සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.1.8. දුතිය උපාදාපරිතස්සනා සුත්තං

1.1.1.8. බැඳීයාම නිසා දුක් තැති ගැනීම් ඇති වීම ගැන වදාළ දෙවැනි දෙසුම

8. සාවත්ථියං.

8. සැවැත් නුවර දී …………….

උපාදාපරිතස්‌සනඤ්‌ච වෝ භික්ඛවේ, දේසිස්සාමි අනුපාදා අපරිතස්‌සනඤ්‌ච. තං සුණාථ ….(පෙ)….

පින්වත් මහණෙනි, මා ඔබට බැඳීයාමෙන් දුක් තැතිගැනීම් ඇතිවීමත් නොබැඳීමෙන් දුක් තැති ගැනීම් නොමැතිවීමත් පවසන්නම්. එය හොඳින් අසා ගන්න. මනාකොට නුවණින් විමසන්න. මා කියා දෙන්නම්. “එසේය ස්වාමීනී” කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළා.

කථඤ්‌ච භික්ඛවේ, උපාදාපරිතස්‌සනා හෝති?

පින්වත් මහණෙනි, බැඳීයාමෙන් දුක් තැතිගැනීම් ඇතිවන්නේ කොහොමද?

ඉධ භික්ඛවේ, අස්‌සුතවා පුථුජ්ජනෝ රූපං ‘ඒතං මම, ඒසෝහමස්‌මි, ඒසෝ මේ අත්‌තා’ති සමනුපස්‌සති. තස්‌ස තං රූපං විපරිණමති අඤ්‌ඤථා හෝති. තස්‌ස රූපවිපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා. වේදනං ….(පෙ)…. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්‌ඤාණං ‘ඒතං මම, ඒසෝහමස්‌මි, ඒසෝ මේ අත්‌තා’ති සමනුපස්‌සති. තස්‌ස තං විඤ්‌ඤාණං විපරිණමති අඤ්‌ඤථා හෝති. තස්‌ස විඤ්‌ඤාණවිපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා. ඒවං ඛෝ භික්ඛවේ, උපාදාපරිතස්‌සනා හෝති.

පින්වත් මහණෙනි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජනයා රූපය ගැන මුලාවෙන් දකින්නේ ‘මෙය මගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ වසඟයෙහි පවත්වාගත හැකි දෙයක් (මෙය මගේ ආත්මය)’ වශයෙනුයි. එනමුදු ඔහුගේ ඒ රූපය විවිධ වෙනස්වීම්වලට බඳුන් වෙනවා. වෙනත් ස්වභාවයන්ට පත්වෙනවා. ඔහුගේ ඒ රූපය විවිධ වෙනස්වීම්වලට බඳුන් වීම නිසා වෙනත් ස්වභාවයකට පත්වීම නිසා ඔහු තුළ සෝක වැළපීම් දුක් දොම්නස් උපායාස ඇති වෙනවා. වේදනා පිළිබඳව ….(පෙ)…. සඤ්ඤාව පිළිබඳව ….(පෙ)…. සංස්කාර පිළිබඳව ….(පෙ)…. විඤ්ඤාණය ගැන මුලාවෙන් දකින්නේ ‘මෙය මාගේ ය. මෙය මම වෙමි, මෙය මාගේ වසඟයෙහි පවත්වාගත හැකි දෙයක් (මෙය මාගේ ආත්මය)’ වශයෙනුයි. එනමුදු ඔහුගේ ඒ විඤ්ඤාණය විවිධ වෙනස්වීම්වලට බඳුන් වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. එවිට ඔහුගේ ඒ විඤ්ඤාණය විවිධ වෙනස්වීම්වලට බඳුන් වීම නිසා වෙනත් ස්වභාවයකට පත්වීම නිසා ඔහු තුළ සෝක වැළපීම් දුක් දොම්නස් උපායාස ඇති වෙනවා. පින්වත් මහණෙනි, ඔය ආකාරයටයි බැඳීයාමෙන් දුක් තැති ගැනීම් ඇතිවන්නේ.

කථඤ්‌ච භික්ඛවේ, අනුපාදාඅපරිතස්‌සනා හෝති? ඉධ භික්ඛවේ, සුතවා අරියසාවකෝ රූපං ‘නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තා’ති සමනුපස්‌සති. තස්‌ස තං රූපං විපරිණමති අඤ්‌ඤථා හෝති. තස්‌ස රූපවිපරිණාමඤ්‌ඤථාභාවා නූප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා. වේදනං ….(පෙ)…. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්‌ඤාණං ‘නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තා’ති සමනුපස්‌සති. තස්‌ස විඤ්‌ඤාණවිපරිණාමඤ්‌ඤථාභාවා නූප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා. ඒවං ඛෝ භික්ඛවේ, අනුපාදාඅපරිතස්‌සනා හෝතීති.

පින්වත් මහණෙනි, නොබැඳීමෙන් දුක් තැතිගැනීම් ඇති නොවන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහි ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා රූපය ගැන නුවණින් දකින්නේ ‘මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි, මෙය මගේ වසඟයෙහි පවත්වාගත හැකි දෙයක් නොවේ (මෙය මාගේ ආත්මය නොවේ)’ වශයෙනුයි. ඉතින් ඔහුගේ ඒ රූපයත් විවිධ වෙනස්වීම්වලට බඳුන් වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. නමුත් ඔහුගේ ඒ රූපය විවිධ වෙනස්වීම්වලට බඳුන්වීම හේතුවෙන් වෙනත් ස්වභාවයන්ට පත්වීම හේතුවෙන් ඔහු තුළ සෝක වැළපීම් දුක් දොම්නස් උපායාස හටගන්නෙ නෑ. වේදනාව ගැන ….(පෙ)…. සඤ්ඤාව ගැන ….(පෙ)…. සංස්කාර ගැන ….(පෙ)…. විඤ්ඤාණය ගැන නුවණින් දකින්නේ ‘මෙය මගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මගේ වසඟයෙහි පවත්වාගත හැකි දෙයක් නොවේ (මෙය මාගේ ආත්මය නොවේ)’ වශයෙනුයි. ඔහුගේ ඒ විඤ්ඤාණයත් විවිධ වෙනස්වීම්වලට බඳුන් වෙනවා. වෙනත් ස්වභාවයන්ට පත්වෙනවා. නමුත් ඔහුගේ ඒ විඤ්ඤාණය විවිධ වෙනස්වීම්වලට බඳුන් වීම හේතුවෙන් වෙනත් ස්වභාවයන්ට පත්වීම හේතුවෙන් ඔහු තුළ සෝක වැළපීම් දුක් දොම්නස් උපායාස හටගන්නේ නෑ. පින්වත් මහණෙනි, ඔය ආකාරයටයි නොබැඳීමෙන් දුක් තැති ගැනීම් ඇති නොවන්නේ.

සාදු! සාදු!! සාදු!!!

දුතිය උපාදාපරිතස්සනා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M