සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.1.10. දුතිය අතීතානාගත සුත්තං

1.1.1.10. අතීත අනාගත පිළිබඳව වදාළ දෙවෙනි දෙසුම

10. සාවත්ථියං.

10. සැවැත් නුවර දී ………………

රූපං භික්ඛවේ, දුක්‌ඛං අතීතානාගතං. කෝ පන වාදෝ පච්‌චුප්‌පන්‌නස්‌ස. ඒවං පස්‌සං භික්ඛවේ, සුතවා අරියසාවකෝ අතීතස්‌මිං රූපස්‌මිං අනපේඛෝ හෝති. අනාගතං රූපං නාභිනන්‌දති. පච්‌චුප්‌පන්‌නස්‌ස රූපස්‌ස නිබ්‌බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. වේදනා දුක්‌ඛා ….(පෙ)…. සඤ්‌ඤා දුක්‌ඛා ….(පෙ)…. සංඛාරා දුක්‌ඛා ….(පෙ)…. විඤ්‌ඤාණං දුක්‌ඛං අතීතානාගතං. කෝ පන වාදෝ පච්‌චුප්‌පන්‌නස්‌ස. ඒවං පස්‌සං භික්ඛවේ, සුතවා අරියසාවකෝ අතීතස්‌මිං විඤ්‌ඤාණස්‌මිං අනපේඛෝ හෝති. අනාගතං විඤ්‌ඤාණං නාභිනන්‌දති. පච්‌චුප්‌පන්‌නස්‌ස විඤ්‌ඤාණස්‌ස නිබ්‌බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝතීති.

පින්වත් මහණෙනි, අතීත වූත්, අනාගත වූත් රූපය දුකයි. එනිසා මේ වර්තමාන රූපයේ දුක් බව පිළිබඳව කවර කතාද? පින්වත් මහණෙනි, ඔය විදිහට නුවණින් දකිනා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා අතීතයට ගිය රූපය කෙරෙහි අපේක්ෂා රහිත වෙනවා. අනාගත රූපය පිළිගන්නේ නෑ. වර්තමාන රූපය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවෙහි යෙදෙනවා.

අතීත වූත්, අනාගත වූත් වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. අතීත වූත්, අනාගත වූත් විඤ්ඤාණය දුකයි. එනිසා මේ වර්තමාන විඤ්ඤාණයේ දුක් බව පිළිබඳව කවර කතාද? පින්වත් මහණෙනි, ඔය විදිහට නුවණින් දකිනා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා අතීතයට ගිය විඤ්ඤාණය කෙරෙහි අපේක්ෂා රහිත වෙනවා. අනාගත විඤ්ඤාණය පිළිගන්නේ නෑ. වර්තමාන විඤ්ඤාණය පිළිබඳව අවබෝධයෙන්ම කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවෙහි යෙදෙනවා.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අතීතානාගත සූත්‍රය නිමා විය

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M