සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.1.1. නකුලපිතු සුත්තං

1.1.1.1. නකුලපිතු ගෘහපතිතුමාට වදාළ දෙසුම

1. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා භග්‌ගේසු විහරති සුංසුමාරගිරේ භේසකළාවනේ මිගදායේ.

1. මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිරි නගරය අසල වූ භේසකලා නම් මුවන්ට අභය භූමියක් වූ වනාන්තරයක ය.

අථ ඛෝ නකුලපිතා ගහපති යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්‌නෝ ඛෝ නකුලපිතා ගහපති භගවන්‌තං ඒතදවෝච. අහමස්‌මි භන්තේ, ජිණ්‌ණෝ වුද්ධෝ මහල්‌ලකෝ අද්‌ධගතෝ වයෝඅනුප්‌පත්‌තෝ ආතුරකායෝ අභිණ්හාතං‌කෝ. අනිච්‌චදස්‌සාවී ඛෝ පනාහං භන්තේ, භගවතෝ මනෝභාවනීයානඤ්‌ච භික්‌ඛූනං. ඕවදතු මං භන්තේ භගවා, අනුසාසතු මං භන්තේ භගවා, යං මමස්‌ස දීඝරත්‌තං හිතාය සුඛායාති.

එදා නකුලපිතු ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ නකුලපිතු ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පවසා සිටියා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා දැන් දිරාගියපු කෙනෙක්. බොහෝම වයසක කෙනෙක්. මහළු වුණ කෙනෙක්. සෑහෙන්න වයසයි. ජීවිතයේ අවසාන භාගයට ඇවිල්ලයි ඉන්නේ. රෝගී ශරීරයක් ඇති කෙනෙක්. හැම තිස්සේම මොකක් හරි අසනීපයකින් ලෙඩවෙච්ච ගමන්මයි. ඉතින් ස්වාමීනී, මට සිතේ සතුට වඩවන උතුම් ස්වාමීන් වහන්සේලා නිතර දකින්නට ලැබෙන්නේ නෑ. ඒ නිසා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මා හට අවවාද කරන සේක්වා! ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මා හට අනුශාසනා කරන සේක්වා! එය මට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතීවි.”

ඒවමේතං ගහපති, ඒවමේතං ගහපති, ආතුරෝ හයං ගහපති, කායෝ අණ්‌ඩභූතෝ පරියෝනද්‌ධෝ. යෝ හි ගහපති, ඉමං කායං පරිහරන්‌තෝ මුහුත්‌තම්‌පි ආරෝග්‍යං පටිජානෙය්‍ය, කිමඤ්‌ඤත්‍ර බාල්‍යා? තස්‌මාතිහ තේ ගහපති, ඒවං සික්‌ඛිතබ්‌බං. ආතුරකායස්‌ස මේ සතෝ චිත්‌තං අනාතුරං භවිස්‌සතීති. ඒවං ‌හි තේ ගහපති, සික්‌ඛිතබ්‌බන්‌ති.

“පින්වත් ගෘහපතිය, ඒක එහෙම ම තමයි. පින්වත් ගෘහපතිය, ඒක එහෙම ම තමයි. මේ කය කියන්නේ ලෙඩ දුක් හැදෙන දෙයක් නෙව. මේ කය සියුම් කටුවකින් වැසී තිබෙන බිත්තරයක් වගෙයි. ඉතින් පින්වත් ගෘහපතිය, එබඳු වූ මේ කය පරිහරණය කරමින් යම් කෙනෙක් මොහොතකට නමුත් නීරෝග බව ගැන උදම් අනයි නම්, ඒක අඥානකම විනා වෙන මොකක්ද? ඒ නිසා පින්වත් ගෘහපතිය, ඔබ හික්මිය යුත්තේ මෙන්න මේ විදිහටයි. මා හට අසනීපවලින් දුක් විඳින කයක් තියෙන කොට වුණත් සිත විතරක් ලෙඩ කර ගන්නේ නෑ කියලයි. පින්වත් ගෘහපතිය, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්නට ඕන.”

අථ ඛෝ නකුලපිතා ගහපති භගවතෝ භාසිතං අභිනන්‌දිත්‌වා අනුමෝදිත්‌වා උට්‌ඨායාසනා භගවන්‌තං අභිවාදෙත්‌වා පදක්‌ඛිණං කත්‌වා යේනායස්‌මා සාරිපුත්තෝ තේනුපසංකමි. උපසංකමිත්‌වා ආයස්‌මන්‌තං සාරිපුත්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්‌නං ඛෝ නකුලපිතරං ගහපතිං ආයස්‌මා සාරිපුත්තෝ ඒතදවෝච. විප්‌පසන්‌නානි ඛෝ තේ ගහපති, ඉන්‌ද්‍රියානි. පරිසුද්‌ධෝ මුඛවණ්‌ණෝ පරියෝදාතෝ. අලත්‌ථ නෝ අජ්‌ජ භගවතෝ සම්‌මුඛා ධම්‌මිං කථං සවනායාති? කිං හි නෝ සියා භන්තේ, ඉදානාහං භන්තේ, භගවතා ධම්‌මියා කථාය අමතේන අභිසිත්‌තෝති. යථාකථං පන ත්‌වං, ගහපති, භගවතා ධම්‌මියා කථාය අමතේන අභිසිත්‌තෝති?

එතකොට නකුලපිතු ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේ වදාළ අවවාදය ඉතා සතුටින් පිළිගත්තා. අනුමෝදන් වුණා. තමා සිටි අසුනින් නැගිට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැදකුණු කළා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට වන්දනා කළා. එකත්පස්ව වාඩිවුණා. එවිට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ එකත්පස්ව වාඩි වී හුන් නකුලපිතු ගෘහපතිතුමාගෙන් මෙකරුණ අසා වදාළා. “හා! පින්වත් ගෘහපතිය, අද ඔබගේ ඉඳුරන් ඉතා ප්‍රසන්නයි. මුහුණෙහි පැහැය ඉතා පිරිසිදුයි. බබලනවා. අද නම් භාග්‍යවතුන් වහන්සේගෙන් උතුම් ධර්ම කථාවක් අසන්නට ලැබී තියෙන හැඩයි.” “ස්වාමීනී, ඇත්තෙන්ම එහෙම නොලැබී තිබෙන්නේ කොහොමද? මා දැන් භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධර්ම කථාව නම් වූ අමෘතයෙන් අභිෂේක ලබලයි මේ ඉන්නේ.” “පින්වත් ගෘහපතිය, ඔබ භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කථාව නම් වූ අමෘතයෙන් අභිෂේක ලැබුවේ කොහොමද?”

ඉධාහං භන්තේ, යේන භගවා තේනුපසංකමිං. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදිං. ඒකමන්තං නිසින්නෝ ඛෝ හං, භන්තේ, භගවන්‌තං ඒතදවෝචං. අහමස්‌මි භන්තේ, ජිණ්‌ණෝ වුද්ධෝ මහල්‌ලකෝ අද්‌ධගතෝ වයෝඅනුප්‌පත්‌තෝ ආතුරකායෝ අභිණ්හාතංකෝ. අනිච්‌චදස්‌සාවී ඛෝ පනාහං භන්තේ, භගවතෝ මනෝභාවනීයානඤ්‌ච භික්‌ඛූනං. ඕවදතු මං භන්තේ භගවා. අනුසාසතු මං භන්තේ භගවා. යං මමස්‌ස දීඝරත්‌තං හිතාය සුඛායාති.

“ස්වාමීනී, ඉතින් මා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. ස්වාමීනී, එකත්පස්ව වාඩිවුණ මා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පවසා සිටියා. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා දැන් දිරාගියපු කෙනෙක්. බොහෝම වයසක කෙනෙක්. මහළුවුණ කෙනෙක්. සෑහෙන්න වයසයි. ජීවිතයේ අවසාන භාගයට ඇවිල්ලයි ඉන්නේ. රෝගී ශරීරයක් ඇති කෙනෙක්. හැම තිස්සේම මොකක් හරි අසනීපයකින් ලෙඩවෙච්ච ගමන්මයි. ඉතින් ස්වාමීනී, මට සිතේ සතුට වඩවන උතුම් ස්වාමීන් වහන්සේලා නිතර දකින්නට ලැබෙන්නේ නෑ. ඒ නිසා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මා හට අවවාද කරන සේක්වා! ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මා හට අනුශාසනා කරන සේක්වා! එය මට බොහෝ කාලයක් සිත සුව පිණිස පවතීවි’ කියලා.

ඒවං වුත්තේ මං භන්තේ, භගවා ඒතදවෝච. ඒවමේතං ගහපති, ඒවමේතං ගහපති, ආතුරෝ හයං ගහපති, කායෝ අණ්‌ඩභූතෝ පරියෝනද්‌ධෝ. යෝ හි ගහපති, ඉමං කායං පරිහරන්‌තෝ මුහුත්‌තම්‌පි ආරෝග්‍යං පටිජානෙය්‍ය, කිමඤ්‌ඤත්‍ර බාල්‍යා? තස්‌මාතිහ තේ ගහපති, ඒවං සික්‌ඛිතබ්‌බා. ආතුරකායස්‌ස මේ සතෝ චිත්‌තං අනාතුරං භවිස්‌සතීති. ඒවං හි තේ ගහපති, සික්‌ඛිතබ්‌බන්‌ති. ඒවං ඛෝ හං භන්තේ, භගවතා ධම්‌මියා කථාය අමතේන අභිසිත්‌තෝති.

එතකොට ස්වාමීනී, මා ඔය විදිහට කිව්වාට පස්සේ, භාග්‍යවතුන් වහන්සේ මට මේ අවවාදය වදාළා. ‘පින්වත් ගෘහපතිය, ඒක එහෙම ම තමයි. පින්වත් ගෘහපතිය, ඒක එහෙම ම තමයි. මේ කය කියන්නේ ලෙඩ දුක් හැදෙන දෙයක් නෙව. සියුම් කටුවකින් වැසී තිබෙන බිත්තරයක් වගෙයි. ඉතින් පින්වත් ගෘහපතිය, එබඳු වූ මේ කය පරිහරණය කරමින් යම් කෙනෙක් මොහොතකට නමුත් නිරෝග බව ගැන උදම් අනයි නම් ඒක අඥානකම විනා වෙන මොකක්ද? ඒ නිසා පින්වත් ගෘහපතිය, ඔබ හික්මිය යුත්තේ මෙන්න මේ විදිහටයි. මා හට අසනීපවලින් දුක් විඳින කයක් තියෙන කොට වුණත් සිත විතරක් ලෙඩ කර ගන්නෙ නෑ කියලයි. පින්වත් ගෘහපතිය, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්නට ඕන’ කියලා. ස්වාමීනී, ඔන්න ඔය විදිහටයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කථාව නම් වූ අමෘතයෙන් මං අභිෂේක ලැබුවේ.”

න හි පන තං ගහපති, පටිභාසි භගවන්‌තං උත්‌තරිං පටිපුච්‌ඡිතුං. කිත්‌තාවතා නු ඛෝ භන්තේ, ආතුරකායෝ චේව හෝති ආතුරචිත්‌තෝ ච? කිත්‌තාවතා ච පන ආතුරකායෝ හි ඛෝ හෝති නෝ ච ආතුරචිත්‌තෝති ? දූරතෝපි ඛෝ මයං භන්තේ, ආගච්‌ඡෙය්‍යාම ආයස්මතෝ සාරිපුත්‌තස්‌ස සන්‌තිකේ ඒතස්ස භාසිතස්‌ස අත්‌ථමඤ්‌ඤාතුං. සාධු වතායස්‌මන්‌තං යේව සාරිපුත්‌තං පටිභාතු ඒතස්ස භාසිතස්‌ස අත්ථෝ’ති.

“ඉතින් පින්වත් ගෘහපතිය, ‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ශරීරයක් අසනීපවලින් පීඩා විඳින කොට සිතත් ඒ එක්කම ලෙඩ වෙන්නේ කොහොමද? යන කරුණත්, ශරීරයක් අසනීපවලින් පීඩා විඳින කොට ලෙඩ නොවන සිතක් ඇතිව ඉන්නේ කොහොමද?’ යන කරුණත් ඊළඟට විමසන්නට ඔබට වැටහුණේ නැද්ද?” “අනේ ස්වාමීනී, ඔය පවසා වදාළ කරුණේ අර්ථය හොඳින් පැහැදිලි කරගන්නට අප කොතරම් දුර බැහැරක සිට වුණත් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ළඟට එන්න කැමතියි. ඒ නිසා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේටම ඔය පවසා වදාළ කරුණෙහි අර්ථය හොඳින් වැටහෙන සේක් නම් අගෙයි.”

තේන හි ගහපති සුණාහි, සාධුකං මනසිකරෝහි. භාසිස්‌සාමීති. ඒවම්භන්තේති ඛෝ නකුලපිතා ගහපති ආයස්මතෝ සාරිපුත්‌තස්‌ස පච්චස්සෝසි. ආයස්‌මා සාරිපුත්තෝ ඒතදවෝච.

“එහෙම නම් පින්වත් ගෘහපතිය, සවන් යොමා අසාගෙන ඉන්න. හොඳින් නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.” “එසේය, ස්වාමීනී” කියලා නකුලපිතු ගෘහපතිතුමා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙම දෙසුම වදාළා.

කථඤ්‌ච ගහපති, ආතුරකායෝ චේව හෝති ආතුරචිත්‌තෝ ච?

“පින්වත් ගෘහපතිය, අසනීපවලින් පීඩා විඳින කයක් ඇති කෙනා ඒ එක්කම සිතිනුත් ලෙඩ වෙලා ඉන්නේ කොහොමද?

ඉධ ගහපති, අස්‌සුතවා පුථුජ්‌ජනෝ අරියානං අදස්‌සාවී අරියධම්‌මස්‌ස අකෝවිදෝ අරියධම්‌මේ අවිනීතෝ සප්‌පුරිසානං අදස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස අකෝවිදෝ සප්‌පුරිසධම්‌මේ අවිනීතෝ. රූපං අත්තතෝ සමනුපස්‌සති, රූපවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා රූපං, රූපස්‌මිං වා අත්‌තානං. අහං රූපං, මම රූපන්‌ති පරියුට්‌ඨට්‌ඨායී හෝති. තස්‌ස අහං රූපං, මම රූපන්‌ති පරියුට්‌ඨට්‌ඨායිනෝ තං රූපං විපරිණමති, අඤ්‌ඤථා හෝති. තස්‌ස රූපවිපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා.

පින්වත් ගෘහපතිය, මේ ලෝකයේ අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා නොදකින කෙනෙක්. ආර්ය ධර්මය තේරුම් ගන්නට අදක්ෂ කෙනෙක්. ආර්ය ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. ඒ වගේම ඔහු සත්පුරුෂයන් වහන්සේලා නොදකින කෙනෙක්. සත්පුරුෂ ධර්මය තේරුම් ගන්නට අදක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. ඒ නිසා ඔහු (සතර මහා ධාතුන්ගෙන් හටගන්නා වූ) රූපය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය රූපයෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි රූපය තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ රූපය තුළයි කියලා. ‘මම තමයි රූපය, ඒ නිසා රූපය මගේ’ කියලා ඒ රූපය සිතින් අල්ලාගෙන ඉන්නවා. ‘මම තමයි රූපය, ඒ නිසා රූපය මගේ’ කියලා ඒ රූපය සිතින් අල්ලාගෙන ඉන්න කොට ඔහු අල්ලාගත් ඒ රූපය ජරාමරණ ආදියෙන් වෙනස් වෙලා යනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. එතකොට ඒ රූපය වෙනස් වෙලා යද්දී, වෙනත් ස්වභාවයකට පත් වෙද්දී ඔහු ශෝක වෙනවා. වැළපෙනවා. දුක් වෙනවා. දොම්නස් වෙනවා. සුසුම් හෙළනවා.

වේදනං අත්තතෝ සමනුපස්‌සති, වේදනාවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා වේදනං, වේදනාය වා අත්‌තානං. අහං වේදනා, මම වේදනාති පරියුට්‌ඨට්‌ඨායී හෝති. තස්‌ස අහං වේදනා, මම වේදනාති පරියුට්‌ඨට්‌ඨායිනෝ, සා වේදනා විපරිණමති, අඤ්‌ඤථා හෝති. තස්‌ස වේදනාවිපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා.

ඒ වගේම ඔහු (ස්පර්ශයෙන් හටගන්නා වූ) විඳීම ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය විඳීමෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි විඳීම තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ විඳීම තුළයි කියලා. ‘මම තමයි විඳීම, ඒ නිසා විඳීම මගේ,’ කියලා ඒ විඳීම සිතින් අල්ලාගෙන ඉන්නවා. ‘මම තමයි විඳීම, ඒ නිසා විඳීම මගේ’ කියලා ඒ විඳීම සිතින් අල්ලාගෙන ඉන්න කොට ඔහු අල්ලාගත් ඒ විඳීම ජරාමරණ ආදියෙන් වෙනස් වෙලා යනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. එතකොට ඒ විඳීම වෙනස් වෙලා යද්දී, වෙනස් ස්වභාවයකට පත් වෙද්දී ඔහු ශෝක වෙනවා. වැළපෙනවා. දුක් වෙනවා. දොම්නස් වෙනවා. සුසුම් හෙළනවා.

සඤ්‌ඤං අත්තතෝ සමනුපස්‌සති, සඤ්‌ඤාවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා සඤ්‌ඤං, සඤ්‌ඤාය වා අත්‌තානං. අහං සඤ්‌ඤා, මම සඤ්‌ඤාති පරියුට්‌ඨට්‌ඨායී හෝති. තස්‌ස අහංසඤ්‌ඤා, මම සඤ්‌ඤාති පරියුට්‌ඨට්‌ඨායිනෝ, සා සඤ්‌ඤා විපරිණමති අඤ්‌ඤථා හෝති. තස්‌ස සඤ්‌ඤාවිපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා.

ඒ වගේම ඔහු (ස්පර්ශයෙන් හටගන්නා වූ) සඤ්ඤාව ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය සඤ්ඤාවෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි සඤ්ඤාව තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ සඤ්ඤාව තුළයි කියලා. ‘මම තමයි සඤ්ඤාව, ඒ නිසා සඤ්ඤාව මගේ,’ කියලා ඒ සඤ්ඤාව සිතින් අල්ලාගෙන ඉන්නවා. ‘මම තමයි සඤ්ඤාව, ඒ නිසා සඤ්ඤාව මගේ’ කියලා ඒ සඤ්ඤාව සිතින් අල්ලාගෙන ඉන්න කොට ඔහු අල්ලාගත් ඒ සඤ්ඤාව ජරාමරණ ආදියෙන් වෙනස් වෙලා යනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. එතකොට ඒ සඤ්ඤාව වෙනස් වෙලා යද්දී, වෙනස් ස්වභාවයකට පත් වෙද්දී ඔහු ශෝක වෙනවා. වැළපෙනවා. දුක් වෙනවා. දොම්නස් වෙනවා. සුසුම් හෙළනවා.

සංඛාරේ අත්තතෝ සමනුපස්‌සති, සංඛාරවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා සංඛාරේ, සංඛාරේසු වා අත්‌තානං. අහං සංඛාරා, මම සංඛාරාති පරියුට්‌ඨට්‌ඨායී හෝති. තස්‌ස අහං සංඛාරා, මම සංඛාරාති පරියුට්‌ඨට්‌ඨායිනෝ, තේ සංඛාරා විපරිණමන්‌ති, අඤ්‌ඤථා හොන්‌ති. තස්‌ස සංඛාරවිපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා.

ඒ වගේම ඔහු (ස්පර්ශයෙන් හටගන්නා වූ) සංස්කාර ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය සංස්කාරවලින් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි සංස්කාර තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ සංස්කාර තුළයි කියලා. ‘මම තමයි සංස්කාර, ඒ නිසා සංස්කාර මගේ,’ කියලා ඒ සංස්කාර සිතින් අල්ලාගෙන ඉන්නවා. ‘මම තමයි සංස්කාර, ඒ නිසා සංස්කාර මගේ,’ කියලා ඒ සංස්කාර සිතින් අල්ලාගෙන ඉන්න කොට ඔහු අල්ලාගත් ඒ සංස්කාර ජරාමරණ ආදියෙන් වෙනස් වෙලා යනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. එතකොට ඒ සංස්කාර වෙනස් වෙලා යද්දී, වෙනස් ස්වභාවයකට පත් වෙද්දී ඔහු ශෝක වෙනවා. වැළපෙනවා. දුක් වෙනවා. දොම්නස් වෙනවා. සුසුම් හෙළනවා.

විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, විඤ්‌ඤාණවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා විඤ්‌ඤාණං, විඤ්‌ඤාණස්‌මිං වා අත්‌තානං. අහං විඤ්‌ඤාණං, මම විඤ්‌ඤාණන්‌ති පරියුට්‌ඨට්‌ඨායී හෝති. තස්‌ස අහං විඤ්‌ඤාණං, මම විඤ්‌ඤාණන්‌ති පරියුට්‌ඨට්‌ඨායිනෝ, තං විඤ්‌ඤාණං විපරිණමති අඤ්‌ඤථා හෝති. තස්‌ස විඤ්‌ඤාණවිපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා.

ඒ වගේම ඔහු (නාමරූපයෙන් හටගන්නා වූ) විඤ්ඤාණය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය විඤ්ඤාණයෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි විඤ්ඤාණය තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ විඤ්ඤාණය තුළයි කියලා. ‘මම තමයි විඤ්ඤාණය, ඒ නිසා විඤ්ඤාණය මගේ,’ කියල ඒ විඤ්ඤාණය සිතින් අල්ලාගෙන ඉන්නවා. ‘මම තමයි විඤ්ඤාණය, ඒ නිසා විඤ්ඤාණය මගේ,’ කියල ඒ විඤ්ඤාණය සිතින් අල්ලාගෙන ඉන්න කොට ඔහු අල්ලාගත් ඒ විඤ්ඤාණය ජරාමරණ ආදියෙන් වෙනස් වෙලා යනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. එතකොට ඒ විඤ්ඤාණය වෙනස් වෙලා යද්දී, වෙනස් ස්වභාවයකට පත් වෙද්දී ඔහු ශෝක වෙනවා. වැළපෙනවා. දුක් වෙනවා. දොම්නස් වෙනවා. සුසුම් හෙළනවා.

ඒවං ඛෝ ගහපති, ආතුරකායෝ චේව හෝති ආතුරචිත්‌තෝ ච.

පින්වත් ගෘහපතිය, ඔය විදිහට තමයි අසනීපවලින් පීඩා විඳින කයක් ඇති කෙනා ඒ එක්කම සිතිනුත් ලෙඩ වෙලා ඉන්නේ.

කථඤ්‌ච ගහපති, ආතුරකායෝ හි ඛෝ හෝති නෝ ච ආතුරචිත්‌තෝ?

ඉතින් පින්වත් ගෘහපතිය, අසනීපවලින් පීඩා විඳින කයක් තිබුණත් ඒ විදිහට පීඩා නොවිඳින සිතක් ඇතුව ඉන්නේ කොහොමද?

ඉධ ගහපති, සුතවා අරියසාවකෝ අරියානං දස්‌සාවී අරියධම්‌මස්‌ස කෝවිදෝ අරියධම්‌මේ සුවිනීතෝ, සප්‌පුරිසානං දස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස කෝවිදෝ සප්‌පුරිසධම්‌මේ සුවිනීතෝ න රූපං අත්තතෝ සමනුපස්‌සති, න රූපවන්‌තං වා අත්‌තානං. න අත්‌තනි වා රූපං, න රූපස්‌මිං වා අත්‌තානං. අහං රූපං, මම රූපන්‌ති න පරියුට්‌ඨට්‌ඨායී හෝති. තස්‌ස අහං රූපං, මම රූපන්‌ති අපරියුට්‌ඨට්‌ඨායිනෝ, තං රූපං විපරිණමති අඤ්‌ඤථා හෝති. තස්‌ස රූපවිපරිණාමඤ්‌ඤථාභාවා නූප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා.

පින්වත් ගෘහපතිය, මෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා දකින කෙනෙක්. ආර්ය ධර්මය තේරුම් ගන්න දක්ෂ කෙනෙක්. ආර්ය ධර්මයෙහි හික්මුණ කෙනෙක්. ඒ වගේම ඔහු සත්පුරුෂයන් වහන්සේලා දකින කෙනෙක්, සත්පුරුෂ ධර්මය තේරුම් ගන්න දක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි හික්මුණ කෙනෙක්. ඒ නිසා ඔහු (සතර මහා ධාතුන්ගෙන් හටගන්නා වූ) රූපය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඒ ආත්මය රූපයෙන් හැදිච්ච එකක් කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මයක් තුළ තමයි රූපය තියෙන්නේ කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඔහු ආත්මය තියෙන්නේ රූපය තුළයි කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ‘මම තමයි රූපය, ඒ නිසා රූපය මගේ,’ කියලා ඒ රූපය සිතින් අල්ලාගෙන ඉන්නෙත් නෑ. එතකොට ‘මම තමයි රූපය, ඒ නිසා රූපය මගේ,’ කියලා ඒ රූපය සිතින් අල්ලා නොගෙන ඉන්න කොටත්, ඔහු අල්ලා නොගත් ඒ රූපය ජරාමරණ ආදියෙන් වෙනස් වෙලා යනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. ඉතින් ඒ රූපය වෙනස් වෙලා යද්දී, වෙනස් ස්වභාවයකට පත්වෙද්දී ඔහු ශෝක වෙන්නේ නෑ. වැළපෙන්නේ නෑ. දුක් වෙන්නේ නෑ. දොම්නස් වෙන්නේ නෑ. සුසුම් හෙළන්නේ නෑ.

න වේදනං අත්තතෝ සමනුපස්‌සති, න වේදනාවන්‌තං වා අත්‌තානං. න අත්‌තනි වා වේදනං, න වේදනාය වා අත්‌තානං . අහං වේදනා, මම වේදනාති න පරියුට්‌ඨට්‌ඨායී හෝති. තස්‌ස අහං වේදනා, මම වේදනාති අපරියුට්‌ඨට්‌ඨායිනෝ, සා වේදනා විපරිණමති අඤ්‌ඤථා හෝති. තස්‌ස වේදනාවිපරිණාමඤ්‌ඤථාභාවා නූප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා.

ඒ වගේම ඔහු (ස්පර්ශයෙන් හටගන්නා වූ) විඳීම ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඒ ආත්මය විඳීමෙන් හැදිච්ච එකක් කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මයක් තුළ තමයි විඳීම තියෙන්නේ කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඔහු ආත්මය තියෙන්නේ විඳීම තුළයි කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ‘මම තමයි විඳීම, ඒ නිසා විඳීම මගේ,’ කියලා ඒ විඳීම සිතින් අල්ලාගෙන ඉන්නෙත් නෑ. එතකොට ‘මම තමයි විඳීම, ඒ නිසා විඳීම මගේ,’ කියලා ඒ විදීම සිතින් අල්ලා නොගෙන ඉන්න කොටත්, ඔහු අල්ලා නොගත් ඒ විඳීම ජරාමරණ ආදියෙන් වෙනස් වෙලා යනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. ඉතින් ඒ විඳීම වෙනස් වෙලා යද්දී, වෙනස් ස්වභාවයකට පත් වෙද්දී ඔහු ශෝක වෙන්නේ නෑ. වැළපෙන්නේ නෑ. දුක් වෙන්නේ නෑ. දොම්නස් වෙන්නේ නෑ. සුසුම් හෙළන්නේ නෑ.

න සඤ්‌ඤං අත්තතෝ සමනුපස්‌සති, න සඤ්‌ඤාවන්‌තං වා අත්‌තානං. න අත්‌තනි වා සඤ්‌ඤං, න සඤ්‌ඤාය වා අත්‌තානං. අහං සඤ්‌ඤා, මම සඤ්‌ඤාති න පරියුට්‌ඨට්‌ඨායී හෝති. තස්‌ස අහං සඤ්‌ඤා, මම සඤ්‌ඤාති අපරියුට්‌ඨට්‌ඨායිනෝ, සා සඤ්‌ඤා විපරිණමති අඤ්‌ඤථා හෝති. තස්‌ස සඤ්‌ඤාවිපරිණාමඤ්‌ඤථාභාවා නූප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා.

ඒ වගේම ඔහු (ස්පර්ශයෙන් හටගන්නා වූ) සඤ්ඤාව ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඒ ආත්මය සඤ්ඤාවෙන් හැදිච්ච එකක් කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මයක් තුළ තමයි සඤ්ඤාව තියෙන්නේ කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඔහු ආත්මය තියෙන්නේ සඤ්ඤාව තුළයි කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ‘මම තමයි සඤ්ඤාව, ඒ නිසා සඤ්ඤාව මගේ,’ කියල ඒ සඤ්ඤාව සිතින් අල්ලාගෙන ඉන්නෙත් නෑ. එතකොට ‘මම තමයි සඤ්ඤාව, ඒ නිසා සඤ්ඤාව මගේ,’ කියල ඒ සඤ්ඤාව සිතින් අල්ලා නොගෙන ඉන්න කොටත්, ඔහු අල්ලා නොගත් ඒ සඤ්ඤාව ජරාමරණ ආදියෙන් වෙනස් වෙලා යනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. ඉතින් ඒ සඤ්ඤාව වෙනස් වෙලා යද්දී, වෙනස් ස්වභාවයකට පත්වෙද්දී ඔහු ශෝක වෙන්නේ නෑ. වැළපෙන්නේ නෑ. දුක් වෙන්නේ නෑ. දොම්නස් වෙන්නේ නෑ. සුසුම් හෙළන්නේ නෑ.

න සංඛාරේ අත්තතෝ සමනුපස්‌සති, න සංඛාරවන්‌තං වා අත්‌තානං. න අත්‌තනි වා සංඛාරේ, න සංඛාරේසු වා අත්‌තානං. අහං සංඛාරා, මම සංඛාරාති න පරියුට්‌ඨට්‌ඨායී හෝති. තස්‌ස අහං සංඛාරා, මම සංඛාරාති අපරියුට්‌ඨට්‌ඨායිනෝ, තේ සංඛාරා විපරිණමන්‌ති අඤ්‌ඤථා හොන්‌ති. තස්‌ස සංඛාරවිපරිණාමඤ්‌ඤථාභාවා නූප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා.

ඒ වගේම ඔහු (ස්පර්ශයෙන් හටගන්නා වූ) සංස්කාර ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඒ ආත්මය සංස්කාරවලින් හැදිච්ච එකක් කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මයක් තුළ තමයි සංස්කාර තියෙන්නේ කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඔහු ආත්මය තියෙන්නේ සංස්කාර තුළයි කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ‘මම තමයි සංස්කාර, ඒ නිසා සංස්කාර මගේ,’ කියල ඒ සංස්කාර සිතින් අල්ලා ගෙන ඉන්නෙත් නෑ. එතකොට ‘මම තමයි සංස්කාර, ඒ නිසා සංස්කාර මගේ,’ කියල ඒ සංස්කාර සිතින් අල්ලා නොගෙන ඉන්න කොටත්, ඔහු අල්ලා නොගත් ඒ සංස්කාර ජරාමරණ ආදියෙන් වෙනස් වෙලා යනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. ඉතින් ඒ සංස්කාර වෙනස් වෙලා යද්දී, වෙනස් ස්වභාවයකට පත්වෙද්දී ඔහු ශෝක වෙන්නේ නෑ. වැළපෙන්නේ නෑ. දුක් වෙන්නේ නෑ. දොම්නස් වෙන්නේ නෑ. සුසුම් හෙළන්නේ නෑ.

න විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, න විඤ්‌ඤාණවන්‌තං වා අත්‌තානං. න අත්‌තනි වා විඤ්‌ඤාණං, න විඤ්‌ඤාණස්‌මිං වා අත්‌තානං. අහං විඤ්‌ඤාණං, මම විඤ්‌ඤාණන්‌ති න පරියුට්‌ඨට්‌ඨායී හෝති. තස්‌ස අහං විඤ්‌ඤාණං, මම විඤ්‌ඤාණන්‌ති අපරියුට්‌ඨට්‌ඨායිනෝ, තං විඤ්‌ඤාණං විපරිණමති අඤ්‌ඤථා හෝති . තස්‌ස විඤ්‌ඤාණවිපරිණාමඤ්‌ඤථාභාවා නූප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා.

ඒ වගේම ඔහු (නාමරූපයෙන් හටගන්නා වූ) විඤ්ඤාණය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඒ ආත්මය විඤ්ඤාණයෙන් හැදිච්ච එකක් කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මයක් තුළ තමයි විඤ්ඤාණය තියෙන්නේ කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඔහු ආත්මය තියෙන්නේ විඤ්ඤාණය තුළයි කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ‘මම තමයි විඤ්ඤාණය, ඒ නිසා විඤ්ඤාණය මගේ,’ කියල ඒ විඤ්ඤාණය සිතින් අල්ලාගෙන ඉන්නෙත් නෑ. එතකොට ‘මම තමයි විඤ්ඤාණය, ඒ නිසා විඤ්ඤාණය මගේ,’ කියල ඒ විඤ්ඤාණය සිතින් අල්ලා නොගෙන ඉන්න කොටත්, ඔහු අල්ලා නොගත් ඒ විඤ්ඤාණය ජරාමරණ ආදියෙන් වෙනස් වෙලා යනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. ඉතින් ඒ විඤ්ඤාණය වෙනස් වෙලා යද්දී, වෙනස් ස්වභාවයකට පත් වෙද්දී ඔහු ශෝක වෙන්නේ නෑ. වැළපෙන්නේ නෑ. දුක් වෙන්නේ නෑ. දොම්නස් වෙන්නේ නෑ. සුසුම් හෙළන්නේ නෑ.

ඒවං ඛෝ ගහපති, ආතුරකායෝ හෝති නෝ ච ආතුරචිත්‌තෝති.

පින්වත් ගෘහපතිය, ඔන්න ඔය ආකාරයටයි අසනීපවලින් පීඩා විඳින කයක් තිබුණත් ඒ විදිහට පීඩා නොවිඳින සිතක් ඇතුව ඉන්නේ.”

ඉදමවෝච ආයස්‌මා සාරිපුත්තෝ. අත්‌තමනෝ නකුලපිතා ගහපති ආයස්මතෝ සාරිපුත්‌තස්‌ස භාසිතං අභිනන්දීති.

ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළා. නකුලපිතු ගෘහපති තුමා වඩාත් සතුටට පත්වුණා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ දෙසුම සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

නකුලපිතු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M