15. සැවැත් නුවර දී ………………..
පින්වත් මහණෙනි, රූපය කියන්නේ අනිත්‍ය දෙයක්. යමක් අනිත්‍ය නම්, ඒක දුකක්. යමක් දුක නම්, තමාට රිසි පරිදි පවත්වන්නට බැරි දෙයක් (එය අනාත්ම දෙයක්). යමක් අනාත්ම නම්, ඒ දෙය ‘මේක මගේ නොවේ, මේක මමත් නොවේ, මේක මගේ ආත්මයත් නොවේ’ කියල ඔය ආකාරයෙන්ම දියුණු කරපු ප්‍රඥාවෙන් අවබෝධ කරන්නට ඕන.
වේදනාව කියන්නෙත් අනිත්‍ය දෙයක් ….(පෙ)…. සඤ්ඤාව කියන්නෙත් අනිත්‍ය දෙයක් ….(පෙ)…. සංස්කාර කියන්නෙත් අනිත්‍ය දෙයක්. විඤ්ඤාණය කියන්නේ අනිත්‍ය දෙයක්. යමක් අනිත්‍ය නම්, ඒක දුකක්. යමක් දුක නම්, තමාට රිසි පරිදි පවත්වන්නට බැරි දෙයක් (එය අනාත්ම දෙයක්). යමක් අනාත්ම නම්, ඒ දෙය ‘මේක මගේ නොවේ, මේක මමත් නොවේ, මේක මගේ ආත්මයත් නොවේ’ කියල ඔය ආකාරයෙන්ම දියුණු කරපු ප්‍රඥාවෙන් අවබෝධ කරන්නට ඕන.
පින්වත් මහණෙනි, ඔය විදිහට යථාර්ථය දකිනා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපය කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙනවා ….(පෙ)…. ඒ වෙනුවෙන් කළ යුතු වෙන කිසිවක් නැති වගට අවබෝධ කරගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
යදනිච්ච සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M