සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.1.6. පටිසල්ලාන සුත්තං

1.1.1.6. භාවනාවෙහි යෙදී සිටීම ගැන වදාළ දෙසුම

6. සාවත්‌ථියං.

6. සැවැත් නුවර දී ය.

පටිසල්‌ලානේ භික්ඛවේ, යෝගමාපජ්‌ජථ. පටිසල්‌ලීනෝ භික්ඛවේ, භික්‌ඛු යථාභූතං පජානාති. කිඤ්‌ච යථාභූතං පජානාති? රූපස්‌ස සමුදයඤ්‌ච අත්ථගමඤ්‌ච, වේදනාය සමුදයඤ්‌ච අත්ථගමඤ්‌ච, සඤ්‌ඤාය සමුදයඤ්‌ච අත්ථගමඤ්‌ච, සංඛාරානං සමුදයඤ්‌ච අත්ථගමඤ්‌ච, විඤ්‌ඤාණස්‌ස සමුදයඤ්‌ච අත්ථගමඤ්‌ච.

පින්වත් මහණෙනි, භාවනාවෙහි අප්‍රමාදීව යෙදෙන්න. පින්වත් මහණෙනි, භාවනාවෙහි යෙදෙන භික්ෂුව යථාභූතය (යමක ඇති ස්වභාවයට ඒ අයුරින් ම) අවබෝධ කරගන්නවා. කවර යථාභූතයක් ද ඒ අයුරින් ම අවබෝධ කරගන්නේ? රූපයෙහි හටගැනීමත් නැතිවීමත් ගැනයි, වේදනාවෙහි හටගැනීමත් නැතිවීමත් ගැනයි, සඤ්ඤාවෙහි හටගැනීමත් නැතිවීමත් ගැනයි, සංස්කාරවල හටගැනීමත් නැතිවීමත් ගැනයි, විඤ්ඤාණයෙහි හටගැනීමත් නැතිවීමත් ගැනයි අවබෝධ කරගන්නේ.

කෝ ච භික්ඛවේ, රූපස්‌ස සමුදයෝ, කෝ වේදනාය සමුදයෝ, කෝ සඤ්‌ඤාය සමුදයෝ, කෝ සංඛාරානං සමුදයෝ, කෝ විඤ්‌ඤාණස්‌ස සමුදයෝ?

පින්වත් මහණෙනි, රූපයෙහි හටගැනීම යනු කුමක්ද? වේදනාවෙහි හටගැනීම යනු කුමක්ද? සඤ්ඤාවෙහි හටගැනීම යනු කුමක්ද? සංස්කාරවල හටගැනීම යනු කුමක්ද? විඤ්ඤාණයෙහි හටගැනීම යනු කුමක්ද?

ඉධ භික්ඛවේ, භික්‌ඛු අභිනන්‌දති අභිවදති අජ්‌ඣෝසාය තිට්‌ඨති. කිඤ්‌ච අභිනන්‌දති අභිවදති අජ්‌ඣෝසාය තිට්‌ඨති? රූපං අභිනන්‌දති අභිවදති අජ්‌ඣෝසාය තිට්‌ඨති. තස්‌ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්‌ඣෝසාය තිට්‌ඨතෝ උප්‌පජ්‌ජති නන්‌දි. යා රූපේ නන්දි තදුපාදානං. තස්‌සුපාදානපච්‌චයා භවෝ. භවපච්‌චයා ජාති. ජාතිපච්‌චයා ජරාමරණං සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා සම්‌භවන්‌ති. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව සතුටින් පිළිගන්නවා. එය අගය කරමින් කතා බහ කරනවා. එහි බැසගෙන ඉන්නවා. ඔහු සතුටින් පිළිගන්නේ, අගය කරමින් කතාබහ කරන්නේ, බැසගෙන ඉන්නේ කුමක් ගැනද? ඔහු සතුටින් පිළිගන්නේ, අගය කරමින් කතාබහ කරන්නේ, බැසගෙන ඉන්නේ රූපය ගැනයි. ඉතින් රූපය සතුටින් පිළිගනිද්දී, එය අගය කරමින් කතා බහ කරද්දී, එහි බැසගෙන සිටිද්දී, ඒ ගැන ආසාව උපදිනවා. රූපය ගැන යම් ආසාවක් ඇත්නම්, ඒක ම යි බැඳීම. ඒ බැඳීයෑම නිසයි භවය (විපාක පිණිස කර්ම සකස්වීම) ඇතිවන්නේ. භවය නිසා ඉපදෙනවා. ඉපදීම නිසා ජරා මරණ සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් හටගන්නවා. ඔන්න ඔය ආකාරයටයි මුළුමහත් දුක් රැසේම හටගැනීම සිදුවන්නේ.

වේදනං අභිනන්‌දති ….(පෙ)…. සඤ්‌ඤං අභිනන්‌දති ….(පෙ)…. සංඛාරේ අභිනන්‌දති ….(පෙ)…. විඤ්‌ඤාණං අභිනන්‌දති අභිවදති අජ්‌ඣෝසාය තිට්‌ඨති. තස්‌ස විඤ්‌ඤාණං අභිනන්දතෝ අභිවදතෝ අජ්‌ඣෝසාය තිට්‌ඨතෝ උප්‌පජ්‌ජති නන්දි. යා විඤ්ඤාණේ නන්දි තදුපාදානං. තස්‌සුපාදානපච්‌චයා භවෝ. භවපච්‌චයා ජාති. ජාතිපච්‌චයා ජරාමරණං සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා සම්‌භවන්‌ති. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

ඒ වගේම ඔහු විඳීමත් සතුටින් පිළිගන්නවා. ….(පෙ)…. ඒ වගේම සඤ්ඤාවත් සතුටින් පිළිගන්නවා ….(පෙ)…. සංස්කාරත් සතුටින් පිළිගන්නවා …..(පෙ)…. විඤ්ඤාණයත් සතුටින් පිළිගන්නවා. අගය කරමින් කතාබහ කරනවා. එහි බැසගෙන ඉන්නවා. ඉතින් විඤ්ඤාණය සතුටින් පිළිගනිද්දී, එය අගය කරමින් කතා බහ කරද්දී, එහි බැසගෙන සිටිද්දී, ඒ ගැන ආසාව ඇති වෙනවා. විඤ්ඤාණය ගැන යම් ආසාවක් ඇත්නම්, ඒක ම යි බැඳීම. ඒ බැඳී යෑම නිසයි ඔහු තුළ භවය (විපාක පිණිස කර්ම සකස්වීම) ඇතිවන්නේ. භවය නිසා ඉපදෙනවා. ඉපදීම නිසා ජරා මරණ සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් හටගන්නවා. ඔන්න ඔය ආකාරයටයි මුළුමහත් දුක් රැසේම හටගැනීම සිදුවන්නේ.

අයං භික්ඛවේ, රූපස්‌ස සමුදයෝ. අයං වේදනාය සමුදයෝ. අයං සඤ්‌ඤාය සමුදයෝ. අයං සංඛාරානං සමුදයෝ. අයං විඤ්‌ඤාණස්‌ස සමුදයෝ.

පින්වත් මහණෙනි, මේ තමයි රූපයෙහි හටගැනීම, මේ තමයි වේදනාවෙහි හටගැනීම, මේ තමයි සඤ්ඤාවෙහි හටගැනීම, මේ තමයි සංස්කාරවල හටගැනීම, මේ තමයි විඤ්ඤාණයෙහි හටගැනීම.

කෝ ච භික්ඛවේ, රූපස්‌ස අත්ථගමෝ, කෝ වේදනාය අත්ථගමෝ, කෝ සඤ්‌ඤාය අත්ථගමෝ, කෝ සංඛාරානං අත්ථගමෝ, කෝ විඤ්‌ඤාණස්‌ස අත්ථගමෝ?

පින්වත් මහණෙනි, රූපයෙහි නැතිවීම යනු කුමක්ද? වේදනාවෙහි නැතිවීම යනු කුමක්ද? සඤ්ඤාවෙහි නැතිවීම යනු කුමක්ද? සංස්කාරවල නැතිවීම යනු කුමක්ද? විඤ්ඤාණයෙහි නැතිවීම යනු කුමක්ද?

ඉධ භික්ඛවේ, භික්ඛු නාභිනන්‌දති නාභිවදති නාජ්‌ඣෝසාය තිට්‌ඨති. කිඤ්‌ච නාභිනන්‌දති නාභිවදති නාජ්‌ඣෝසාය තිට්‌ඨති? රූපං නාභිනන්‌දති නාභිවදති නාජ්‌ඣෝසාය තිට්‌ඨති. තස්‌ස රූපං අනභිනන්දතෝ අනභිවදතෝ අනජ්‌ඣෝසාය තිට්‌ඨතෝ යා රූපේ නන්දි සා නිරුජ්‌ඣති. තස්‌ස නන්දිනිරෝධා උපාදානනිරෝධෝ. උපාදානනිරෝධා භවනිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරාමරණං සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා නිරුජ්ඣන්ති. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝති.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව සතුටින් පිළිගන්නේ නෑ. එය අගය කරමින් කතා බහ කරන්නෙ නෑ. එහි බැසගෙන ඉන්නේ නෑ. ඔහු සතුටින් නොපිළිගන්නේ, අගය කරමින් කතාබහ නොකරන්නේ, නොබැසගෙන සිටින්නේ කුමක්ද? ඔහු රූපය සතුටින් පිළිගන්නේ නෑ. අගය කරමින් කතාබහ කරන්නේ නෑ. බැසගෙන සිටින්නේ නෑ. ඉතින් රූපය සතුටින් නොපිළිගනිද්දී, එය අගය කරමින් කතා බහ නොකරද්දී, එහි නොබැසගෙන සිටිද්දී, ඒ ගැන ආසාවක් තිබුණා නම් එය නිරුද්ධ වෙලා යනවා. ආසාව නිරුද්ධ වීමෙන් බැඳීම නිරුද්ධ වෙලා යනවා. බැඳීම නිරුද්ධ වීමෙන් ඔහු තුළ භවය (විපාක පිණිස කර්ම සකස්වීම) නිරුද්ධ වෙලා යනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඔය ආකාරයටයි මුළුමහත් දුක් රැසේම නිරුද්ධ වීම සිදුවන්නේ.

වේදනං නාභිනන්‌දති ….(පෙ)…. සඤ්‌ඤං නාභිනන්‌දති ….(පෙ)…. සංඛාරේ නාභිනන්‌දති නාභිවදති ….(පෙ)…. විඤ්‌ඤාණං නාභිනන්‌දති නාභිවදති නාජ්‌ඣෝසාය තිට්‌ඨති. තස්‌ස විඤ්‌ඤාණං අනභිනන්දතෝ අනභිවදතෝ අනජ්‌ඣෝසාය තිට්‌ඨතෝ යා විඤ්ඤාණේ නන්දි සා නිරුජ්‌ඣති. තස්‌ස නන්දිනිරෝධා උපාදානනිරෝධෝ. උපාදානනිරෝධා භවනිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරාමරණං සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා නිරුජ්ඣන්ති. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝති.

ඔහු වේදනාව සතුටින් පිළිගන්නේ නෑ. ….(පෙ)…. සඤ්ඤාව සතුටින් පිළිගන්නේ නෑ. ….(පෙ)…. ඔහු සංස්කාර සතුටින් පිළිගන්නේ නෑ. ….(පෙ)…. විඤ්ඤාණය සතුටින් පිළිගන්නේ නෑ. අගය කරමින් කතාබහ කරන්නේ නෑ. බැසගෙන සිටින්නේ නෑ. විඤ්ඤාණය සතුටින් නොපිළිගනිද්දී, එය අගය කරමින් කතා බහ නොකරද්දී, එහි නොබැසගෙන සිටිද්දී, ඒ ගැන ආසාවක් තිබුණා නම් එය නිරුද්ධ වෙලා යනවා. ආසාව නිරුද්ධ වීමෙන් බැඳීම නිරුද්ධ වෙලා යනවා. බැඳීම නිරුද්ධ වීමෙන් ඔහු තුළ භවය (විපාක පිණිස කර්ම සකස්වීම) නිරුද්ධ වෙලා යනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඔය ආකාරයටයි මුළුමහත් දුක් රැසේම නිරුද්ධ වීම සිදුවන්නේ.

අයං භික්ඛවේ රූපස්‌ස අත්ථගමෝ, අයං වේදනාය අත්ථගමෝ, අයං සඤ්‌ඤාය අත්ථගමෝ, අයං සංඛාරානං අත්ථගමෝ, අයං විඤ්‌ඤාණස්‌ස අත්ථගමෝති.

පින්වත් මහණෙනි, මේ තමයි රූපයෙහි නැතිවීම, මේ තමයි වේදනාවේ නැතිවීම, මේ තමයි සඤ්ඤාවෙහි නැතිවීම, මේ තමයි සංස්කාරවල නැතිවීම, මේ තමයි විඤ්ඤාණයෙහි නැතිවීම.

සාදු! සාදු!! සාදු!!!

පටිසල්ලාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M