සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.1.2. දේවදහ සුත්තං

1.1.1.2. දේවදහ නගරයේදී වදාළ දෙසුම

2. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සක්‌කේසු විහරති දේවදහං නාම සක්‍යානං නිගමෝ.

2. මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ශාක්‍ය ජනපදයේ දෙව්දහ නුවර නම් වූ ශාක්‍යයන්ගේ කුඩා නගරයේ.

අථ ඛෝ සම්‌බහුලා පච්‌ඡාභූමගමිකා භික්‌ඛූ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්‌නා ඛෝ තේ භික්‌ඛූ භගවන්‌තං ඒතදවෝචුං. ඉච්‌ඡාම මයං භන්තේ, පච්‌ඡාභූමං ජනපදං ගන්‌තුං, පච්‌ඡාභූමේ ජනපදේ නිවාසං කප්‌පේතුන්‌ති.

එදා බටහිර දිශාවේ ජනපදවලට චාරිකාවේ වඩිනු කැමැති බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩම කළා. වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේට සාදරයෙන් වන්දනා කළා. එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පවසා සිටියා. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අප බටහිර දිශාවේ ජනපදවල චාරිකාවේ වඩින්නට කැමැතියි. බටහිර දිශාවේ ජනපදවල දිගටම වාසය කරන්නත් කැමැතියි.”

අපලෝකිතෝ පන වෝ භික්ඛවේ, සාරිපුත්තෝති? න ඛෝ නෝ භන්තේ, අපලෝකිතෝ ආයස්‌මා සාරිපුත්තෝති. අපලෝකේථ භික්ඛවේ, සාරිපුත්‌තං. පණ්‌ඩිතෝ භික්‌ඛූ අනුග්‌ගාහකෝ සබ්‍රහ්‌මචාරීනන්‌ති. ඒවං භන්තේති ඛෝ තේ භික්‌ඛූ භගවතෝ පච්සස්සෝසුං.

“පින්වත් මහණෙනි, ඔබ සාරිපුත්තයන්ව මුණගැසී ඔය කරුණ පැවසුවේ නැද්ද?” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අපට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේව මුණගැසී මෙකරුණ පවසන්නට බැරිවුණා.” “එසේ නම් පින්වත් මහණෙනි, සාරිපුත්තයන් මුණගැසී ඔය කරුණ පවසන්න. පින්වත් මහණෙනි, සාරිපුත්තයන් මහා නුවණැති කෙනෙක්. සබ්‍රහ්මචාරී භික්ෂූන් වහන්සේලාට අනුග්‍රහ කරන කෙනෙක්.” “එසේය ස්වාමීනී” කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා.

තේන ඛෝ පන සමයේන ආයස්‌මා සාරිපුත්තෝ භගවතෝ අවිදූරේ අඤ්‌ඤතරස්‌මිං ඒළගලගුම්‌බේ නිසින්නෝ හෝති. අථ ඛෝ තේ භික්‌ඛූ භගවතෝ භාසිතං අභිනන්‌දිත්‌වා අනුමෝදිත්‌වා උට්‌ඨායාසනා භගවන්‌තං අභිවාදෙත්‌වා පදක්‌ඛිණං කත්‌වා යේනායස්‌මා සාරිපුත්තෝ තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා ආයස්‌මතා සාරිපුත්‌තේන සද්‌ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‌වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්‌නා ඛෝ තේ භික්‌ඛූ ආයස්‌මන්‌තං සාරිපුත්‌තං ඒතදවෝචුං. ඉච්‌ඡාම මයං ආවුසෝ සාරිපුත්‌ත, පච්‌ඡාභූමං ජනපදං ගන්‌තුං, පච්‌ඡාභූමේ ජනපදේ නිවාසං කප්‌පේතුන්ති. අපලෝකිතෝ නෝ සත්‌ථාති.

ඒ වෙලාවේ දී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් එක්තරා තුවර ගස් පිරි වනගොමුවක් සෙවණේ වැඩසිටියා. ඉතින් අර භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ සතුටින් අනුමෝදන්ව සතුටින් පිළිගෙන අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සාදරයෙන් වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ලඟට වැඩම කළා. වැඩම කරලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ සතුටුවිය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙකරුණ පවසා සිටියා.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, අපි බටහිර දිශාවේ ජනපදවලට චාරිකාවේ වඩින්නට කැමතියි. ඒ වගේම බටහිර දිශාවේ ජනපදවල දිගටම වාසය කරන්නටත් කැමතියි. අපේ ගමන ගැන අපගේ ශාස්තෘන් වහන්සේවත් බැහැදැකල පවසා සිටියා.”

සන්‌ති හාවුසෝ, නානාවේරජ්‌ජගතං භික්‌ඛුං පඤ්‌හං පුච්‌ඡිතාරෝ ඛත්‌තියපණ්‌ඩිතාපි බ්‍රාහ්‌මණපණ්‌ඩිතාපි ගහපතිපණ්‌ඩිතාපි සමණපණ්‌ඩිතාපි. පණ්‌ඩිතා හාවුසෝ, මනුස්‌සා වීමංසකා. කිංවාදී පනායස්‌මන්‌තානං සත්‌ථා කිමක්‌ඛායීති? කච්‌චි වෝ ආයස්‌මන්‌තානං ධම්‌මා සුස්‌සුතා සුග්‌ගහිතා සුමනසිකතා සූපධාරිතා සුප්‌පටිවිද්‌ධා පඤ්‌ඤාය, යථා බ්‍යාකරමානා’යස්‌මන්‌තෝ වුත්‌තවාදිනෝ චේව භගවතෝ අස්‌සථ, න ච භගවන්‌තං අභූතේන අබ්‌භාචික්‌ඛෙය්‍යාථ, ධම්‌මස්‌ස චානුධම්‌මං ව්‍යාකරෙය්‍යාථ, න ච කෝචි සහධම්‌මිකෝ වාදානුවාදෝ ගාරය්‌හං ඨානං ආගච්‌ඡෙය්‍යාති?

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය නොයෙක් නොයෙක් රට රාජ්‍යවලට වැඩම කළ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න විමසන ක්ෂත්‍රිය පණ්ඩිතවරුත් ඉන්නවා. බ්‍රාහ්මණ පණ්ඩිතවරුත් ඉන්නවා. ගෘහපති පණ්ඩිතවරුත් ඉන්නවා. ශ්‍රමණ පණ්ඩිතවරුත් ඉන්නවා. ඉතින් ප්‍රිය ආයුෂ්මත්වරුනි, ඔය නුවණැති මිනිස්සු හොඳට විමසා බලා කරුණු දැනගන්නා අය. ‘මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ ශාස්තෘන් වහන්සේ මොන විදිහේ මතයක් දරන කෙනෙක්ද? මොන විදිහේ මතයක් පවසන කෙනෙක්ද?’ කියලා. අන්න ඒ වගේ තැනකදී බණ කියද්දී භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් ම නේද කියන්න ඕන. භාග්‍යවතුන් වහන්සේට අභූත චෝදනා ඇති නොවන දෙයක් ම නේද කියන්න ඕන. ධර්මයට අනුකූල ලෙස ගැලපෙන දෙයක් ම නේද කියන්න ඕන. කවුරුහරි කෙනෙක් කරුණු සහිතව වාදකරමින් ගර්හාවට පත් කරන්නට බැරි දෙයක් ම නේද කියන්න ඕන. ඉතින් ඔය ආයුෂ්මතුන් වහන්සේලා ඊට නිසි ධර්මය හොඳින් අසා දැනගෙනද ඉන්නේ? හොඳින් ඉගෙන ගෙනද ඉන්නේ? හොඳින් මෙනෙහි කරලද ඉන්නේ? හොඳින් මතක තබාගෙනද ඉන්නේ? ප්‍රඥාවෙන් ඇති කරගත් අවබෝධයකින්ද ඉන්නේ?”

දූරතෝපි ඛෝ මයං ආවුසෝ, ආගච්‌ඡෙය්‍යාම ආයස්මතෝ සාරිපුත්‌තස්‌ස සන්‌තිකේ ඒතස්ස භාසිතස්‌ස අත්‌ථමඤ්‌ඤාතුං. සාධු වතායස්‌මන්‌තං යේව සාරිපුත්‌තං පටිභාතු ඒතස්ස භාසිතස්‌ස අත්ථෝති.

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අපි ඕනම දුරක සිට වුණත් ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ළඟට ඔය පැවසූ කරුණෙහි අර්ථය තේරුම් ගැනීම පිණිස වඩින්නට කැමතියි. ඒ නිසා ඔය වදාළ කරුණෙහි අර්ථය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට ම වැටහෙන සේක් නම් ඉතාම හොඳයි.”

තේන හාවුසෝ, සුණාථ, සාධුකං මනසිකරෝථ. භාසිස්‌සාමීති. ඒවමාවුසෝති ඛෝ තේ භික්‌ඛූ ආයස්මතෝ සාරිපුත්‌තස්‌ස පච්චස්සෝසුං. ආයස්‌මා සාරිපුත්තෝ ඒතදවෝච.

“එසේ නම් ප්‍රිය ආයුෂ්මතුනි, හොඳින් සවන් යොමා ගන්න. හොඳින් නුවණින් සිහි කරන්න. මා කියා දෙන්නම්.” “එසේය, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙම දෙසුම වදාළා.

සන්‌ති හාවුසෝ, නානාවේරජ්‌ජගතං භික්‌ඛුං පඤ්‌හං පුච්‌ඡිතාරෝ ඛත්‌තියපණ්‌ඩිතාපි, බ්‍රාහ්මණපණ්‌ඩිතාපි, ගහපතිපණ්‌ඩිතාපි, සමණපණ්‌ඩිතාපි පණ්ඩිතා හාවුසෝ, මනුස්‌සා වීමංසකා. කිංවාදී පනායස්‌මන්‌තානං සත්‌ථා කිමක්‌ඛායීති?

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය නොයෙක් නොයෙක් රට රාජ්‍යවලට වැඩම කළ භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රශ්න විමසන්නා වූ ක්ෂත්‍රිය පණ්ඩිතවරුත් ඉන්නවා. බ්‍රාහ්මණ පණ්ඩිතවරුත් ඉන්නවා. ගෘහපති පණ්ඩිවරුත් ඉන්නවා. ශ්‍රමණ පණ්ඩිතවරුත් ඉන්නවා. ප්‍රිය ආයුෂ්මත්වරුනි, ඔය නුවණැති මිනිස්සු ‘ඔය ආයුෂ්මතුන් වහන්සේලාගේ ශාස්තෘන් වහන්සේ මෙන විදිහේ මතයක් දරණ කෙනෙක්ද? මොන විදිහේ මතයක් පවසන කෙනෙක්ද?’ කියල හොඳින් කරුණු විමසනවා.

ඒවං පුට්‌ඨා තුම්හේ ආවුසෝ, ඒවං බ්‍යාකරෙය්‍යාථ. ඡන්‌දරාගවිනයක්‌ඛායී ඛෝ නෝ ආවුසෝ, සත්‌ථාති.

ප්‍රිය ආයුෂ්මත්වරුනි, ඔන්න ඔය විදිහට ඇහුවොත් පිළිතුරු දිය යුත්තේ මෙහෙමයි. ‘එම්බා ආයුෂ්මත්නි, අපගේ ශාස්තෘන් වහන්සේ ඡන්දරාගය (කැමැත්තෙන් ඇලීම) දුරු කිරීම ගැනයි අපට වදාරන්නේ’ කියලා.

ඒවං බ්‍යාකතේපි ඛෝ ආවුසෝ, අස්‌සුයේව උත්‌තරිං පඤ්‌හං පුච්‌ඡිතාරෝ. ඛත්‌තියපණ්‌ඩිතාපි, බ්‍රාහ්මණපණ්‌ඩිතාපි, ගහපතිපණ්‌ඩිතාපි, සමණපණ්‌ඩිතාපි. පණ්‌ඩිතා හාවුසෝ, මනුස්‌සා වීමංසකා. කිස්‌මිං පනායස්‌මන්‌තානං ඡන්‌දරාගවිනයක්‌ඛායී සත්‌ථාති?

එතකොට ප්‍රිය ආයුෂ්මත්වරුනි, ඔය විදිහට කරුණු පැවසූ විට ආයෙමත් ප්‍රශ්න කරන ක්ෂත්‍රිය පණ්ඩිතවරුත් ඉන්නවා. බ්‍රාහ්මණ පණ්ඩිතවරුත් ඉන්නවා. ගෘහපති පණ්ඩිතවරුත් ඉන්නවා. ශ්‍රමණ පණ්ඩිතවරුත් ඉන්නවා. ප්‍රිය ආයුෂ්මත්වරුනි, ඔය නුවණැති මිනිස්සු ‘ආයුෂ්මතුන් වහන්සේලාගේ ශාස්තෘන් වහන්සේ වදාරන්නේ මොනවා ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමටද?’ කියලා හොඳින් කරුණු විමසනවා.

ඒවං පුට්‌ඨා තුම්හේ ආවුසෝ, ඒවං බ්‍යාකරෙය්‍යාථ. රූපේ ඛෝ ආවුසෝ, ඡන්‌දරාගවිනයක්‌ඛායී සත්‌ථා, වේදනාය ඡන්‌දරාගවිනයක්‌ඛායී සත්‌ථා, සඤ්‌ඤාය ඡන්‌දරාගවිනයක්‌ඛායී සත්‌ථා, සංඛාරේසු ඡන්‌දරාගවිනයක්‌ඛායී සත්‌ථා, විඤ්‌ඤාණේ ඡන්‌දරාගවිනයක්‌ඛායී සත්‌ථාති.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය විදිහට අහුවොත් පිළිතුරු දිය යුත්තේ මෙහෙමයි. ‘එම්බා ආයුෂ්මත්නි, අපගේ ශාස්තෘන් වහන්සේ අපට වදාරන්නේ රූපය ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමටයි. වේදනාව ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමටයි. සඤ්ඤාව ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමටයි. සංස්කාර ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමටයි. විඤ්ඤාණය ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමටයි.’

ඒවං බ්‍යාකතේපි ඛෝ ආවුසෝ, අස්‌සුයේව උත්‌තරිං පඤ්‌හං පුච්‌ඡිතාරෝ. ඛත්‌තියපණ්‌ඩිතාපි බ්‍රාහ්මණපණ්‌ඩිතාපි ගහපතිපණ්‌ඩිතාපි සමණපණ්‌ඩිතාපි. පණ්‌ඩිතා හාවුසෝ, මනුස්‌සා වීමංසකා. කිං පනායස්‌මන්‌තානං ආදීනවං දිස්වා රූපේඡන්දරාගවිනයක්‌ඛායී සත්‌ථා, වේදනාය ඡන්‌දරාගවිනයක්‌ඛායී සත්‌ථා, සඤ්‌ඤාය ඡන්‌දරාගවිනයක්‌ඛායී සත්‌ථා, සංඛාරේසු ඡන්‌දරාගවිනයක්‌ඛායී සත්‌ථා, විඤ්‌ඤාණේ ඡන්‌දරාගවිනයක්‌ඛායී සත්‌ථාති.

එතකොට ප්‍රිය ආයුෂ්මත්වරුනි, ඔය විදිහට කිව්වහම ආයෙමත් ප්‍රශ්න කරන ක්ෂත්‍රිය පණ්ඩිතවරුත් ඉන්නවා. බ්‍රාහ්මණ පණ්ඩිතවරුත් ඉන්නවා. ගෘහපති පණ්ඩිතවරුත් ඉන්නවා. ශ්‍රමණ පණ්ඩිතවරුත් ඉන්නවා. ප්‍රිය ආයුෂ්මත්වරුනි, ඔය නුවණැති මිනිස්සු ‘ආයුෂ්මතුන් වහන්සේලාගේ ශාස්තෘන් වහන්සේ රූපය ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමට දහම් දෙසන්නේ, වේදනාව ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමට දහම් දෙසන්නේ, සඤ්ඤාව ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමට දහම් දෙසන්නේ, සංස්කාර ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමට දහම් දෙසන්නේ, විඤ්ඤාණය ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමට දහම් දෙසන්නේ මොන විදිහේ ආදීනව දැකලද?’ කියලා හොඳින් කරුණු විමසනවා.

ඒවං පුට්‌ඨා තුම්හේ ආවුසෝ, ඒවං බ්‍යාකරෙය්‍යාථ. රූපේ ඛෝ ආවුසෝ, අවිගතරාගස්‌ස, අවිගතඡන්‌දස්‌ස අවිගතපේමස්‌ස අවිගතපිපාසස්‌ස අවිගතපරිළාහස්ස අවිගතතණ්‌හස්‌ස. තස්‌ස රූපස්‌ස විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා. වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරේසු අවිගතරාගස්‌ස අවිගතඡන්‌දස්‌ස අවිගතපේමස්‌ස, අවිගතපිපාසස්‌ස අවිගතපරිළාහස්ස අවිගතතණ්‌හස්‌ස. තේසං සංඛාරානං විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා. විඤ්‌ඤාණේ අවිගතරාගස්‌ස අවිගතඡන්‌දස්‌ස අවිගතපේමස්‌ස අවිගතපිපාසස්‌ස අවිගතපරිළාහස්‌ස අවිගතතණ්‌හස්‌ස තස්‌ස විඤ්‌ඤාණස්‌ස විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා. ඉදං ඛෝ නෝ ආවුසෝ, ආදීනවං දිස්‌වා රූපේ ඡන්‌දරාගවිනයක්‌ඛායී සත්‌ථා, වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරේසු ….(පෙ)…. විඤ්‌ඤාණේ ඡන්‌දරාගවිනයක්‌ඛායී සත්‌ථාති.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය විදිහට ඇහුවොත් පිළිතුරු දිය යුත්තේ මෙහෙමයි. ‘එම්බා ආයුෂ්මත්නි, (සතර මහා ධාතූන්ගෙන් හටගන්නා වූ) රූපය කෙරෙහි ඇති රාගය දුරු නොකළ, කැමැත්ත දුරු නොකළ, ප්‍රේමය දුරු නොකළ, පිපාසය දුරු නොකළ, දාහය දුරු නොකළ, තණ්හාව දුරු නොකළ කෙනෙකුට ඔහුගේ ඒ රූපය වෙනස් වෙලා යද්දී වෙනත් ස්වභාවයකට පත්වෙද්දී ඔහු තුළ සෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් ඇති වෙනවා. වේදනාව කෙරෙහි ….(පෙ)…. සඤ්ඤාව කෙරෙහි ….(පෙ)…. සංස්කාර කෙරෙහි ඇති රාගය දුරු නොකළ, කැමැත්ත දුරු නොකළ, ප්‍රේමය දුරු නොකළ, පිපාසය දුරු නොකළ, දාහය දුරු නොකළ, තණ්හාව දුරු නොකළ කෙනෙකුට ඔහුගේ ඒ සංස්කාර වෙනස් වෙලා යද්දී, වෙනත් ස්වභාවයකට පත්වෙද්දී ඔහු තුළ සෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් ඇති වෙනවා. ඒ වගේම විඤ්ඤාණය කෙරෙහි ඇති රාගය දුරු නොකළ, කැමැත්ත දුරු නොකළ, ප්‍රේමය දුරු නොකළ, පිපාසය දුරු නොකළ, දාහය දුරු නොකළ, තණ්හාව දුරු නොකළ කෙනෙකුට ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනස් වෙලා යද්දී වෙනත් ස්වභාවයකට පත්වෙද්දී ඔහු තුළ සෝක වැළපීම් දුක් දොම්නස්, සුසුම් හෙළීම් ඇති වෙනවා. ඉතින් එම්බා ආයුෂ්මත්නි, ඔන්න ඔය ආදීනවය දැකලයි අපගේ ශාස්තෘන් වහන්සේ රූපය ගැන ඇති ඡන්දරාගය දුරු කිරීම පිණිස දහම් දෙසන්නේ. වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය ගැන ඇති ඡන්දරාගය දුරු කිරීම පිණිස දහම් දෙසන්නේ.’

ඒවං බ්‍යාකතේපි ඛෝ ආවුසෝ, අස්‌සුයේව උත්‌තරිං පඤ්‌හං පුච්‌ඡිතාරෝ ඛත්‌තියපණ්‌ඩිතාපි බ්‍රාහ්මණපණ්‌ඩිතාපි ගහපතිපණ්‌ඩිතාපි සමණපණ්‌ඩිතාපි. පණ්‌ඩිතා හාවුසෝ, මනුස්‌සා වීමංසකා. කිම්පනායස්‌මන්‌තානං ආනිසංසං දිස්‌වා රූපේ ඡන්‌දරාගවිනයක්‌ඛායී සත්‌ථා, වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරේසු ….(පෙ)…. විඤ්‌ඤාණේ ඡන්‌දරාගවිනයක්‌ඛායී සත්‌ථාති.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට කිව්වහම ආයෙමත් ප්‍රශ්න කරන ක්ෂත්‍රිය පණ්ඩිතවරුත් ඉන්නවා. බ්‍රාහ්මණ පණ්ඩිතවරුත් ඉන්නවා. ගෘහපති පණ්ඩිතවරුත් ඉන්නවා. ශ්‍රමණ පණ්ඩිතවරුත් ඉන්නවා. ප්‍රිය ආයුෂ්මත්වරුනි, ඔය නුවණැති මිනිස්සු ‘ආයුෂ්මතුන් වහන්සේලාගේ ශාස්තෘන් වහන්සේ රූපය ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමට දහම් දෙසන්නේ, වේදනාව ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමට දහම් දෙසන්නේ, සඤ්ඤාව ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමට දහම් දෙසන්නේ, සංස්කාර ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමට දහම් දෙසන්නේ, විඤ්ඤාණය ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමට දහම් දෙසන්නේ මොන විදිහේ ආනිශංස දැකලද?’ කියලත් හොඳින් කරුණු විමසනවා.

ඒවං පුට්‌ඨා තුම්හේ ආවුසෝ, ඒවං බ්‍යාකරෙය්‍යාථ. රූපේ ඛෝ ආවුසෝ, විගතරාගස්‌ස විගතඡන්‌දස්‌ස විගතපේමස්‌ස විගතපිපාසස්‌ස විගතපරිළාහස්‌ස විගතතණ්‌හස්‌ස තස්‌ස රූපස්‌ස විපරිණාමඤ්‌ඤථාභාවා නූප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා. වේදනාය විගතරාගස්‌ස විගතඡන්‌දස්‌ස විගතපේමස්‌ස විගතපිපාසස්‌ස විගතපරිළාහස්‌ස විගතතණ්‌හස්‌ස තස්‌සා වේදනාය විපරිණාමඤ්‌ඤථාභාවා නූප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරේසු විගතරාගස්‌ස විගතඡන්‌දස්‌ස විගතපේමස්‌ස විගතපිපාසස්‌ස විගතපරිළාහස්‌ස විගතතණ්‌හස්‌ස තේසං සංඛාරානං විපරිණාමඤ්‌ඤථාභාවා නූප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා. විඤ්ඤාණේ විගතරාගස්‌ස විගතඡන්‌දස්‌ස විගතපේමස්‌ස විගතපිපාසස්‌ස විගතපරිළාහස්‌ස විගතතණ්‌හස්‌ස තස්‌ස විඤ්‌ඤාණස්‌ස විපරිණාමඤ්‌ඤථාභාවා නූප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා. ඉදං ඛෝ නෝ ආවුසෝ, ආනිසංසං දිස්‌වා රූපේ ඡන්‌දරාගවිනයක්‌ඛායී සත්‌ථා, වේදනාය ඡන්‌දරාගවිනයක්‌ඛායී සත්‌ථා, සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරේසු ….(පෙ)…. විඤ්ඤාණේ ඡන්‌දරාගවිනයක්‌ඛායී සත්‌ථාති.

ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට ඇහුවොත් පිළිතුරු දිය යුත්තේ මෙහෙමයි. ‘එම්බා ආයුෂ්මත්නි, (සතර මහා ධාතුන් ගෙන් හටගත්තා වූ) රූපය කෙරෙහි ඇති රාගය දුරු කරපු, කැමැත්ත දුරු කරපු, ප්‍රේමය දුරු කරපු, පිපාසය දුරු කරපු, දාහය දුරු කරපු, තණ්හාව දුරු කරපු කෙනෙකුට ඔහුගේ ඒ රූපය වෙනස් වෙලා යද්දී වෙනත් ස්වභාවයකට පත්වෙද්දී ඔහු තුළ සෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් ඇතිවෙන්නේ නෑ. වේදනාව කෙරෙහි ….(පෙ)…. සඤ්ඤාව කෙරෙහි ….(පෙ)…. සංස්කාර කෙරෙහි ඇති රාගය දුරු කරපු, කැමැත්ත දුරු කරපු, ප්‍රේමය දුරු කරපු, පිපාසය දුරු කරපු, දාහය දුරු කරපු, තණ්හාව දුරු කරපු කෙනෙකුට ඔහුගේ ඒ සංස්කාර වෙනස් වෙලා යද්දී වෙනත් ස්වභාවයකට පත්වෙද්දී ඔහු තුළ සෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙලීම් ඇතිවෙන්නේ නෑ. විඤ්ඤාණය කෙරෙහි ඇති රාගය දුරු කරපු, කැමැත්ත දුරු කරපු, ප්‍රේමය දුරු කරපු, පිපාසය දුරු කරපු, දාහය දුරු කරපු, තණ්හාව දුරු කරපු කෙනෙකුට ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනස් වෙලා යද්දී වෙනත් ස්වභාවයකට පත්වෙද්දී ඔහු තුළ සෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් ඇතිවෙන්නේ නෑ. ඉතින් එම්බා ආයුෂ්මත්නි, ඔන්න ඔය ආනිශංස දැකලයි අපගේ ශාස්තෘන් වහන්සේ රූපය ගැන ඇති ඡන්දරාගය දුරු කිරීම පිණස දහම් දෙසන්නේ. වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය ගැන ඇති ඡන්දරාගය දුරු කිරීම පිණිස දහම් දෙසන්නේ.’

අකුසලේ චාවුසෝ, ධම්‌මේ උපසම්‌පජ්‌ජ විහරතෝ දිට්ඨේ චේව ධම්‌මේ සුඛෝ විහාරෝ අභවිස්‌ස අවිඝාතෝ අනුපායාසෝ අපරිළාහෝ, කායස්‌ස ච භේදා පරම්මරණා සුගති පාටිකංඛා, නයිදං භගවා අකුසලානං ධම්‌මානං පහානං වණ්‌ණෙය්‍ය. යස්‌මා ච ඛෝ ආවුසෝ, අකුසලේ ධම්‌මේ උපසම්‌පජ්‌ජ විහරතෝ දිට්ඨේ චේව ධම්‌මේ දුක්ඛෝ විහාරෝ සවිඝාතෝ සඋපායාසෝ සපරිළාහෝ, කායස්‌ස ච භේදා පරම්මරණා දුග්‌ගති පාටිකංඛා, තස්‌මා භගවා අකුසලානං ධම්‌මානං පහානං වණ්‌ණේති.

ප්‍රිය ආයුෂ්මත්වරුනි, පව් කරන කෙනෙකුට මේ ජීවිතය තුළදීම සැප සේ සිටින්නට පුළුවන් නම්, දුකක් නැතිව සිටින්නට පුළුවන් නම්, පීඩාවක් නැතිව සිටින්නට පුළුවන් නම්, දැවිල්ලක් නැතුව සිටින්නට පුළුවන් නම්, කය බිඳී මරණින් මතු සුගතියෙහි ඉපදීම කැමැතිවන්නටත් පුළුවන් නම්, භාග්‍යවතුන් වහන්සේ ඔය පාපී අකුසල් ප්‍රහාණය කිරීම වර්ණනා කරන්නේ නෑ. නමුත් පින්වත් ආයුෂ්මත්වරුනි, පව් කරන කෙනෙකුට මේ ජීවිතය තුළදී ම දුකසේ සිටින්නට වෙන නිසා, පීඩා සහිතව සිටින්නට වෙන නිසා, කරදර සහිතව සිටින්නට වෙන නිසා, දැවිලි සහිතව සිටින්නට වෙන නිසා, කය බිදී මරණින් මතු දුගතියේ උපදින්නට කැමැති විය යුතු නිසා ම යි භාග්‍යවතුන් වහන්සේ මේ පාපී අකුසල් ප්‍රහාණය කිරීම ගැන වර්ණනා කොට වදාළේ.

කුසලේ චාවුසෝ, ධම්‌මේ උපසම්‌පජ්‌ජ විහරතෝ දිට්ඨේ චේව ධම්‌මේ දුක්ඛෝ විහාරෝ අභවිස්‌ස සවිඝාතෝ සඋපායාසෝ සපරිළාහෝ, කායස්‌ස ච භේදා පරම්මරණා දුග්‌ගති පාටිකංඛා, නයිදං භගවා කුසලානං ධම්‌මානං උපසම්‌පදං වණ්‌ණෙය්‍ය. යස්‌මා ච ඛෝ ආවුසෝ, කුසලේ ධම්‌මේ උපසම්‌පජ්‌ජ විහරතෝ දිට්ඨේ චේව ධම්‌මේ සුඛෝ විහාරෝ අවිඝාතෝ අනුපායාසෝ අපරිළාහෝ, කායස්‌ස ච භේදා පරම්මරණා සුගති පාටිකංඛා, තස්‌මා භගවා කුසලානං ධම්‌මානං උපසම්‌පදං වණ්‌ණේතීති.

ප්‍රිය ආයුෂ්මත්වරුනි, කුසල් කරන කෙනෙකුට මේ ජීවිතය තුළදී ම ජීවත් වෙන්නට සිදුවන්නේ දුක් සේ නම්, ජීවත් වෙන්නට සිදුවන්නේ පීඩා සහිතව නම්, ජීවත් වෙන්නට සිදුවන්නේ කරදර සහිතව නම්, ජීවත් වෙන්නට සිදුවන්නේ දැවිලි සහිතව නම්, කය බිඳී මරණින් මතු දුගතියෙහි උපදින්නට කැමැති වීම නම් සිදුවන්නේ, භාග්‍යවතුන් වහන්සේ මේ කුසල් කිරීම ගැන වර්ණනා කරන්නේ නෑ. නමුත් පින්වත් ආයුෂ්මත්වරුනි, කුසල් දහම් උපදවා ගෙන වාසය කරන කොට සැප ලැබෙන නිසා ම යි, දුකක් නැතුව ජීවත් වෙන්නට පුළුවන් නිසා ම යි, පීඩා නැතුව ජීවත් වෙන්නට පුළුවන් නිසා ම යි, කරදර නැතුව ජීවත් වෙන්නට පුළුවන් නිසා ම යි. දැවිලි නැතුව ජීවත් වෙන්නට පුළුවන් නිසා ම යි කය බිඳී මරණින් මතු සුගතියෙහි උපත ලැබීම ගැන කැමැති වෙන්නට පුළුවන් නිසා ම යි භාග්‍යවතුන් වහන්සේ මේ කුසල් දහම් උපදවා ගෙන එයට පැමිණ වාසය කිරීම ගැන වර්ණනා කොට වදාළේ.

ඉදමවෝචායස්‌මා සාරිපුත්තෝ. අත්‌තමනා තේ භික්‌ඛූ ආයස්මතෝ සාරිපුත්‌තස්‌ස භාසිතං අභිනන්‌දුන්‌ති.

ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙම දෙසුම වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා වඩාත් සතුටු වුණා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ දෙසුම මහත් සොම්නසින් යුතුව පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

දේවදහ සූත්‍රය නිමා විය

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M