5. මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහිය. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂූන් වහන්සේලා අමතා වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා ද “පින්වතුන් වහන්ස” කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසුම වදාළා.
පින්වත් මහණෙනි, චිත්ත සමාධිය දියුණු කරගන්න. පින්වත් මහණෙනි, චිත්ත සමාධිය ඇති භික්ෂුව යථාභූතය (යමක ඇති ස්වභාවය ඒ අයුරින්ම) අවබෝධ කරගන්නවා. කවර යථාභූතයක් ද අවබෝධ කරගන්නේ? රූපයෙහි හටගැනීමත් නැතිවීමත් ගැනයි, වේදනාවෙහි හටගැනීමත් නැතිවීමත් ගැනයි, සඤ්ඤාවෙහි හටගැනීමත් නැතිවීමත් ගැනයි, සංස්කාරවල හටගැනීමත් නැතිවීමත් ගැනයි, විඤ්ඤාණයෙහි හටගැනීමත් නැතිවීමත් ගැනයි.
පින්වත් මහණෙනි, රූපයෙහි හටගැනීම යනු කුමක්ද? වේදනාවෙහි හටගැනීම යනු කුමක්ද? සඤ්ඤාවෙහි හටගැනීම යනු කුමක්ද? සංස්කාරවල හටගැනීම යනු කුමක්ද? විඤ්ඤාණයෙහි හටගැනීම යනු කුමක්ද?
පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව සතුටින් පිළිගන්නවා. එය අගය කරමින් කතා බහ කරනවා. එහි බැසගෙන ඉන්නවා. ඔහු සතුටින් පිළිගන්නේ, අගය කරමින් කතාබහ කරන්නේ, බැසගෙන ඉන්නේ කුමක් ගැනද? ඔහු සතුටින් පිළිගන්නේ, අගය කරමින් කතාබහ කරන්නේ, බැසගෙන ඉන්නේ රූපය ගැනයි. ඉතින් රූපය සතුටින් පිළිගනිද්දී, එය අගය කරමින් කතා බහ කරද්දී, එහි බැසගෙන සිටිද්දී, ඒ ගැන ආසාව උපදිනවා. රූපය ගැන යම් ආසාවක් ඇත්නම්, ඒකමයි බැඳීම. ඒ බැඳීයෑම නිසයි භවය (විපාක පිණිස කර්ම සකස්වීම) ඇතිවන්නේ. භවය නිසා ඉපදෙනවා. ඉපදීම නිසා ජරා මරණ සෝක වැලපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් හටගන්නවා. ඔන්න ඔය ආකාරයටයි මුළුමහත් දුක් රැසේ ම හටගැනීම සිදුවන්නේ.
ඒ වගේම ඔහු සතුටින් පිළිගන්නේ, අගය කරමින් කතාබහ කරන්නේ, බැසගෙන සිටින්නේ වේදනාව ගැනයි. ඉතින් වේදනාව සතුටින් පිළිගනිද්දී, එය අගය කරමින් කතා බහ කරද්දී, එහි බැසගෙන සිටිද්දී, ඒ ගැන ආසාව ඇති වෙනවා. වේදනාව ගැන යම් ආසාවක් ඇත්නම්, ඒකමයි බැඳීම. ඒ බැඳී යෑම නිසයි ඔහු තුළ භවය (විපාක පිණිස කර්ම සකස්වීම) ඇතිවන්නේ. භවය නිසා ඉපදෙනවා. ඉපදීම නිසා ජරා මරණ සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් හටගන්නවා. ඔන්න ඔය ආකාරයටයි මුළුමහත් දුක් රැසේ ම හටගැනීම සිදුවන්නේ.
ඒ වගේම ඔහු සඤ්ඤාව ….(පෙ)…. ඒ වගේම ඔහු සංස්කාරත් සතුටින් පිළිගන්නවා. අගය කරමින් කතාබහ කරනවා. ඒ තුළ බැසගෙන ඉන්නවා. ඉතින් සංස්කාර සතුටින් පිළිගනිද්දී, අගය කරමින් කතා බහ කරද්දී, එහි බැසගෙන සිටිද්දී, ඒ ගැන ආසාව ඇතිවෙනවා. සංස්කාර ගැන යම් ආසාවක් ඇත්නම්, ඒකමයි බැඳීම. ඒ බැඳීයෑම නිසයි ඔහු තුළ භවය (විපාක පිණිස කර්ම සකස්වීම) ඇතිවෙන්නේ, භවය නිසා ඉපදෙනවා. ඉපදීම නිසා ජරා මරණ සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් හටගන්නවා. ඔන්න ඔය ආකාරයටයි මුළුමහත් දුක් රැසේම හටගැනීම සිදුවන්නේ.
ඔහු විඤ්ඤාණයත් සතුටින් පිළිගන්නවා. අගය කරමින් කතාබහ කරනවා. එහි බැසගෙන ඉන්නවා. ඉතින් විඤ්ඤාණය සතුටින් පිළිගනිද්දී, එය අගය කරමින් කතා බහ කරද්දී, එහි බැසගෙන සිටිද්දී, ඒ ගැන ආසාව ඇති වෙනවා. විඤ්ඤාණය ගැන යම් ආසාවක් ඇත්නම්, ඒකමයි බැඳීම. ඒ බැඳී යෑම නිසයි ඔහු තුළ භවය (විපාක පිණිස කර්ම සකස්වීම) ඇතිවන්නේ. භවය නිසා ඉපදෙනවා. ඉපදීම නිසා ජරා මරණ සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් හටගන්නවා. ඔන්න ඔය ආකාරයටයි මුළුමහත් දුක් රැසේ ම හටගැනීම සිදුවන්නේ.
පින්වත් මහණෙනි, මේ තමයි රූපයෙහි හටගැනීම, මේ තමයි වේදනාවෙහි හටගැනීම, මේ තමයි සඤ්ඤාවෙහි හටගැනීම, මේ තමයි සංස්කාරවල හටගැනීම, මේ තමයි විඤ්ඤාණයෙහි හටගැනීම.
පින්වත් මහණෙනි, රූපයෙහි නැතිවීම යනු කුමක්ද? වේදනාවෙහි නැතිවීම යනු කුමක්ද? සඤ්ඤාවෙහි නැතිවීම යනු කුමක්ද? සංස්කාරවල නැතිවීම යනු කුමක්ද? විඤ්ඤාණයෙහි නැතිවීම යනු කුමක්ද?
පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව සතුටින් පිළිගන්නේ නෑ. එය අගය කරමින් කතා බහ කරන්නෙ නෑ. එහි බැසගෙන ඉන්නේ නෑ. ඔහු සතුටින් නොපිළිගන්නේ, අගය කරමින් කතාබහ නොකරන්නේ, නොබැසගෙන සිටින්නේ කුමක්ද? ඔහු රූපය සතුටින් පිළිගන්නේ නෑ. අගය කරමින් කතාබහ කරන්නේ නෑ. බැසගෙන සිටින්නේ නෑ. ඉතින් රූපය සතුටින් නොපිළිගනිද්දී, එය අගය කරමින් කතා බහ නොකරද්දී, එහි නොබැසගෙන සිටිද්දී, ඒ ගැන ආසාවක් තිබුණා නම් එය නිරුද්ධ වෙලා යනවා. ආසාව නිරුද්ධ වීමෙන් බැඳීම නිරුද්ධ වෙලා යනවා. බැඳීම නිරුද්ධ වීමෙන් ඔහු තුළ භවය (විපාක පිණිස කර්ම සකස්වීම) නිරුද්ධ වෙලා යනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඔය ආකාරයටයි මුළුමහත් දුක් රැසේම නිරුද්ධ වීම සිදුවන්නේ.
ඔහු වේදනාව සතුටින් පිළිගන්නේ නෑ. අගය කරමින් කතාබහ කරන්නේ නෑ. බැසගෙන සිටින්නේ නෑ. ඉතින් වේදනාව සතුටින් නොපිළිගනිද්දී, එය අගය කරමින් කතා බහ නොකරද්දී, එහි නොබැසගෙන සිටිද්දී, ඒ ගැන ආසාවක් තිබුණා නම් එය නිරුද්ධ වෙලා යනවා. ආසාව නිරුද්ධ වීමෙන් බැඳීම නිරුද්ධ වෙලා යනවා. බැඳීම නිරුද්ධ වීමෙන් ඔහු තුළ භවය (විපාක පිණිස කර්ම සකස්වීම) නිරුද්ධ වෙලා යනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඔය ආකාරයටයි මුළුමහත් දුක් රැසේම නිරුද්ධ වීම සිදුවන්නේ.
ඒ වගේම ඔහු සඤ්ඤාව ….(පෙ)…. ඔහු සංස්කාරත් සතුටින් පිළිගන්නේ නෑ. අගය කරමින් කතාබහ කරන්නේ නෑ. බැසගෙන සිටින්නේ නෑ. ඉතින් සංස්කාර සතුටින් නොපිළිගනිද්දී, එය අගය කරමින් කතා බහ නොකරද්දී, එහි නොබැසගෙන සිටිද්දී, ඒ ගැන ආසාවක් තිබුණා නම් එය නිරුද්ධ වෙලා යනවා. ආසාව නිරුද්ධ වීමෙන් බැඳීම නිරුද්ධ වෙලා යනවා. බැඳීම නිරුද්ධ වීමෙන් ඔහු තුළ භවය (විපාක පිණිස කර්ම සකස්වීම) නිරුද්ධ වෙලා යනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඔය ආකාරයටයි මුළුමහත් දුක් රැසේ ම නිරුද්ධ වීම සිදුවන්නේ.
ඔහු සතුටින් නොපිළිගන්නේ අගය කරමින් කතාබහ නොකරන්නේ නොබැසගෙන සිටින්නේ විඤ්ඤාණය ගැනයි. ඉතින් විඤ්ඤාණය සතුටින් නොපිළිගනිද්දී, එය අගය කරමින් කතා බහ නොකරද්දී, එහි නොබැසගෙන සිටිද්දී, ඒ ගැන ආසාවක් තිබුණා නම් එය නිරුද්ධ වෙලා යනවා. ආසාව නිරුද්ධ වීමෙන් බැඳීම නිරුද්ධ වෙලා යනවා. බැඳීම නිරුද්ධ වීමෙන් ඔහු තුළ භවය (විපාක පිණිස කර්ම සකස්වීම) නිරුද්ධ වෙලා යනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඔය ආකාරයටයි මුළුමහත් දුක් රැසේම නිරුද්ධ වීම සිදුවන්නේ.
කපින්වත් මහණෙනි, මේ තමයි රූපයෙහි නැතිවීම, මේ තමයි වේදනාවේ නැතිවීම, මේ තමයි සඤ්ඤාවෙහි නැතිවීම, මේ තමයි සංස්කාරවල නැතිවීම, මේ තමයි විඤ්ඤාණයෙහි නැතිවීම.
සාදු! සාදු!! සාදු!!!
සමාධි භාවනා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M