සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.1.3. හාලිද්දිකානි සුත්තං

1.1.1.3. හාලිද්දිකානි ගෘහපතියාට වදාළ දෙසුම

3. ඒවං මේ සුතං. ඒකං සමයං ආයස්‌මා මහාකච්‌චානෝ අවන්‌තීසු විහරති කුරරඝරේ පපාතේ පබ්‌බතේ. අථ ඛෝ හාලිද්‌දිකානි ගහපති යේනායස්‌මා මහාකච්‌චානෝ තේනුපසංකමි. උපසංකමිත්‌වා ආයස්‌මන්‌තං මහාකච්‌චානං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ හාලිද්‌දිකානි ගහපති ආයස්‌මන්‌තං මහාකච්‌චානං ඒතදවෝච. වුත්‌තමිදං, භන්තේ, භගවතා අට්‌ඨකවග්‌ගියේ මාගන්දිය පඤ්‌හේ.

3. මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ වැඩසිටියේ අවන්ති ජනපදයේ කුරරඝර නගරාසන්නයේ ප්‍රපාත නම් වූ පර්වතයේ. එදා හාලිද්දිකානි ගෘහපතිතුමා ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේට සාදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ හාලිද්දිකානි ගෘහපතිතුමා ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේට මේ කරුණ සැලකළා. “ස්වාමීනී, අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් (සුත්ත නිපාතයට අයත්) අට්ඨක වර්ගයෙහි මාගන්දිය ප්‍රශ්නයේදී මේ කරුණ වදාළ සේක් නෙව,

“ඕකං පහාය අනිකේතසාරී – ගාමේ අකුබ්බං මුනි සන්ථවානී
කමේහි රිත්තේ අපුරෙක්ඛරානෝ – කථං න විග්ගය්හ ජනේන කයිරා’ති”

‘මුනිවරයා සිටින්නේ විඤ්ඤාණයේ පැවැත්මට ගොදුර නම් වූ ඕකය අත්හැරල දමලයි. (මුනිවරයා) හැසිරෙන්නේ බාහිර ආයතන හයට ඇලීම නම් වූ නිකේතය (නිවස) අත්හැර දමලයි. ගමේ පිඬුසිඟා වඩින ඔහු ගම්වැසියන් සමඟ අමුතු බැඳීමක් නෑ. කාමයෙන් හිස් වූ සිතින් ඉන්නෙ. ලෝකයට අයිති කිසිවක් ඉදිරියෙහි තබාගෙන ගමන් කිරීමක් නෑ. ඉතින් එබඳු නිකෙලෙස් මුනිවරයෙක් ජනයා සමඟ කලකෝලාහලයට යන්නෙත් නෑ’ කියලා.

ඉමස්‌ස නු ඛෝ භන්තේ, භගවතා සංඛිත්‌තේන භාසිතස්‌ස කථං විත්ථාරේන අත්ථෝ දට්ඨබ්බෝති?

ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාළ ඔය දෙසුමෙහි අර්ථය විස්තර වශයෙන් තේරුම් ගන්නේ කොහොමද?”

රූපධාතු ඛෝ ගහපති, විඤ්‌ඤාණස්‌ස ඕකෝ. රූපධාතුරාගවිනිබද්ධඤ්‌ච පන විඤ්‌ඤාණං ඕකසාරීති වුච්‌චති. වේදනාධාතු ඛෝ ගහපති, විඤ්‌ඤාණස්‌ස ඕකෝ. වේදනාධාතුරාගවිනිබද්ධඤ්‌ච පන විඤ්‌ඤාණං ඕකසාරීති වුච්‌චති. සඤ්‌ඤාධාතු ඛෝ ගහපති, විඤ්‌ඤාණස්‌ස ඕකෝ. සඤ්‌ඤාධාතුරාගවිනිබද්‌ධඤ්‌ච පන විඤ්‌ඤාණං ඕකසාරීති වුච්‌චති. සංඛාරධාතු ඛෝ ගහපති, විඤ්‌ඤාණස්‌ස ඕකෝ. සංඛාරධාතුරාගවිනිබද්ධඤ්‌ච පන විඤ්‌ඤාණං ඕකසාරීති වුච්‌චති. ඒවං ඛෝ ගහපති, ඕකසාරී හෝති.

“පින්වත් ගෘහපතිය, විඤ්ඤාණයේ පැවැත්මට ගොදුර වශයෙන් හෙවත් ‘ඕකය’ වශයෙන් තිබෙන්නේ රූප ධාතුවයි. ඔය රූප ධාතුව කෙරෙහි රාගයෙන් බැදුණු විඤ්ඤාණයට ‘ඕකසාරී’ (ගොදුරෙහි හැසිරෙනවා) කියල කියනවා විඤ්ඤාණයේ පැවැත්මට ගොදුර වශයෙන් හෙවත් ‘ඕකය’ වශයෙන් තිබෙන්නේ වේදනා ධාතුවයි. ඔය වේදනා ධාතුව කෙරෙහි රාගයෙන් බැඳුණු විඤ්ඤාණයටත් ‘ඕකසාරී’ (ගොදුරෙහි හැසිරෙනවා) කියල කියනවා. විඤ්ඤාණයේ පැවැත්මට ගොදුර වශයෙන් හෙවත් ‘ඕකය’ වශයෙන් තිබෙන්නේ සඤ්ඤා ධාතුවයි. ඔය සඤ්ඤා ධාතුව කෙරෙහි රාගයෙන් බැඳුණු විඤ්ඤාණයටත් ‘ඕකසාරී’ (ගොදුරෙහි හැසිරෙනවා) කියලා කියනවා. විඤ්ඤාණයේ පැවැත්මට ගොදුර වශයෙන් හෙවත් ‘ඕකය’ වශයෙන් තිබෙන්නේ සංස්කාර ධාතුවයි. ඔය සංස්කාර ධාතුව කෙරෙහි රාගයෙන් බැඳුණු විඤ්ඤාණයටත් ‘ඕකසාරී’ (ගොදුරෙහි හැසිරෙනවා) කියල කියනවා. පින්වත් ගෘහපතිය, කෙනෙක් ඔය විදිහටයි ‘ඕකසාරී’ (ගොදුරෙහි හැසිරෙනවා) වන්නේ.

කථඤ්‌ච ගහපති, අනෝකසාරී හෝති? රූපධාතුයා ඛෝ ගහපති, යෝ ඡන්දෝ යෝ රාගෝ යා නන්‌දි යා තණ්‌හා යේ උපයූපාදානා චේතසෝ අධිට්‌ඨානාභිනිවේසානුසයා, තේ තථාගතස්‌ස පහීනා උච්‌ඡින්‌නමූලා තාලාවත්‌ථුකතා අනභාවකතා ආයතිං අනුප්‌පාදධම්‌මා. තස්‌මා තථාගතෝ අනෝකසාරීති වුච්‌චති. වේදනාධාතුයා ඛෝ ගහපති, ….(පෙ)…. සඤ්‌ඤාධාතුයා ඛෝ ගහපති ….(පෙ)…. සංඛාරධාතුයා ඛෝ ගහපති යෝ ඡන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්‌හා යේ උපයූපාදානා චේතසෝ අධිට්‌ඨානාභිනිවේසානුසයා තේ තථාගතස්‌ස පහීනා උච්‌ඡින්‌නමූලා තාලාවත්‌ථුකතා අනභාවකතා ආයතිං අනුප්‌පාදධම්‌මා. තස්‌මා තථාගතෝ අනෝකසාරීති වුච්‌චති. විඤ්‌ඤාණධාතුයා ඛෝ ගහපති, යෝ ඡන්දෝ යෝ රාගෝ යා නන්‌දි යා තණ්‌හා යේ උපයූපාදානා චේතසෝ අධිට්‌ඨානාභිනිවේසානුසයා, තේ තථාගතස්‌ස පහීනා උච්‌ඡින්‌නමූලා තාලාවත්‌ථුකතා අනභාවකතා ආයතිං අනුප්‌පාදධම්‌මා. තස්‌මා තථාගතෝ අනෝකසාරීති වුච්‌චති. ඒවං ඛෝ ගහපති, අනෝකසාරී හෝති.

පින්වත් ගෘහපතිය, කෙනෙක් කොහොමද ‘අනෝකසාරී’ (ගොදුරෙහි නොහැසිරෙන්නේ) වන්නේ? පින්වත් ගෘහපතිය, රූප ධාතුව කෙරෙහි තිබෙන්නා වූ ඡන්දයක් ඇද්ද, යම් රාගයක් ඇද්ද, යම් සතුටක් ඇද්ද, යම් තණ්හාවක් ඇද්ද, යම් බැසගැනීමක්, ග්‍රහණය වීමක්, සිතින් අදිටන් කර ගැනීමක්, අභ්‍යන්තර වශයෙන් සිත පිහිටුවා ගැනීමක් ඇද්ද තථාගතයන් වහන්සේට (රහතන් වහන්සේට) ඒවා ප්‍රහීණ වෙලයි තියෙන්නෙ. මුලින්ම උදුරා දමලයි තියෙන්නෙ. මුදුන් කරටිය කැඩී ගිය තල් ගසක් වගේ කරලයි තියෙන්නෙ. අභාවයට පත් කරවලයි තියෙන්නෙ. යළි කවදාවත් නූපදනා ස්වාභාවයට පත්කරවලයි තියෙන්නෙ. එනිසාම තථාගතයන් වහන්සේට ‘අනෝකසාරී’ (ගොදුරෙහි නොහැසිරෙන්නා) කියල කියනවා. පින්වත් ගෘහපතිය, වේදනා ධාතුව කෙරෙහි ….(පෙ)…. සඤ්ඤා ධාතුව කෙරෙහි ….(පෙ)…. සංස්කාර ධාතුව කෙරෙහි තිබෙන්නා වූ යම් ඡන්දයක් ඇද්ද, යම් රාගයක් ඇද්ද, යම් සතුටක් ඇද්ද, යම් තණ්හාවක් ඇද්ද, යම් බැසගැනීමක්, ග්‍රහණය වීමක්, සිතින් අදිටන් කර ගැනීමක්, අභ්‍යන්තර වශයෙන් සිත පිහිටුවා ගැනීමක් ඇද්ද තථාගතයන් වහන්සේට (රහතන් වහන්සේට) ඒවා ප්‍රහීණ වෙලයි තියෙන්නෙ. මුලින්ම උදුරා දමලයි තියෙන්නෙ. මුදුන් කරටිය කැඩී ගිය තල් ගසක් වගේ කරලයි තියෙන්නෙ. අභාවයට පත් කරවලයි තියෙන්නෙ. යළි කවදාවත් නූපදනා ස්වභාවයට පත්කරවලයි තියෙන්නෙ. එනිසාම තථාගතයන් වහන්සේට ‘අනෝකසාරී’ (ගොදුරෙහි නොහැසිරෙන්නා) කියල කියනවා. විඤ්ඤාණ ධාතුව කෙරෙහි තිබෙන්නා වූ යම් ඡන්දයක් ඇද්ද, යම් රාගයක් ඇද්ද, යම් සතුටක් ඇද්ද, යම් තණ්හාවක් ඇද්ද, යම් බැසගැනීමක්, ග්‍රහණය වීමක්, සිතින් අදිටන් කර ගැනීමක්, අභ්‍යන්තර වශයෙන් සිත පිහිටුවා ගැනීමක් ඇද්ද තථාගතයන් වහන්සේට (රහතන් වහන්සේට) ඒවා ප්‍රහීණ වෙලයි තියෙන්නෙ. මුලින්ම උදුරා දමලයි තියෙන්නෙ. මුදුන් කරටිය කැඩී ගිය තල් ගසක් වගේ කරලයි තියෙන්නෙ. අභාවයට පත් කරවලයි තියෙන්නෙ. යළි කවදාවත් නූපදනා ස්වභාවයට පත්කරවලයි තියෙන්නෙ. එනිසාම තථාගතයන් වහන්සේට ‘අනෝකසාරී’ (ගොදුරෙහි නොහැසිරෙන්නා) කියල කියනවා. පින්වත් ගෘහපතිය, කෙනෙක් ඔය විදිහටයි ‘අනෝකසාරී’ (ගොදුරෙහි නොහැසිරෙන්නේ) වන්නේ.

කථඤ්‌ච ගහපති, නිකේතසාරී හෝති? රූපනිමිත්‌තනිකේතවිසාරවිනිබන්‌ධා ඛෝ ගහපති, නිකේතසාරීති වුච්‌චති. සද්‌දනිමිත්‌ත ….(පෙ)…. ගන්‌ධනිමිත්‌ත ….(පෙ)…. රසනිමිත්‌ත ….(පෙ)…. ඵොට්‌ඨබ්‌බනිමිත්‌ත ….(පෙ)…. ධම්‌මනිමිත්‌තනිකේතවිසාරවිනිබන්‌ධා ඛෝ ගහපති, නිකේතසාරීති වුච්‌චති. ඒවං ඛෝ ගහපති, නිකේතසාරී හෝති.

පින්වත් ගෘහපතිය, ‘නිකේතසාරී’ (නිවසෙහි හැසිරෙන කෙනෙක්) වෙන්නෙ කොහොමද? එයා කෙලෙස් පතුරුවලා, ඒකට ම බැඳිලා ඉන්නේ රූප අරමුණ නැමැති නිවස තුළයි. එතකොට තමයි ‘නිකේතසාරී’ (නිවසෙහි හැසිරෙන කෙනා) කියලා කියන්නෙ. ශබ්ද අරමුණ නැමැති ….(පෙ)…. ගන්ධ අරමුණ නැමැති ….(පෙ)…. රස අරමුණ නැමැති ….(පෙ)…. පහස අරමුණ නැමැති ….(පෙ)…. ඒ වගේම එයා කෙලෙස් පතුරුවලා, ඒකට ම බැඳිලා ඉන්නේ සිතට එන අරමුණු නැමැති නිවස තුළයි. එතකොට තමයි ‘නිකේතසාරී’ (නිවසෙහි හැසිරෙන කෙනා) කියලා කියන්නෙ. පින්වත් ගෘහපතිය, ඔය දෙයටයි ‘නිකේතසාරී’ කියලා කියන්නෙ.

කථඤ්‌ච ගහපති, අනිකේතසාරී හෝති? රූපනිමිත්‌තනිකේතවිසාරවිනිබන්‌ධා ඛෝ ගහපති, තථාගතස්‌ස පහීනා උච්‌ඡින්‌නමූලා තාලාවත්‌ථුකතා අනභාවකතා ආයතිං අනුප්‌පාදධම්‌මා. තස්‌මා තථාගතෝ අනිකේතසාරීති වුච්‌චති. සද්‌දනිමිත්‌ත ….(පෙ)…. ගන්‌ධනිමිත්‌ත ….(පෙ)…. රසනිමිත්‌ත ….(පෙ)…. ඵොට්‌ඨබ්‌බනිමිත්‌ත ….(පෙ)…. ධම්‌මනිමිත්‌තනිකේතවිසාරවිනිබන්‌ධා ඛෝ ගහපති, තථාගතස්‌ස පහීනා උච්‌ඡින්‌නමූලා තාලාවත්‌ථුකතා අනභාවකතා ආයතිං අනුප්‌පාදධම්‌මා. තස්‌මා තථාගතෝ අනිකේතසාරීති වුච්‌චති. ඒවං ඛෝ ගහපති, අනිකේතසාරී හෝති.

පින්වත් ගෘහපතිය, ‘අනිකේතසාරී’ (නිවසෙහි නොහැසිරෙන කෙනෙක්) වෙන්නෙ කොහොමද? කෙලෙස් පතුරුවා ගෙන ඒකට බැඳිලා රූප අරමුණ නැමැති නිවස තුළ සිටීම තථාගතයන් වහන්සේට (රහතන් වහන්සේට) ප්‍රහාණය වෙලයි තියෙන්නෙ. මුලින්ම උදුරා දමලයි තියෙන්නෙ. මුදුන් කරටිය කැඩී ගිය තල් ගසක් වගේ කරලයි තියෙන්නෙ. අභාවයට පත් කරවලයි තියෙන්නෙ. යළි කවදාවත් නූපදනා ස්වාභාවයට පත්කරවලයි තියෙන්නෙ. එනිසා ම තථාගතයන් වහන්සේට ‘අනිකේතසාරී’ කියල කියනවා. ශබ්ද අරමුණට ….(පෙ)…. ගන්ධ අරමුණට ….(පෙ)…. රස අරමුණට ….(පෙ)…. පහස අරමුණට ….(පෙ)…. කෙලෙස් පතුරුවා ගෙන ඒකට බැඳිලා සිතට එන අරමුණ නැමැති නිවස තුළ සිටීම තථාගතයන් වහන්සේට (රහතන් වහන්සේට) ප්‍රහාණය වෙලයි තියෙන්නෙ. මුලින්ම උදුරා දමලයි තියෙන්නෙ. මුදුන් කරටිය කැඩී ගිය තල් ගසක් වගේ කරලයි තියෙන්නෙ. අභාවයට පත් කරවලයි තියෙන්නෙ. යළි කවදාවත් නූපදනා ස්වභාවයට පත්කරවලයි තියෙන්නෙ. එනිසා ම තථාගතයන් වහන්සේට ‘අනිකේතසාරී’ කියල කියනවා. පින්වත් ගෘහපතිය, ඔය විදිහටයි ‘අනිකේතසාරී’ (නිවසෙහි නොහැසිරෙන කෙනෙක්) වෙන්නේ.

කථඤ්‌ච ගහපති, ගාමේ සන්‌ථවජාතෝ හෝති? ඉධ ගහපති, ඒකච්චෝ ගිහීහි සංසට්‌ඨෝ විහරති සහනන්දී සහසෝකී, සුඛිතේසු සුඛිතෝ දුක්‌ඛිතේසු දුක්‌ඛිතෝ, උප්‌පන්‌නේසු කිච්‌චකරණීයේසු අත්‌තනා වෝයෝගං ආපජ්‌ජති. ඒවං ඛෝ ගහපති, ගාමේ සන්‌ථවජාතෝ හෝති.

පින්වත් ගෘහපතිය, ගමේ දායකයින් සමග අමුතු බැදීමක් ඇති කර ගැනීම කියල කියන්නෙ මොන වගේ දෙයක්ද? පින්වත් ගෘහපතිය, මෙහි ඇතැම් භික්ෂුවක් ගිහි උදවිය සමග (නෑදෑයින් මෙන්) සමීප ඇසුරක් පවත්වාගෙන යනවා. ඔවුන්ගේ සතුටේදී මේ භික්ෂුවත් සතුටු වෙනවා. ඔවුන්ගේ ශෝකයේදී මේ භික්ෂුවත් ශෝක වෙනවා. සතුටු වෙන දායක පවුල් මැද මේ භික්ෂුව සතුටු වෙනවා. දුක්වෙන දායක පවුල් මැද මෙයා දුක් වෙනවා. ඒ දායක පවුල්වල යම් යම් වැඩකටයුතු ඇතිවුණ කල්හි (මහණදම් පසෙකලා) ඒවාට මැදිහත් විය යුතු කෙනෙක් වෙනවා. පින්වත් ගෘහපතිය, ඔය ආකාරයටයි ගම කෙරෙහි බැදීමක් ඇති කර ගන්නේ.

කථඤ්‌ච ගහපති, ගාමේ න සන්‌ථවජාතෝ හෝති? ඉධ ගහපති, ඒකච්චෝ ගිහීහි අසංසට්‌ඨෝ විහරති න සහනන්දී න සහසෝකී, න සුඛිතේසු සුඛිතෝ න දුක්‌ඛිතේසු දුක්‌ඛිතෝ, උප්‌පන්‌නේසු කිච්‌චකරණීයේසු න අත්‌තනා වෝයෝගං ආපජ්‌ජති. ඒවං ඛෝ ගහපති, ගාමේ න සන්‌ථවජාතෝ හෝති.

පින්වත් ගෘහපතිය, ගමේ දායකයින් සමග අමුතු බැඳීමක් ඇති නොකර ගැනීම කියල කියන්නෙ මොන වගේ දෙයක්ද? පින්වත් ගෘහපතිය, මෙහි ඇතැම් භික්ෂුවක් ගිහි උදවිය සමඟ (නෑදෑයින් මෙන්) සමීප ඇසුරක් පවත්වාගෙන යන්නේ නෑ. ඔවුන්ගේ සතුටේදී මේ භික්ෂුවත් සතුටු වෙන්නෙ නෑ. ඔවුන්ගේ ශෝකයේදී මේ භික්ෂුවත් ශෝක වෙන්නෙ නෑ. සතුටු වෙන දායක පවුල් මැද මෙයා සතුටු වෙන්නෙ නෑ. දුක් වෙන දායක පවුල් මැද මෙයා දුක් වෙන්නෙ නෑ. ඒ දායක පවුල්වල යම් යම් වැඩකටයුතු ඇතිවුණ කල්හි (මහණදම් පසෙක ලා) ඒවාට මැදිහත් විය යුතු කෙනෙක් වෙන්නෙ නෑ. පින්වත් ගෘහපතිය, ඔය ආකාරයටයි ගම කෙරෙහි බැඳීමක් ඇති නොකර ගෙන ඉන්නේ.

කථඤ්‌ච ගහපති, කාමේහි අරිත්තෝ හෝති? ඉධ ගහපති, ඒකච්චෝ කාමේසු අවිගතරාගෝ හෝති අවිගතඡන්දෝ අවිගතපේමෝ අවිගතපිපාසෝ අවිගතපරිළාහෝ අවිගතතණ්‌හෝ. ඒවං ඛෝ ගහපති, කාමේහි අරිත්තෝ හෝති.

පින්වත් ගෘහපතිය, ‘කාමයෙන් හිස් නොවී සිටීම’ කියන්නෙ මොන වගේ දෙයක්ද? පින්වත් ගෘහපතිය, මෙහි ඇතැම් භික්ෂුවක් ඉන්නවා (රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන) කාම අරමුණු කෙරෙහි ඇති රාගය දුරු කරල නෑ. ඡන්දය දුරු කරල නෑ. ප්‍රේමය දුරු කරල නෑ. පිපාසය දුරු කරල නෑ. දාහය දුරු කරල නෑ. තණ්හාව දුරු කරල නෑ. පින්වත් ගෘහපතිය, කාමයෙන් හිස් නොවී සිටීම කියන්නෙ ඔය දෙයටයි.

කථඤ්‌ච ගහපති, කාමේහි රිත්තෝ හෝති? ඉධ ගහපති, ඒකච්චෝ කාමේසු විගතරාගෝ හෝති විගතඡන්දෝ විගතපේමෝ විගතපිපාසෝ විගතපරිළාහෝ විගතතණ්‌හෝ. ඒවං ඛෝ ගහපති, කාමේහි රිත්තෝ හෝති.

පින්වත් ගෘහපතිය, කාමයෙන් හිස් වී සිටීම කියන්නෙ මොන වගේ දෙයක්ද? පින්වත් ගෘහපතිය, මෙහි ඇතැම් භික්ෂුවක් ඉන්නවා (රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන) කාම අරමුණු කෙරෙහි තිබෙන රාගය දුරු කරලයි ඉන්නෙ. ඡන්දය දුරු කරලයි ඉන්නෙ. ප්‍රේමය දුරු කරලයි ඉන්නෙ. පිපාසය දුරු කරලයි ඉන්නෙ. දාහය දුරු කරලයි ඉන්නෙ. තණ්හාව දුරු කරලයි ඉන්නෙ. පින්වත් ගෘහපතිය, ‘කාමයෙන් හිස් වී සිටීම’ කියන්නෙ ඔය දෙයටයි.

කථඤ්‌ච ගහපති, පුරෙක්‌ඛරානෝ හෝති? ඉධ ගහපති, ඒකච්චස්‌ස ඒවං හෝති. ඒවංරූපෝ සියං අනාගතමද්‌ධානං, ඒවංවේදනෝ සියං අනාගතමද්‌ධානං, ඒවංසඤ්‌ඤෝ සියං අනාගතමද්‌ධානං, ඒවංසංඛාරෝ සියං අනාගතමද්‌ධානං, ඒවංවිඤ්‌ඤාණෝ සියං අනාගතමද්‌ධානන්‌ති. ඒවං ඛෝ ගහපති, පුරෙක්‌ඛරානෝ හෝති.

පින්වත් ගෘහපතිය, ‘ලෝකයට අයිති දේවල් ඉදිරියෙහි තබා ගෙන ඉන්නවා’ කියන්නෙ මොන වගේ දෙයකටද? පින්වත් ගෘහපතිය, මෙහි ඇතැම් භික්ෂුවකට මෙවැනි අදහසක් ඇති වෙනවා. ‘අනාගතයේ මට මේ විදිහේ රූපයක් ඇතුව ඉන්නට ඇත්නම්, අනාගතයේ මට මේ විදිහේ විඳීමක් ඇතුව ඉන්නට ඇත්නම්, අනාගතයේ මට මේ විදිහේ හඳුනා ගැනීමක් ඇතුව ඉන්නට ඇත්නම්, ආනාගතයේ මට මේ විදිහේ සංස්කාර ඇතුව ඉන්නට ඇත්නම්, අනාගතයේ මට මේ විදිහේ විඤ්ඤාණයක් ඇතුව ඉන්නට ඇත්නම්’ කියලා. පින්වත් ගෘහපතිය, ඕකට කියන්නෙ ‘ලෝකයට අයිති දේවල් ඉදිරියෙහි තබා ගෙන ඉන්නවා’ කියලයි.

කථඤ්‌ච ගහපති, අපුරෙක්‌ඛරානෝ හෝති? ඉධ ගහපති, ඒකච්චස්‌ස ඒවං න හෝති. ඒවංරූපෝ සියං අනාගතමද්‌ධානං, ඒවංවේදනෝ සියං අනාගතමද්‌ධානං, ඒවංසඤ්‌ඤී සියං අනාගතමද්‌ධානං, ඒවංසංඛාරෝ සියං අනාගතමද්‌ධානං, ඒවංවිඤ්‌ඤාණෝ සියං අනාගතමද්‌ධානං. ඒවං ඛෝ ගහපති, අපුරෙක්‌ඛරානෝ හෝති.

පින්වත් ගෘහපතිය, ‘ලෝකයට අයිති දේවල් ඉදිරියෙහි නොතබා ගෙන ඉන්නවා’ කියන්නෙ මොන වගේ දෙයකටද? පින්වත් ගෘහපතිය, මෙහි ඇතැම් භික්ෂුවකට මෙවැනි අදහස් ඇති වෙන්නෙ නෑ. ‘අනාගතයේ මට මේ විඳිහේ රූපයක් ඇතුව ඉන්නට ඇත්නම්, අනාගතයේ මට මේ විදිහේ විඳීමක් ඇතුව ඉන්නට ඇත්නම්, අනාගතයේ මට මේ විදිහේ හඳුනා ගැනීමක් ඇතුව ඉන්නට ඇත්නම්, අනාගතයේ මට මේ විදිහේ සංස්කාර ඇතුව ඉන්නට ඇත්නම්, අනාගතයේ මට මේ විදිහේ විඤ්ඤාණයක් ඇතුව ඉන්නට ඇත්නම්’ කියලා. පින්වත් ගෘහපතිය, ඕකට කියන්නෙ ‘ලෝකයට අයිති දේවල් ඉදිරියෙහි නොතබා ගෙන ඉන්නවා’ කියලයි.

කථඤ්‌ච ගහපති, කථං විග්‌ගය්‌හ ජනේන කත්‌තා හෝති? ඉධ ගහපති ඒකච්චෝ ඒවරූපිං කථං කත්‌තා හෝති. න ත්‌වං ඉමං ධම්‌මවිනයං ආජානාසි. අහං ඉමං ධම්‌මවිනයං ආජානාමි. කිං ත්‌වං ඉමං ධම්‌මවිනයං ආජානිස්‌සසි? මිච්‌ඡාපටිපන්නෝ ත්‌වමසි. අහමස්‌මි සම්‌මාපටිපන්නෝ. පුරේ වචනීයං පච්‌ඡා අවච. පච්‌ඡා වචනීයං පුරේ අවච. සහිතං මේ අසහිතං තේ. ආචිණ්‌ණං තේ විපරාවත්‌තං. ආරෝපිතෝ තේ වාදෝ. චර වාදප්‌පමොක්‌ඛාය, නිග්‌ගහිතෝසි. නිබ්‌බේඨේහි වා සචේ පහෝසීති. ඒවං ඛෝ ගහපති, කථං විග්‌ගය්‌හ ජනේන කත්‌තා හෝති.

පින්වත් ගෘහපතිය, ‘ජනයාත් සමග කලකෝලාහල ඇති කර ගෙන ඉන්නවා’ කියන්නෙ මොන වගේ දෙයකටද? පින්වත් ගෘහපතිය, මෙහි ඇතැම් භික්ෂුවක් මේ විදිහේ කතාබහ ඇති කර ගන්නවා. ‘නුඹ මේ ධර්ම විනය දන්නෙ නෑ. මං විතරයි මේ ධර්ම විනය දන්නෙ. ඇයි නුඹ මේ ධර්ම විනය දැනගත්තෙ නැත්තෙ. නුඹ යන්නේ වැරදි මාවතකයි. මං විතරයි හරි මාවතේ යන්නෙ. මුලින් ම කිය යුතු දේ තමයි නුඹ පසුව කිව්වෙ. පසුව කිව යුතු දේ තමයි නුඹ කලින් ම කිව්වෙ. යහපත් දේ තියෙන්නෙ මගේ වචනය තුළයි. නුඹේ වචනයේ යහපත් දෙයක් නෑ. නුඹ මෙතෙක් පුරුදු කරපු දේ (මේ වාදය නිසා) කණපිට පෙරලුණා. මං නුඹට වාදයෙන් අභියෝග කරනවා. වාදයෙන් මිදෙන්නට පුළුවන් ක්‍රමයක් සොයා ගෙන එකයි ඇත්තෙ. නුඹට නිග්‍රහ කරලයි තියෙන්නෙ, ඉඳින් පුළුවන්කමක් තියෙයි නම් ගැලවියන්’ කියලා. පින්වත් ගෘහපතිය, ඔය විදිහටයි ජනයා සමග කලකෝලාහල කතාවල් ඇති කර ගන්නෙ.

කථඤ්‌ච ගහපති, කථං න විග්‌ගය්‌හ ජනේන කත්‌තා හෝති? ඉධ ගහපති, ඒකච්චෝ න ඒවරූපිං කථං කත්‌තා හෝති. න ත්‌වං ඉමං ධම්‌මවිනයං ආජානාසි. අහං ඉමං ධම්‌මවිනයං ආජානාමි. කිං ත්‌වං ඉමං ධම්‌මවිනයං ආජානිස්‌සසි? මිච්‌ඡාපටිපන්නෝ ත්‌වමසි. අහමස්‌මි සම්‌මාපටිපන්නෝ. පුරේ වචනීයං පච්‌ඡා අවච. පච්‌ඡා වචනීයං පුරේ අවච. සහිතං මේ අසහිතං තේ. ආචිණ්‌ණං තේ විපරාවත්‌තං. ආරෝපිතෝ තේ වාදෝ. චර වාදප්‌පමොක්‌ඛාය, නිග්‌ගහිතෝසි. නිබ්‌බේඨේහි වා සචේ පහෝසීති. ඒවං ඛෝ ගහපති, කථං න විග්‌ගය්‌හ ජනේන කත්‌තා හෝති.

පින්වත් ගෘහපතිය, ජනයාත් සමග කලකෝලහල ඇති නොකර ගෙන ඉන්නවා කියන්නෙ මොන වගේ දෙයකටද? පින්වත් ගෘහපතිය, මෙහි ඇතැම් භික්ෂුවක් මේ විදිහේ කතාබහ ඇති කර ගන්නෙ නෑ. ‘නුඹ මේ ධර්ම විනය දන්නෙ නෑ. මං විතරයි මේ ධර්ම විනය දන්නෙ. ඇයි නුඹ මේ ධර්ම විනය දැනගත්තෙ නැත්තෙ. නුඹ යන්නේ වැරදි මාවතකයි. මං විතරයි හරි මාවතේ යන්නෙ. මුලින්ම කිය යුතු දේ තමයි නුඹ පසුව කිව්වෙ. පසුව කිව යුතු දේ තමයි නුඹ කලින්ම කිව්වෙ. යහපත් දේ තියෙන්නෙ මගේ වචනය තුළයි. නුඹේ වචනයේ යහපත් දෙයක් නෑ. නුඹ මෙතෙක් පුරුදු කරපු දේ (මේ වාදය නිසා) කණපිට පෙරලුණා. මං නුඹට වාදයෙන් අභියෝග කරනවා. වාදයෙන් මිදෙන්නට පුළුවන් ක්‍රමයක් සොයා ගෙන එකයි ඇත්තෙ. නුඹට නිග්‍රහ කරලයි තියෙන්නෙ, ඉඳින් පුළුවන්කමක් තියෙයි නම් ගැලවියන්’ කියලා. පින්වත් ගෘහපතිය, ඔය විදිහටයි ජනයා සමග කලකෝලාහල කතාවල් ඇති නොකර ගන්නෙ.

ඉති ගහපති, යං තං වුත්‌තං භගවතා අට්‌ඨකවග්‌ගියේ මාගන්දිය පඤ්‌හේ.

පින්වත් ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ අට්ඨක වර්ගයෙහි මගන්දිය ප්‍රශ්නයෙහිලා,

“ඕකං පහාය අනිකේතසාරී – ගාමේ අකුබ්බං මුනි සන්ථවානී
කමේහි රිත්තෝ අපුරෙක්ඛරානෝ – කථං න විග්ගය්හ ජනේන කයිරා’ති”

‘මුනිවරයා සිටින්නේ විඤ්ඤාණයේ පැවැත්මට ගොදුර නම් වූ ඕකය අත්හැරල දමලයි. (මුනිවරයා) හැසිරෙන්නේ බාහිර ආයතන හයට ඇලීම නම් වූ නිකේතය (නිවස) අත්හැර දමලයි. ගමේ පිඬුසිඟා වඩින ඔහු ගම්වැසියන් සමඟ අමුතු බැඳීමක් නෑ. කාමයෙන් හිස් වූ සිතින් ඉන්නෙ. ලෝකයට අයිති කිසිවක් ඉදිරියෙහි තබාගෙන ගමන් කිරීමක් නෑ. ඉතින් එබඳු නිකෙලෙස් මුනිවරයෙක් ජනයා සමඟ කලකෝලාහලයට යන්නෙත් නෑ’ කියලා. යම් දහමක් වදාළ සේක් ද,

ඉමස්‌ස ඛෝ ගහපති, භගවතා සංඛිත්‌තේන භාසිතස්‌ස ඒවං විත්ථාරේන අත්ථෝ දට්ඨබ්බෝති.

පින්වත් ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද මෙම දෙසුමෙහි අර්ථය විස්තර වශයෙන් තේරුම් ගත යුත්තේ ඔන්න ඔය විදිහටයි.

සාදු! සාදු!! සාදු!!!

හාලිද්දිකානි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M