400. සැවැත් නුවරදී ……………
එදා ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ලඟට පැමිණියා. භාග්‍යවතුන් වහන්සේ ලඟට පැමිණෙන ලකුණ්ටකභද්දිය තෙරුන්ව භාග්‍යවතුන් වහන්සේ දුර දීම දැක වදාළා. දැකලා භික්ෂූන් අමතා මෙසේ වදාළා.
පින්වත් මහණෙනි, ඔය පැමිණෙමින් සිටින භික්ෂුව ඔබට පේනවා නේද? පින්වත් මහණෙනි, ලස්සන නෑ තමයි. නපුරු පෙනුමක් තියෙනවා තමයි. ටිකක් මිටිත් තමයි. භික්ෂූන් ගේ අවමානයට ලක්වෙන පෙනුමක් තියෙනවා තමයි. නමුත් පින්වත් මහණෙනි, ඔය භික්ෂුව මහා ඉර්ධිමත් කෙනෙක්. මහානුභාව සම්පන්නයි. ඒ භික්ෂුව විසින් සමනොවැදුණු යම් සමාපත්තියක් ඇත්නම් එබඳු සමාපත්තියක් පවා සුලභ නෑ. යම් අරමුණක් උදෙසා සැදැහැවත් කුල පුත්‍රයෙක් ගිහි ජීවිතය අත්හැරල මේ සාසනයෙහි මනාකොට පැවිදි වෙනවා නම් අන්න ඒ අරමුණ වන මේ බ්‍රහ්මචාරි ජීවිතයේ සම්පූර්ණත්වයෙන් ලබන ඒ අනුත්තර වූ අරහත්වය මේ ජීවිතයේ දීම තමා තුළින් උපදවා ගත් විශිෂ්ට ප්‍රඥාවෙන් සාක්ෂාත් කර ගෙන වාසය කරනවා.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය ද වදාළා.
හංසයෝ, කොස්වාලිහිණියෝ, මොණරු, ඇත්තු, තිත් මුවෝ කියන ඔය හැමෝම සිංහයාට බයයි. ඇඟෙන් සමානකමක් ලබන්නේ නෑ. ඔය විදිහමයි මිනිසුන් අතර ප්‍රඥාවන්ත පොඩි දරුවෙක් සිටින්නට පුළුවනි. ඔහු තමයි එතැන පිදුම් ලබන කෙනා වෙන්නේ. අඥාන පුද්ගලයා ශරීරයෙන් විශාල වුණා කියල පිදිය යුතු කෙනෙක් වෙන්නේ නෑ.
සාදු! සාදු!! සාදු!!!
ලකුණ්ටකභද්දිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_9-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M