සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.2.10. ආනන්ද සුත්තං

1.1.2.10. ආනන්ද තෙරුන්ට වදාළ දෙසුම

21. සාවත්‌ථියං.

21. සැවැත් නුවර දී ………………..

අථ ඛෝ ආයස්‌මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා ආනන්දෝ භගවන්‌තං ඒතදවෝච.

ඉතින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පවසා සිටියා.

‘නිරෝධෝ නිරෝධෝ’ති භන්තේ, වුච්‌චති. කතමේසානං ඛෝ භන්තේ, ධම්‌මානං නිරෝධා නිරෝධෝති වුච්‌චතීති?

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ‘නිරෝධය, නිරෝධය’ කියල කියනවා. ඉතින් ස්වාමීනී, කවර දේවල්වල නිරෝධයකටද නිරෝධය කියල කියන්නේ?”

රූපං ඛෝ ආනන්‌ද, අනිච්‌චං සංඛතං පටිච්‌චසමුප්‌පන්‌නං ඛයධම්‌මං වයධම්‌මං විරාගධම්‌මං නිරෝධධම්‌මං. තස්‌ස නිරෝධා නිරෝධෝති වුච්‌චති. වේදනා අනිච්‌චා ….(පෙ)…. තස්‌සා නිරෝධා නිරෝධෝති වුච්‌චති. සඤ්‌ඤා අනිච්චා ….(පෙ)…. තස්‌සා නිරෝධා නිරෝධෝති වුච්‌චති. සංඛාරා අනිච්‌චා ….(පෙ)…. තේසං නිරෝධා නිරෝධෝති වුච්‌චති. විඤ්‌ඤාණං අනිච්‌චං සංඛතං පටිච්‌චසමුප්‌පන්‌නං ඛයධම්‌මං වයධම්‌මං විරාගධම්‌මං නිරෝධධම්‌මං. තස්‌ස නිරෝධා නිරෝධෝති වුච්‌චතීති.

“පින්වත් ආනන්ද, රූපය කියල කියන්නේ අනිත්‍ය දෙයක්. සකස්වෙච්ච දෙයක්. හේතුඵල දහම තුළ හටගත් දෙයක්. ගෙවීයන ස්වභාවයට අයිති දෙයක්. නැසීයන ස්වභාවයට අයිති දෙයක්. නොඇලිය යුතු ස්වභාවයට අයිති දෙයක්. ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයට අයිති දෙයක්. අන්න ඒ රූපයේ නිරුද්ධ වීම හේතු කරගෙන ‘නිරෝධය’ කියල කියනවා. වේදනාව කියන්නෙත් අනිත්‍ය දෙයක් ….(පෙ)…. අන්න ඒ වේදනාවේ නිරුද්ධ වීම හේතු කරගෙන ‘නිරෝධය’ කියල කියනවා. සඤ්ඤාව කියන්නෙත් අනිත්‍ය දෙයක් ….(පෙ)…. අන්න ඒ සඤ්ඤාවේ නිරුද්ධ වීම හේතු කරගෙන ‘නිරෝධය’ කියල කියනවා. සංස්කාර කියන්නෙත් අනිත්‍ය දෙයක් ….(පෙ)…. අන්න ඒ සංස්කාරවල නිරුද්ධ වීම හේතු කරගෙන ‘නිරෝධය’ කියල කියනවා. විඤ්ඤාණය කියල කියන්නෙ අනිත්‍ය දෙයක්. සකස්වෙච්ච දෙයක්. හේතුඵල දහම තුළ හටගත් දෙයක්. ගෙවීයන ස්වභාවයට අයිති දෙයක්. නැසීයන ස්වභාවයට අයිති දෙයක්. නොඇලිය යුතු ස්වභාවයට අයිති දෙයක්. ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයට අයිති දෙයක්. අන්න ඒ විඤ්ඤාණයේ නිරුද්ධ වීම හේතු කරගෙන ‘නිරෝධය’ කියල කියනවා.

ඉමේසං ඛෝ ආනන්‌ද, ධම්‌මානං නිරෝධා නිරෝධෝති වුච්‌චතීති.

පින්වත් ආනන්ද, ඔන්න ඔය දේවල්වල නිරුද්ධ වීමට තමයි ‘නිරෝධය’ කියල කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

ආනන්ද සූත්‍රය නිමා විය.

අනිච්‌චවග්ගෝ දුතියෝ.

දෙවෙනි අනිච්ච වර්ගය අවසන් විය.

තස්‌සුද්‌දානං.

එහි පිළිවෙල උද්දානයයි :

අනිච්‌චං දුක්‌ඛං අනත්‌තා, යදනිච්‌චාපරේ තයෝ.
හේතුනාපි තයෝ වුත්‌තා, ආනන්‌දේන පූරිතෝ වග්ගෝ.

අනිච්ච සූත්‍රය, දුක්ඛ සූත්‍රය, අනත්ත සූත්‍රය, යදනිච්චාදී සූත්‍ර තුන, හේතු සූත්‍ර තුන, ආනන්ද සූත්‍රය යන දෙසුම්වලින් මේ වර්ගය සම්පූර්ණ වෙනවා.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M