399. සැවැත් නුවරදී ……………
එදා ආයුෂ්මත් සුජාත තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ලඟට පැමිණියා. භාග්‍යවතුන් වහන්සේ ලඟට පැමිණෙන සුජාත තෙරුන්ව භාග්‍යවතුන් වහන්සේ දුර දීම දැක වදාළා. දැකලා භික්ෂූන් අමතා මෙසේ වදාළා.
පින්වත් මහණෙනි, ඔය පින්වත් කුල පුත්‍රයා දෙපැත්තකින් ම සෝභමානයි. ඒ කියන්නේ මොහු ඉතාමත් ලස්සනයි. දර්ශනීයයි. ප්‍රසාදය ඇති වෙනවා. හැබෑ ම රූප සෞන්දර්යයෙන් යුක්තයි. ඒ එක පැත්තක්. යම් අරමුණක් උදෙසා සැදැහැවත් කුල පුත්‍රයෙක් ගිහි ජීවිතය අත්හැරල මේ සාසනයෙහි මනාකොට පැවිදි වෙනවා නම් අන්න ඒ අරමුණ වන මේ බ්‍රහ්මචාරී ජීවිතයේ සම්පූර්ණත්වයෙන් ලබන ඒ අනුත්තර වූ අරහත්වය මේ ජීවිතයේ දී ම තමා තුළින් උපදවා ගත් විශිෂ්ට ප්‍රඥාවෙන් සාක්ෂාත් කර ගෙන වාසය කරනවා. ඒක ඊළඟ පැත්ත.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළිත් මෙය ද වදාළා.
ඇත්තෙන් ම සෘජු සිතින් යුක්ත වූ මේ භික්ෂුව ඒකාන්තයෙන් ම සෝභමානයි. කෙලෙසුන් ගෙන් නිදහස් වෙලයි ඉන්නේ. හැම බන්ධනයෙන් ම වෙන් වෙලයි ඉන්නේ. උපාදාන රහිතව නිවනට පත්වෙලයි ඉන්නේ. සේනා සහිත මාරයාව පරාජය කරල අන්තිම සිරුර දරාගෙනයි ඉන්නේ.
සාදු! සාදු!! සාදු!!!
සුජාත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_9-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M