සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.2.1. අනිච්ච සුත්තං

1.1.2.1. අනිත්‍ය පිළිබඳව වදාළ දෙසුම

12. සාවත්‌ථියං.

12. සැවැත් නුවර දී ………………

රූපං භික්ඛවේ අනිච්‌චං, වේදනා අනිච්‌චා, සඤ්‌ඤා අනිච්‌චා, සංඛාරා අනිච්‌චා, විඤ්‌ඤාණං අනිච්‌චං. ඒවං පස්‌සං භික්ඛවේ, සුතවා අරියසාවකෝ රූපස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, වේදනායපි නිබ්‌බින්‌දති, සඤ්‌ඤායපි නිබ්‌බින්‌දති, සංඛාරේසුපි නිබ්‌බින්‌දති, විඤ්‌ඤාණස්‌මිම්‌පි නිබ්‌බින්‌දති. නිබ්‌බින්‌දං විරජ්‌ජති. විරාගා විමුච්‌චති. විමුත්‌තස්‌මිං විමුත්‌තමිති ඤාණං හෝති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්‌මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

පින්වත් මහණෙනි, රූපය යනු අනිත්‍ය දෙයක්. වේදනාව කියන්නෙත් අනිත්‍ය දෙයක්. සඤ්ඤාව කියන්නෙත් අනිත්‍ය දෙයකටයි. සංස්කාරත් අනිත්‍යයි. විඤ්ඤාණය කියන්නෙත් අනිත්‍ය දෙයකටයි. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට යථාර්ථය දකිද්දී රූපය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන්ම කලකිරෙනවා. කලකිරුණහම ඒ කෙරෙහි සිත ඇලෙන්නේ නෑ. නොඇලෙනකොට සිත එයින් නිදහස් වෙනවා. නිදහස් වුණාම නිදහස් වූ බවට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධය ඇති වෙනවා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළයුතු නිවන් මඟ සම්පූර්ණ කළා. ඒ වෙනුවෙන් කළයුතු වෙන කිසිවක් නැති වගට’ අවබෝධ කරගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

අනිච්ච සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M