9. සැවැත් නුවර දී ……………
පින්වත් මහණෙනි, අතීත වූත්, අනාගත වූත් රූපය අනිත්‍යයි. එනිසා මේ වර්තමාන රූපයේ අනිත්‍ය බව පිළිබඳව කවර කතාද? පින්වත් මහණෙනි, ඔය විදිහට නුවණින් දකිනා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා අතීතයට ගිය රූපය කෙරෙහි අපේක්ෂා රහිත (මධ්‍යස්ථ) වෙනවා. අනාගත රූපය පිළිගන්නේ නෑ. වර්තමාන රූපය පිළිබඳව අවබෝධයෙන්ම කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවෙහි යෙදෙනවා.
අතීත වූත්, අනාගත වූත් වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. අතීත වූත් අනාගත වූත් විඤ්ඤාණය අනිත්‍යයි. එනිසා මේ වර්තමාන විඤ්ඤාණයේ අනිත්‍ය බව පිළිබඳව කවර කතාද? පින්වත් මහණෙනි, ඔය විදිහට නුවණින් දකිනා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා අතීතයට ගිය විඤ්ඤාණය කෙරෙහි අපේක්ෂා රහිත (මධ්‍යස්ථ) වෙනවා. අනාගත විඤ්ඤාණය පිළිගන්නේ නෑ. වර්තමාන විඤ්ඤාණය පිළිබඳව අවබෝධයෙන්ම කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවෙහි යෙදෙනවා.
සාදු! සාදු!! සාදු!!!
පඨම අතීතානාගත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M