සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

9.1.2. සාරිපුත්ත සුත්තං

9.1.2. සාරිපුත්ත තෙරුන් ගැන වදාළ දෙසුම

396. සාවත්‌ථියං….

396. සැවැත් නුවරදී ……………

තත්‍ර ඛෝ ආයස්‌මා සාරිපුත්‌තෝ භික්‌ඛූ ආමන්තේසි. ආවුසෝ භික්ඛවෝ’ති. ආවුසෝ ති ඛෝ තේ භික්‌ඛූ ආයස්‌මතෝ සාරිපුත්‌තස්‌ස පච්චස්සෝසුං. ආයස්‌මා සාරිපුත්‌තෝ ඒතදවෝච.

එදා ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් “ප්‍රිය ආයුෂ්මත් මහණෙනි” කියා භික්ෂූන් ඇමතුවා. ඒ භික්ෂූන් ද “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස” කියල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් මේ දෙසුම වදාළා.

ඉධ මය්‌හං ආවුසෝ රහෝගතස්‌ස පතිසල්‌ලීනස්‌ස ඒවං චේතසෝ පරිවිතක්‌කෝ උදපාදි. අත්‌ථි නු ඛෝ තං කිඤ්‌චි ලෝකස්‌මිං යස්‌ස මේ විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජෙය්‍යුං සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසාති?

ප්‍රිය ආයුෂ්මත්වරුනි, මෙහි හුදෙකලාවේ භාවනානුයෝගීව සිටිද්දී මට මෙ වැනි අදහසක් ඇති වුණා. මේ ලෝකයෙහි යම් කිසි දෙයක් වෙනස් වෙලා වෙනස් ස්වභාවයකට පත්වෙනවා නම් ඒ දෙය හේතු කොට ගෙන මා තුළ සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් හට ගන්නවා නම් එබඳු දෙයක් ලෝකයේ තියෙනවාද? කියල.

තස්‌ස මය්‌හං ආවුසෝ ඒතදහෝසි. නත්‌ථි ඛෝ තං කිඤ්‌චි ලෝකස්‌මිං යස්‌ස මේ විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජෙය්‍යුං සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා’ති.

එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, මට මෙහෙම හිතුණා. මේ ලෝකයෙහි යම් කිසි දෙයක් වෙනස් වෙලා වෙනස් ස්වභාවයකට පත්වෙනවා නම් ඒ දෙය හේතු කොට ගෙන මා තුළ සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් හට ගන්නවා නම් එබඳු දෙයක් ලෝකයේ නෑ කියල.

ඒවං වුත්‌තේ ආයස්‌මා ආනන්‌දෝ ආයස්‌මන්‌තං සාරිපුත්‌තං ඒතදවෝච. සත්‌ථුපි ඛෝ තේ ආවුසෝ සාරිපුත්‌ත විපරිණාමඤ්‌ඤථාභාවා නූප්‌පජ්‌ජෙය්‍යුං සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා‘ති?

මෙසේ පැවසූ විට ආයුෂ්මත් ආනන්ද තෙරුන්, ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් ගෙන් මෙහෙම ඇහුවා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ශාස්තෘන් වහන්සේ වුණත් වෙනස් වෙලා වෙනස් ස්වභාවයකට පත්වෙනවා නම් ඒ දෙය හේතු කොට ගෙන ඔබ තුළ සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් හට ගන්නේ නැද්ද?”

සත්‌ථුපි ඛෝ මේ ආවුසෝ, විපරිණාමඤ්‌ඤථාභාවා නූප්‌පජ්‌ජෙය්‍යුං සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා. අපි ච මේ ඒවමස්‌ස. මහේසක්‌ඛෝ වත භෝ සත්‌තෝ අන්‌තරහිතෝ මහිද්‌ධිකෝ මහානුභාවෝ. සචේ හි භගවා චිරං දීඝමද්‌ධානං තිට්‌ඨෙය්‍ය, තදස්‌ස බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්‌පාය අත්‌ථාය හිතාය සුඛාය දේවමනුස්‌සානන්‌ති.

“ප්‍රිය ආයුෂ්මත, ශාස්තෘන් වහන්සේ වුණත් වෙනස් වෙලා වෙනස් ස්වභාවයකට පත්වෙනවා නම් ඒ දෙය හේතු කොට ගෙන මා තුළ සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් හට ගන්නේ නෑ. නමුත් මට මෙහෙම හිතේවි. අහෝ! ඒකාන්තයෙන් ම මහේශාක්‍ය වූ මහා ඉර්ධිමත් වූ මහා ආනුභාව සම්පන්න වූ කෙනෙක් අතුරුදහන් වෙලා ගියා නේද! යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ චිරාත් කාලයක් වැඩසිටිනා සේක් නම් එය බොහෝ ජනයාට හිත සුව පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දෙවි මිනිසුන්ට යහපත පිණිස හිත-සුව පිණිස හේතු වෙනවා ම යි කියල.”

තථා හි පනායස්‌මතෝ සාරිපුත්‌තස්‌ස, දීඝරත්‌තං අහිංකාරමමිංකාරමානානුසයා සුසමූහතා. තස්‌මා ආයස්‌මතෝ සාරිපුත්‌තස්‌ස සත්‌ථුපි විපරිණාමඤ්‌ඤථාභාවා නූප්‌පජ්‌ජෙය්‍යුං සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා’ති.

“ඒක නම් ඇත්ත. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ බොහෝ කලක් මුළුල්ලේ මම ය මාගේ ය යනාදී සියලු මානයන් ම සහමුලින් ම ප්‍රහාණය කරල නේ ඉන්නේ. එම නිසා ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට ශාස්තෘන් වහන්සේ වුණත් වෙනස් වෙලා වෙනස් ස්වභාවයකට පත්වෙනවා නම් ඒ දෙය හේතු කොට ගෙන සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් හට ගන්නේ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

සාරිපුත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_9-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M