සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

9.1.1. මොග්ගල්ලාන සුත්තං

9.1.1. මොග්ගල්ලාන තෙරුන් ගැන වදාළ දෙසුම

395. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. තත්‍ර ඛෝ ආයස්‌මා මහාමොග්‌ගල්‌ලානෝ භික්‌ඛූ ආමන්තේසි. ආවුසෝ භික්ඛවෝ’ති. ආවුසෝති ඛෝ තේ භික්‌ඛූ ආයස්‌මතෝ මහාමොග්‌ගල්‌ලානස්‌ස පච්චස්සෝසුං. ආයස්‌මා මහාමොග්‌ගල්‌ලානෝ ඒතදවෝච.

395. මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එහි දී ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් “ප්‍රිය ආයුෂ්මත් මහණෙනි” කියා භික්ෂූන් ඇමතුවා. ඒ භික්ෂූන් ද “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස” කියල ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් මේ දෙසුම වදාළා.

ඉධ මය්‌හං ආවුසෝ රහෝගතස්‌ස පතිසල්‌ලීනස්‌ස ඒවං චේතසෝ පරිවිතක්‌කෝ උදපාදි. අරියෝ තුණ්‌හීභාවෝ අරියෝ තුණ්‌හීභාවෝති වුච්‌චති. කතමෝ නු ඛෝ අරියෝ තුණ්‌හීභාවෝති?

ප්‍රිය ආයුෂ්මත්වරුනි, මෙහි හුදෙකලාවේ භාවනානුයෝගීව සිටිද්දී මට මෙවැනි අදහසක් ඇති වුණා. ‘ආර්ය වූ නිශ්ශබ්දතාවය, ආර්ය වූ නිශ්ශබ්දතාවය’ කියල කියනවා. ආර්ය වූ නිශ්ශබ්දතාවය ඇතිවන්නේ කුමන කරුණු මතද?

තස්‌ස මය්‌හං ආවුසෝ ඒතදහෝසි. ඉධ භික්‌ඛු විතක්‌කවිචාරානං වූපසමා අජ්‌ඣත්‌තං සම්‌පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්‌කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්‌පජ්‌ජ විහරති. අයං වුච්‌චති අරියෝ තුණ්‌හීභාවෝති.

එතකොට ප්‍රිය ආයුෂ්මත්වරුනි, මට මෙහෙම හිතුණා. මේ සාසනයෙහි භික්ෂුව විතක්ක විචාරයන් සංසිඳුවා ගෙන චිත්තාභ්‍යන්තරයේ බලවත් පැහැදීමක් ඇතිව සිතේ එකඟභාවය ඇතිව විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හට ගත් ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කිරීමක් ඇද්ද මේක තමයි ආර්ය වූ නිශ්ශබ්දතාවය කියල කියන්නේ.

සෝ ඛ්‌වාහං ආවුසෝ විතක්‌කවිචාරානං වූපසමා අජ්‌ඣත්‌තං සම්‌පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්‌කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්‌පජ්‌ජ විහරාමි. තස්‌ස මය්‌හං ආවුසෝ ඉමිනා විහාරේන විහරතෝ විතක්‌කසහගතා සඤ්‌ඤා මනසිකාරා සමුදාචරන්‌ති.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, මම විතක්ක විචාරයන් සංසිඳුවා ගෙන චිත්තාභ්‍යන්තරයේ බලවත් පැහැදීමක් ඇතිව සිතේ එකඟභාවය ඇතිව විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හට ගත් ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කළා.

අථ ඛෝ මං ආවුසෝ භගවා ඉද්‌ධියා උපසංකමිත්වා ඒතදවෝච. මොග්‌ගල්‌ලාන, මොග්ගල්‌ලාන, මා බ්‍රාහ්‌මණ අරියං තුණ්‌හීභාවං පමාදෝ. අරියේ තුණ්‌හීභාවේ චිත්‌තං සණ්‌ඨාපේහි. අරියේ තුණ්‌හීභාවේ චිත්‌තං ඒකෝදිං කරෝහි. අරියේ තුණ්‌හීභාවේ චිත්‌තං සමාදහාති.

ඉතින් ප්‍රිය ආයුෂ්මත්වරුනි, මං එහෙම ධ්‍යානයෙන් වාසය කරන කොට විතර්ක සහගත සඤ්ඤා මනසිකාර ඇතිවෙන අවස්ථාවල් තිබුණා. එතකොට ප්‍රිය ආයුෂ්මත්වරුනි, භාග්‍යවතුන් වහන්සේ ඉර්ධි බලයෙන් මං ලඟට වැඩල මෙහෙමයි වදාළේ. ‘පින්වත මොග්ගල්ලාන, පින්වත මොග්ගල්ලාන, පින්වත් බ්‍රාහ්මණය, ආර්ය නිශ්ශබ්දතාවය ගැන ප්‍රමාද වෙන්නට එපා. ආර්ය නිශ්ශබ්දතාවයේ සිත පිහිටුවන්නට ඕන. ආර්ය නිශ්ශබ්දතාවයේ සිත එකග කරන්නට ඕන. ආර්ය නිශ්ශබ්දතාවයේ සිත සමාහිත කරන්නට ඕන.’

සෝ ඛ්‌වාහං ආවුසෝ අපරේන සමයේන විතක්‌කවිචාරානං වූපසමා අජ්‌ඣත්‌තං සම්‌පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්‌කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්‌පජ්‌ජ විහාසිං. යං ‌හි තං ආවුසෝ සම්‌මා වදමානෝ වදෙය්‍ය. සත්‌ථාරා අනුග්‌ගහිතෝ සාවකෝ මහාභිඤ්‌ඤතං පත්‌තෝති, මමං තං සම්‌මා වදමානෝ වදෙය්‍ය, සත්‌ථාරා අනුග්‌ගහිතෝ සාවකෝ මහාභිඤ්‌ඤතං පත්‌තෝ’ති.

ඉතින් ප්‍රිය ආයුෂ්මත්වරුනි, පස්සෙ කාලෙක මං විතක්ක විචාරයන් සංසිඳුවාගෙන චිත්තාභ්‍යන්තරයේ බලවත් පැහැදීමක් ඇතිව සිතේ එකඟභාවය ඇතිව විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හට ගත් ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කළා. ප්‍රිය ආයුෂ්මත්වරුනි, යම් කෙනෙක් ගැන ශාස්තෘන් වහන්සේ විසින් අනුග්‍රහ කළ මහා අභිඥාවන්ට පත් වූ කෙනා කියල මනා කොට කිව යුතු නම් ශාස්තෘන් වහන්සේ විසින් අනුග්‍රහ කරල මහා අභිඥාවන්ට පත් වූ කෙනා කියල කිවයුත්තේ මං ගැන තමයි.

සාදු! සාදු!! සාදු!!!

මොග්ගල්ලාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_9-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M