සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.1.7. පඨම උපාදාපරිතස්සනා සුත්තං

1.1.1.7. බැඳීයාම නිසා දුක් තැති ගැනීම් ඇති වීම ගැන පළමු වදාළ දෙසුම

7. සාවත්‌ථියං.

7. සැවැත් නුවර දී …………

උපාදාපරිතස්‌සනඤ්‌ච වෝ භික්ඛවේ, දේසිස්‌සාමි අනුපාදා අපරිතස්‌සනඤ්‌ච. තං සුණාථ, සාධුකං මනසිකරෝථ. භාසිස්‌සාමීති. ඒවං භන්තේති ඛෝ තේ භික්‌ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

පින්වත් මහණෙනි, මා ඔබට බැඳීම නිසා දුක් තැතිගැනීම් ඇතිවීමත් නොබැඳීම නිසා දුක් තැති ගැනීම් නොමැතිවීමත් පවසන්නම්. එය හොඳින් අසා ගන්න. මනාකොට නුවණින් විමසන්න. මා කියා දෙන්නම්. “එසේය, ස්වාමීනී” කියා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළා.

කථඤ්‌ච, භික්ඛවේ, උපාදාපරිතස්‌සනා හෝති?

පින්වත් මහණෙනි, බැඳීයාමෙන් දුක් තැති ගැනීම් ඇතිවන්නේ කොහොමද?

ඉධ භික්ඛවේ, අස්‌සුතවා පුථුජ්ජනෝ අරියානං අදස්‌සාවී අරියධම්‌මස්‌ස අකෝවිදෝ අරියධම්‌මේ අවිනීතෝ, සප්‌පුරිසානං අදස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස අකෝවිදෝ සප්‌පුරිසධම්‌මේ අවිනීතෝ, රූපං අත්තතෝ සමනුපස්‌සති, රූපවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා රූපං, රූපස්‌මිං වා අත්‌තානං. තස්‌ස තං රූපං විපරිණමති අඤ්‌ඤථා හෝති. තස්‌ස රූපවිපරිණාමඤ්‌ඤථාභාවා රූපවිපරිණාමානුපරිවත්‌ති විඤ්‌ඤාණං හෝති. තස්‌ස රූපවිපරිණාමානුපරිවත්‌තිජා පරිතස්‌සනා ධම්‌මසමුප්‌පාදා චිත්‌තං පරියාදාය තිට්‌ඨන්‌ති. චේතසෝ පරියාදානා උත්‌තාසවා ච හෝති විඝාතවා ච අපෙක්‌ඛවා ච. උපාදාය ච පරිතස්‌සති.

පින්වත් මහණෙනි, මෙහිලා අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නෑ. ආර්ය ධර්මය තේරුම් ගන්න දක්ෂත් නෑ. ආර්ය ධර්මයෙහි හික්මිලත් නෑ. ඔහු සත්පුරුෂයන් වහන්සේලා හඳුනන්නේ නෑ. සත්පුරුෂ ධර්මය තේරුම් ගන්න දක්ෂත් නෑ. සත්පුරුෂ ධර්මයෙහි හික්මිලත් නෑ. ඒ නිසා ඔහු (සතර මහා ධාතූන්ගෙන් හටගන්නා වූ) රූපය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය රූපයෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි රූපය තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ රූපය තුළයි කියලා. නමුත් ඔහුගේ ඒ රූපය විවිධ වෙනස්කම්වලට පත්වෙනවා. වෙනත් ස්වභාවයන්ට පත්වෙනවා. ඉතින් ඔහුගේ ඒ රූපය විවිධ වෙනස්වීම්වලට, වෙනත් ස්වභාවයනට පත්වෙද්දී ඔහුගේ විඤ්ඤාණය ද විවිධ වෙනස්වීම්වලට, වෙනත් ස්වභාවයනට පත්වෙන්නා වූ ඒ රූපයට අනුව පරිවර්තනය වෙනවා. එතකොට ඒ විවිධ වෙනස්වීම්වලට බඳුන්වන රූපයට අනුව පෙරලුන සිතින් හටගත් දුක් තැති ගැනීම්මයි ඔහුගේ සිත යටකරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒ සිතට යටවෙලා තැති ගන්නවා. දුක් වෙනවා. අපේක්ෂාවෙන් ඉන්නවා. බැඳීම නිසයි දුකින් තැති ගන්නේ.

වේදනං අත්තතෝ සමනුපස්‌සති, වේදනාවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා වේදනං, වේදනාය වා අත්‌තානං. තස්‌ස සා වේදනා විපරිණමති අඤ්‌ඤථා හෝති. තස්‌ස වේදනාවිපරිණාමඤ්‌ඤථාභාවා වේදනාවිපරිණාමානුපරිවත්‌ති විඤ්‌ඤාණං හෝති. තස්‌ස වේදනාවිපරිණාමානුපරිවත්‌තිජා පරිතස්‌සනා ධම්‌මසමුප්‌පාදා චිත්‌තං පරියාදාය තිට්‌ඨන්‌ති. චේතසෝ පරියාදානා උත්‌තාසවා ච හෝති විඝාතවා ච අපෙක්‌ඛවා ච. උපාදාය ච පරිතස්‌සති.

ඒ වගේම ඔහු (ස්පර්ශයෙන් හටගන්නා වූ) විඳීම ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය විඳීමෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි විඳීම තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ විඳීම තුළයි කියලා. නමුත් ඔහුගේ ඒ වේදනාව විවිධ වෙනස්වීම්වලට පත් වෙනවා. වෙනත් ස්වභාවයනට පත්වෙනවා. ඉතින් ඔහුගේ ඒ වේදනාව විවිධ වෙනස්වීම් වලට, වෙනත් ස්වභාවයනට පත්වෙනකොට ඔහුගේ විඤ්ඤාණය ද විවිධ වෙනස්වීම්වලට, වෙනත් ස්වභාවයනට පත්වෙන්නා වූ ඒ වේදනාවට අනුව පරිවර්තනය වෙනවා. එතකොට ඒ විවිධ වෙනස්වීම්වලට බඳුන්වන වේදනාවට අනුව පෙරලුන සිතින් හටගත් දුක් තැති ගැනීම්මයි ඔහුගේ සිත යටකරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒ සිතට යටවෙලා තැති ගන්නවා. දුක් වෙනවා. අපේක්ෂාවෙන් ඉන්නවා. බැඳීම නිසයි දුකින් තැති ගන්නේ.

සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ අත්තතෝ සමනුපස්‌සති, සංඛාරවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා සංඛාරේ, සංඛාරේසු වා අත්‌තානං. තස්‌ස තේ සංඛාරා විපරිණමන්‌ති අඤ්‌ඤථා හොන්‌ති. තස්‌ස සංඛාරානංවිපරිණාමඤ්‌ඤථාභාවා සංඛාරවිපරිණාමානුපරිවත්‌ති විඤ්‌ඤාණං හෝති. තස්‌ස සංඛාරවිපරිණාමානුපරිවත්‌තිජා පරිතස්‌සනා ධම්‌මසමුප්‌පාදා චිත්‌තං පරියාදාය තිට්‌ඨන්‌ති. චේතසෝ පරියාදානා උත්‌තාසවා ච හෝති විඝාතවා ච අපෙක්‌ඛවා ච. උපාදාය ච පරිතස්‌සති.

ඔහු සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය සංස්කාරවලින් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි සංස්කාර තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ සංස්කාර තුළයි කියලා. නමුත් ඔහුගේ ඒ සංස්කාර විවිධ වෙනස්වීම්වලට පත් වෙනවා. වෙනත් ස්වභාවයනට පත්වෙනවා. ඉතින් ඔහුගේ ඒ සංස්කාර විවිධ වෙනස්වීම් වලට, වෙනත් ස්වභාවයනට පත්වෙනකොට ඔහුගේ විඤ්ඤාණය ද විවිධ වෙනස්වීම්වලට, වෙනත් ස්වභාවයනට පත්වෙන්නා වූ ඒ සංස්කාරවලට අනුව පරිවර්තනය වෙනවා. එතකොට ඒ විවිධ වෙනස්වීම්වලට බඳුන්වන සංස්කාරවලට අනුව පෙරලුන සිතින් හටගත් දුක් තැති ගැනීම්මයි ඔහුගේ සිත යටකරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒ සිතට යටවෙලා තැති ගන්නවා. දුක් වෙනවා. අපේක්ෂාවෙන් ඉන්නවා. බැඳීම නිසයි දුකින් තැති ගන්නේ.

විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, විඤ්‌ඤාණවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා විඤ්‌ඤාණං, විඤ්‌ඤාණස්‌මිං වා අත්‌තානං. තස්‌ස තං විඤ්‌ඤාණං විපරිණමති අඤ්‌ඤථා හෝති. තස්‌ස විඤ්‌ඤාණවිපරිණාමඤ්‌ඤථාභාවා විඤ්‌ඤාණවිපරිණාමානුපරිවත්‌ති විඤ්‌ඤාණං හෝති. තස්‌ස විඤ්‌ඤාණවිපරිණාමානුපරිවත්‌තිජා පරිතස්‌සනා ධම්‌මසමුප්‌පාදා චිත්‌තං පරියාදාය තිට්‌ඨන්‌ති. චේතසෝ පරියාදානා උත්‌තාසවා ච හෝති විඝාතවා ච අපෙක්‌ඛවා ච. උපාදාය ච පරිතස්‌සති.

විඤ්ඤාණය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය විඤ්ඤාණයෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි විඤ්ඤාණය තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ විඤ්ඤාණය තුළයි කියලා. නමුත් ඔහුගේ ඒ විඤ්ඤාණය විවිධ වෙනස්වීම්වලට පත්වෙනවා. වෙනත් ස්වභාවයනට පත්වෙනවා. ඉතින් ඔහුගේ ඒ විඤ්ඤාණය විවිධ වෙනස්වීම්වලට, වෙනත් ස්වභාවයනට පත්වෙනකොට ඔහුගේ විඤ්ඤාණයද විවිධ වෙනස්වීම්වලට, වෙනත් ස්වභාවයනට පත්වෙන්නා වූ ඒ විඤ්ඤාණයට අනුව පරිවර්තනය වෙනවා. එතකොට ඒ විවිධ වෙනස්වීම්වලට බඳුන්වන විඤ්ඤාණයට අනුව පෙරලුන සිතින් හටගත් දුක් තැති ගැනීම්මයි ඔහුගේ සිත යටකරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒ සිතට යටවෙලා තැති ගන්නවා. දුක් වෙනවා. අපේක්ෂාවෙන් ඉන්නවා. බැඳීම නිසයි දුකින් තැති ගන්නේ.

ඒවං ඛෝ භික්ඛවේ, උපාදාපරිතස්‌සනා හෝති.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි බැඳීයාමෙන් දුක් තැති ගැනීම් ඇති වන්නේ.

කථඤ්‌ච භික්ඛවේ, අනුපාදා අපරිතස්‌සනා හෝති?

පින්වත් මහණෙනි, නොබැඳීමෙන් දුක් තැතිගැනීම් නැතිවන්නේ කොහොමද?

ඉධ භික්ඛවේ, සුතවා අරියසාවකෝ අරියානං දස්‌සාවී අරියධම්‌මස්‌ස කෝවිදෝ අරියධම්‌මේ සුවිනීතෝ, සප්‌පුරිසානං දස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස කෝවිදෝ සප්‌පුරිසධම්‌මේ සුවිනීතෝ. න රූපං අත්තතෝ සමනුපස්‌සති, න රූපවන්‌තං වා අත්‌තානං. න අත්‌තනි වා රූපං, න රූපස්‌මිං වා අත්‌තානං. තස්‌ස තං රූපං විපරිණමති අඤ්‌ඤථා හෝති. තස්‌ස රූපවිපරිණාමඤ්‌ඤථාභාවා න රූපවිපරිණාමානුපරිවත්‌ති විඤ්‌ඤාණං හෝති. තස්‌ස රූපවිපරිණාමානුපරිවත්‌තිජා පරිතස්‌සනා ධම්‌මසමුප්‌පාදා චිත්‌තං න පරියාදාය තිට්‌ඨන්‌ති. චේතසෝ අපරියාදානා න චේව උත්‌තාසවා හෝති න විඝාතවා න අපෙක්‌ඛවා, අනුපාදාය ච න පරිතස්‌සති.

පින්වත් මහණෙනි, මෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා හඳුනනවා. ආර්ය ධර්මය තේරුම් ගන්නට දක්ෂයි. ආර්ය ධර්මයෙහි හික්මිලා ඉන්නේ. ඔහු සත්පුරුෂයන් වහන්සේලා හඳුනනවා. සත්පුරුෂ ධර්මය තේරුම් ගන්නට දක්ෂයි. සත්පුරුෂ ධර්මයෙහි හික්මිලා ඉන්නේ. ඒ නිසා ඔහු (සතර මහා ධාතූන්ගෙන් හටගන්නා වූ) රූපය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මය රූපයෙන් හැදිච්ච එකක් කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මයක් තුළ තමයි රූපය තියෙන්නේ කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඔහු ආත්මය තියෙන්නේ රූපය තුළයි කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඔහුගේ ඒ රූපයත් විවිධ වෙනස්වීම්වලට පත්වෙනවා. වෙනත් ස්වභාවයනට පත්වෙනවා. ඉතින් ඔහුගේ ඒ රූපය විවිධ වෙනස්වීම්වලට, වෙනත් ස්වභාවයනට පත්වෙද්දී ඔහුගේ විඤ්ඤාණය විවිධ වෙනස්වීම්වලට, වෙනත් ස්වභාවයනට පත්වෙන්නා වූ ඒ රූපයට අනුව පරිවර්තනය වෙන්නේ නෑ. එම නිසා විවිධ වෙනස්වීම්වලට බඳුන්වන ඒ රූපයෙන් හටගන්නා දුක් තැති ගැනීම්වලින් ඔහුගේ සිත යටකරගෙන යන්නේ නෑ. ඉතින් එයට යට නොවූ සිතින් යුතු නිසා තැති ගන්නේ නෑ. දුකෙන් ඉන්නේ නෑ. අපේක්ෂා සහිත වෙන්නේ නෑ. බැඳීම් නැති නිසා දුකෙන් තැතිගන්නේ නෑ.

න වේදනං අත්තතෝ සමනුපස්‌සති, න වේදනාවන්‌තං වා අත්‌තානං. න අත්‌තනි වා වේදනං, න වේදනාය වා අත්‌තානං. තස්‌ස සා වේදනා විපරිණමති අඤ්‌ඤථා හෝති. තස්‌ස වේදනාවිපරිණාමඤ්‌ඤථාභාවා න වේදනාවිපරිණාමානුපරිවත්‌ති විඤ්‌ඤාණං හෝති. තස්‌ස වේදනාවිපරිණාමානුපරිවත්‌තිජා පරිතස්‌සනා ධම්‌මසමුප්‌පාදා චිත්‌තං න පරියාදාය තිට්‌ඨන්‌ති. චේතසෝ අපරියාදානා න චේව උත්‌තාසවා හෝති න විඝාතවා න අපෙක්‌ඛවා, අනුපාදාය ච න පරිතස්‌සති.

ඒ වගේම ඔහු (ස්පර්ශයෙන් හටගන්නා වූ) විඳීම ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මය විඳීමෙන් හැදිච්ච එකක් කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මයක් තුළ තමයි විඳීම තියෙන්නේ කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඔහු ආත්මය තියෙන්නේ විඳීම තුළයි කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඔහුගේ ඒ වේදනාවත් විවිධ වෙනස්වීම්වලට පත්වෙනවා. වෙනත් ස්වභාවයනට පත්වෙනවා. ඉතින් ඔහුගේ ඒ වේදනාව විවිධ වෙනස්වීම්වලට, වෙනත් ස්වභාවයනට පත්වෙද්දී ඔහුගේ විඤ්ඤාණය විවිධ වෙනස්වීම්වලට, වෙනත් ස්වභාවයනට පත්වෙන්නා වූ ඒ වේදනාවට අනුව පරිවර්තනය වෙන්නේ නෑ. එම නිසා විවිධ වෙනස්වීම්වලට බඳුන්වන ඒ විඳීමෙන් හටගන්නා දුක් තැති ගැනීම්වලින් ඔහුගේ සිත යටකරගෙන යන්නේ නෑ. ඉතින් එයට යට නොවූ සිතින් යුතු නිසා තැති ගන්නේ නෑ. දුකෙන් ඉන්නේ නෑ. අපේක්ෂා සහිත වෙන්නේ නෑ. බැඳීම් නැති නිසා දුකෙන් තැතිගන්නේ නෑ.

න සඤ්‌ඤං ….(පෙ)…. න සංඛාරේ අත්තතෝ සමනුපස්‌සති, න සංඛාරවන්‌තං වා අත්‌තානං. න අත්‌තනි වා සංඛාරේ, න සංඛාරේසු වා අත්‌තානං. තස්‌ස තේ සංඛාරා විපරිණමන්‌ති අඤ්‌ඤථා හොන්‌ති. තස්‌ස සංඛාරවිපරිණාමඤ්‌ඤථාභාවා න සංඛාරවිපරිණාමානුපරිවත්‌ති විඤ්‌ඤාණං හෝති. තස්‌ස සංඛාරවිපරිණාමානුපරිවත්‌තිජා පරිතස්‌සනා ධම්‌මසමුප්‌පාදා චිත්‌තං න පරියාදාය තිට්‌ඨන්‌ති. චේතසෝ අපරියාදානා න චේව උත්‌තාසවා හෝති න විඝාතවා න අපෙක්‌ඛවා, අනුපාදාය ච න පරිතස්‌සති.

ඔහු සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මය සංස්කාරවලින් හැදිච්ච එකක් කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මයක් තුළ තමයි සංස්කාර තියෙන්නේ කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඔහු ආත්මය තියෙන්නේ සංස්කාර තුළයි කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඔහුගේ ඒ සංස්කාර විවිධ වෙනස්වීම්වලට පත්වෙනවා. වෙනත් ස්වභාවයනට පත්වෙනවා. ඉතින් ඔහුගේ ඒ සංස්කාර විවිධ වෙනස්වීම්වලට, වෙනත් ස්වභාවයනට පත්වෙද්දී ඔහුගේ විඤ්ඤාණය විවිධ වෙනස්වීම්වලට, වෙනත් ස්වභාවයනට පත්වෙන්නා වූ ඒ සංස්කාරවලට අනුව පරිවර්තනය වෙන්නේ නෑ. එම නිසා විවිධ වෙනස්වීම්වලට බඳුන්වන ඒ සංස්කාර වලින් හටගන්නා දුක් තැති ගැනීම්වලින් ඔහුගේ සිත යටකරගෙන යන්නේ නෑ. ඉතින් එයට යට නොවූ සිතින් යුතු නිසා තැති ගන්නේ නෑ. දුකෙන් ඉන්නේ නෑ. අපේක්ෂා සහිත වෙන්නේ නෑ. බැඳීම් නැති නිසා දුකෙන් තැතිගන්නේ නෑ.

න විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, න විඤ්‌ඤාණවන්‌තං වා අත්‌තානං, න අත්‌තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්‌තානං. තස්‌ස තං විඤ්‌ඤාණං විපරිණමති අඤ්‌ඤථා හෝති. තස්‌ස විඤ්‌ඤාණවිපරිණාමඤ්‌ඤථාභාවා න විඤ්‌ඤාණවිපරිණාමානුපරිවත්‌ති විඤ්‌ඤාණං හෝති. තස්‌ස විඤ්‌ඤාණවිපරිණාමානුපරිවත්‌තිජා පරිතස්‌සනා ධම්‌මසමුප්‌පාදා චිත්‌තං න පරියාදාය තිට්‌ඨන්‌ති. චේතසෝ අපරියාදානා න චේව උත්‌තාසවා හෝති, න විඝාතවා න අපෙක්‌ඛවා, අනුපාදාය ච න පරිතස්‌සති.

ඒ වගේම ඔහු (නාමරූපයෙන් හටගන්නා වූ) විඤ්ඤාණය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මය විඤ්ඤාණයෙන් හැදිච්ච එකක් කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මයක් තුළ තමයි විඤ්ඤාණය තියෙන්නේ කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඔහු ආත්මය තියෙන්නේ විඤ්ඤාණය තුළයි කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඔහුගේ ඒ විඤ්ඤාණය විවිධ වෙනස්වීම්වලට පත්වෙනවා. වෙනත් ස්වභාවයනට පත්වෙනවා. ඉතින් ඔහුගේ ඒ විඤ්ඤාණය විවිධ වෙනස්වීම්වලට, වෙනත් ස්වභාවයනට පත්වෙද්දී ඔහුගේ විඤ්ඤාණය විවිධ වෙනස්වීම්වලට, වෙනත් ස්වභාවයනට පත්වෙන්නා වූ ඒ විඤ්ඤාණයට අනුව පරිවර්තනය වෙන්නේ නෑ. එම නිසා විවිධ වෙනස්වීම්වලට බඳුන්වන ඒ විඤ්ඤාණයෙන් හටගන්නා දුක් තැති ගැනීම්වලින් ඔහුගේ සිත යටකරගෙන යන්නේ නෑ. ඉතින් එයට යට නොවූ සිතින් යුතු නිසා තැති ගන්නේ නෑ. දුකෙන් ඉන්නේ නෑ. අපේක්ෂා සහිත වෙන්නේ නෑ. බැඳීම් නැති නිසා දුකෙන් තැතිගන්නේ නෑ.

ඒවං ඛෝ භික්ඛවේ, අනුපාදා අපරිතස්‌සනා හෝතීති.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි නොබැඳීමෙන් දුක් තැති ගැනීම් නැති වන්නේ.

සාදු! සාදු!! සාදු!!!

පඨම උපාදාපරිතස්සනා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M