11. සැවැත් නුවර දී ………………….
පින්වත් මහණෙනි, අතීත වූත්, අනාගත වූත් රූපය අනාත්මයි. එනිසා මේ වර්තමාන රූපයේ අනාත්ම බව පිළිබඳව කවර කතාද? පින්වත් මහණෙනි, ඔය විදිහට නුවණින් දකිනා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා අතීතයට ගිය රූපය කෙරෙහි අපේක්ෂා රහිත වෙනවා. අනාගත රූපය පිළිගන්නේ නෑ. වර්තමාන රූපය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවෙහි යෙදෙනවා.
අතීත වූත්, අනාගත වූත් වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. අතීත වූත්, අනාගත වූත් විඤ්ඤාණය අනාත්මයි. එනිසා මේ වර්තමාන විඤ්ඤාණයේ අනාත්ම බව පිළිබඳව කවර කතාද? පින්වත් මහණෙනි, ඔය විදිහට නුවණින් දකිනා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා අතීතයට ගිය විඤ්ඤාණය කෙරෙහි අපේක්ෂා රහිත වෙනවා. අනාගත විඤ්ඤාණය පිළිගන්නේ නෑ. වර්තමාන විඤ්ඤාණය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවෙහි යෙදෙනවා.
සාදු! සාදු!! සාදු!!!
තතිය අතීතානාගත සූත්‍රය නිමා විය.
පළමුවෙනි නකුලපිතු වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
නකුලපිතු සූත්‍රය, දේවදහ සූත්‍රය, හාලිද්දිකානි සූත්‍ර දෙක, සමාධි භාවනා සූත්‍රය, පටිසල්ලාන සූත්‍රය, උපදාපරිතස්සනා සූත්‍ර දෙක, අතීත අනාගත සූත්‍ර තුන යන මෙයින් මේ වර්ගය සමන්විත වෙනවා.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M