403. සැවැත් නුවරදී ……………
එදා භාග්‍යවතුන් වහන්සේ ගේ නැන්දනිය ගේ පුත් කුමරාව සිටි ආයුෂ්මත් තිස්ස තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල දුකෙන් යුක්තව, හිත අමාරුවෙන්, කඳුළු වගුරුවමින් එකත්පස්ව වාඩි වුණා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් තිස්ස තෙරුන් අමතා වදාළා. “ඇයි පින්වත් තිස්ස, එකත්පස්ව හිඳගෙන දුකෙන් වගේ ඉන්නේ. හිතේ අමාරුවෙන් වගේ ඉන්නේ. කඳුළු වගුරුවමින් ඉන්නේ. මොකද වුණේ?”
“ස්වාමීනි, ඒක නේන්නම්. මේ භික්ෂූන් වචන නැමැති වේවැලෙන් මට හරියට තැළුවා නෙව.” “පින්වත් තිස්ස, ඒක එහෙම නේන්නම්. ඔබ අනුන්ටත් කරන්නේ ඕක ම නෙ. නමුත් අනුන් ගේ වචන ඉවසන්නට ශක්තියක් නෑ නේද? පින්වත් තිස්ස, ශ්‍රද්ධාවෙන් යුක්තව ගිහි ජීවිතය අත්හැරල මේ සාසනයේ පැවිදි වුණ ඔබ වගේ කෙනෙකුට අනුන්ට හිත් පෑරෙන වචන කීමත් අනුන් ගේ වචන නොඉවසීමත් ගැලපෙන්නේ නෑ. නමුත් තිස්ස, ශ්‍රද්ධාවෙන් යුක්තව ගිහි ජීවිතය අත්හැරල මේ සාසනයේ පැවිදි වුණ ඔබ වගේ කෙනෙකුට අනුන්ට යහපත් වචන කීමත් අනුන් ගේ වචන ඉවසීමත් තිබෙන එක තමයි ගැලපෙන්නේ.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය ද වදාළා.
කේන්ති ගන්නෙ මොනවටද? පින්වත් තිස්ස, කේන්ති ගන්නට එපා! උතුම් වෙන්නෙ කේන්ති නොගන්න එක ම යි. පින්වත් තිස්ස, මේ බඹසර ජීවිතය තියෙන්නේ ක්‍රෝධය, මානය, ගුණ මකුකම ආදී දුර්ගුණ දුරු කිරීම පිණිස ම යි.
සාදු! සාදු!! සාදු!!!
තිස්ස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_9-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M