෙයක්. යමක් දුක නම්, ඒක තමාට රිසි පරිදි පවත්වන්නට බැරි දෙයක් (එය අනාත්ම දෙයක්). යමක් අනාත්ම නම්, ඒ දෙය ‘මේක මගේ නොවේ, මේක මමත් නොවේ, මේක මගේ ආත්මයත් නොවේ’ කියල ඔය ආකාරයෙන්ම දියුණු කරපු ප්රඥාවෙන් අවබෝධ කරන්නට ඕන. වේදනාව කියන්නෙත් දුක් දෙයක් ….(පෙ)…. සඤ්ඤාව කියන්නෙත් දුක් දෙයක් ….(පෙ)…. සංස්කාර කියන්නෙත් දුක් දෙයක්. විඤ්ඤාණය කියන්නේ දුක් දෙයක්. යමක් දුක නම්, ඒක තමාට රිසි පරිදි පවත්වන්නට බැරි දෙයක් (එය අනාත්ම දෙයක්). යමක් අනාත්ම නම්, ඒ දෙය ‘මේක මගේ නොවේ, මේක මමත් නොවේ, මේක මගේ ආත්මයත් නොවේ’ කියල ඔය ආකාරයෙන්ම දියුණු කරපු ප්රඥාවෙන් අවබෝධ කරන්නට ඕන.
පින්වත් මහණෙනි, ඔය විදිහට යථාර්ථය දකිනා ශ්රැතවත් ආර්ය ශ්රාවකයා ….(පෙ)…. ඒ වෙනුවෙන් කළ යුතු වෙන කිසිවක් නැති වගට අවබෝධ කරගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
යංදුක්ඛ සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M