සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

8.1.9. නාග සූත්‍රය

8.1.9. නාග සූත්‍රය

391. සාවත්‌ථියං….

391. සැවැත් නුවරදී ……………

තේන ඛෝ පන සමයේන අඤ්ඤතරෝ නවෝ භික්‌ඛු අතිවේලං කුලානි උපසංකමති. තමේනං භික්‌ඛූ ඒවමාහංසු. මා ආයස්‌මා අතිවේලං කුලානි උපසංකමී’ති. සෝ භික්‌ඛු භික්‌ඛූහි වුච්‌චමානෝ ඒවමාහ. ඉමේ හි නාම ථේරා භික්‌ඛූ කුලානි උපසංකමිතබ්‌බං මඤ්‌ඤිස්‌සන්‌ති, කිමංගපනාහන්‌ති?

ඒ දිනවල එක්තරා නවක පැවිද්දෙක් කල් වේලා ඉක්ම යන තුරු ම දායක පවුල්වල ගැවසෙනවා. එතකොට වැඩිහිටි ස්වාමීන් වහන්සේලා මේ භික්ෂුවට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මත, කල්වේලා ඉක්ම යන තුරු දායක පවුල්වල ගැවසෙන්නට එපා.” එතකොට භික්ෂුන් විසින් අවවාද කළ ඒ භික්ෂුව මෙහෙම කිව්වා. “මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා විතර ද දායක පවුල් ඇසුරු කළ යුතු යි කියල හිතන්නේ? ඇයි මම වගේ කෙනෙක් නොයා යුතුද?”

අථ ඛෝ සම්‌බහුලා භික්‌ඛූ යේන භගවා තේනුපසංකමිංසු. ….(පෙ)…. ඒකමන්තං නිසින්‌නා ඛෝ තේ භික්‌ඛූ භගවන්‌තං ඒතදවෝචුං. ඉධ භන්තේ අඤ්ඤතරෝ නවෝ භික්‌ඛු අතිවේලං කුලානි උපසංකමති. තමේනං භික්‌ඛූ ඒවමාහංසු. මා ආයස්‌මා ඒවං අතිවේලං කුලානි උපසංකමීති. සෝ භික්‌ඛු භික්‌ඛූහි වුච්‌චමානෝ ඒවමාහ. ඉමේ හි නාම ථේරා භික්‌ඛූ කුලානි උපසංකමිතබ්‌බං මඤ්‌ඤිස්‌සන්‌ති කිමංගපනාහන්‌ති.

එතකොට බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා …. (පෙ) …. එකත්පස්ව හුන් ඒ භික්ෂුන් වහන්සේට මේ කරුණ සැළ කළා. “ස්වාමීනි, එක්තරා නවක පැවිද්දෙක් කල් වේලා ඉක්ම යන තුරුම දායක පවුල්වල ගැවසෙනවා. එතකෙට වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂුවට මෙහෙම කිව්වා. ‘ප්‍රිය ආයුෂ්මත, කල්වේලා ඉක්ම යන තුරු දායක පවුල්වල ගැවසෙන්නට එපා.’ එතකොට භික්ෂුන් විසින් අවවාද කළ ඒ භික්ෂුව මෙහෙම කිව්වා. ‘මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා විතරද දායක පවුල් ඇසුරු කළ යුතුයි කියල හිතන්නේ? ඇයි මම වගේ කෙනෙක් නොයා යුතුද?”

භූතපුබ්‌බං භික්ඛවේ අරඤ්‌ඤායතනේ මහාසරසි. තං නාගා උපනිස්‌සාය විහරන්‌ති. තේ තං සරසිං ඕගාහෙත්‌වා සොණ්‌ඩාය භිසමුලාලං අබ්‌භුග්ගහෙත්‌වා සුවික්‌ඛාලිතං වික්‌ඛාලෙත්‌වා අකද්‌දමං සංඛාදිත්‌වා අජ්‌ඣෝහරන්‌ති. තේසං තං වණ්‌ණාය චේව හෝති බලාය ච. න ච තතෝනිදානං මරණං වා නිගච්‌ඡන්‌ති මරණමත්‌තං වා දුක්‌ඛං.

පින්වත් මහණෙනි, මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. වනාන්තරයක විශාල විලක් තිබුණා. ඒ විල ඇසුරු කර ගෙන ඇත්තු වාසය කළා. ඔවුන් ඒ විලට බහිනවා. බැහැල සොඬින් නෙළුඹුත් නෙළුඹුදැලිත් උදුර ගන්නවා. හොඳින් පිරිසිදු කරල සෝදලා, මඩ නැතුව හපල ගිලිනවා. ඒ තුළින් ඔවුන්ට පැහැයත් ලැබුණා. ශක්තියත් ලැබුණා. ඒ හේතු කර ගෙන ඔවුන් මැරුණෙත් නෑ. මරණීය දුකකට පත් වුණෙත් නෑ.

තේසඤ්ඤේව ඛෝ පන භික්ඛවේ මහානාගානං අනුසික්‌ඛමානා තරුණා භිං‌කච්‌ඡාපා, තේ තං සරසිං ඕගාහෙත්‌වා සොණ්‌ඩාය භිසමුලාලං අබ්‌භුග්හෙත්‌වා න සුවික්‌ඛාලිතං වික්‌ඛාලෙත්‌වා සකද්‌දමං අසංඛාදිත්‌වා අජ්‌ඣෝහරන්‌ති. තේසං තං නේව වණ්‌ණාය හෝති න බලාය. තතෝනිදානං මරණං වා නිගච්‌ඡන්‌ති මරණමත්‌තං වා දුක්‌ඛං.

ඉතින් පින්වත් මහණෙනි, ඒ මහා වනයේ හිටපු තරුණ ඇත් පැටවු ද අර මහා ඇතුන් අනුගමනය කළා. ඔවුනුත් විලට බැස්සා. සොඬින් නෙළුඹුත් නෙළුඹුදැලිත් උදුර ගත්තා. නමුත් පිරිසිදුව සේදුවේ නෑ. මඩ තිබෙද්දී ම හපන්නේ නැතුව ගිල්ලා. ඒ තුළින් ඔවුන්ට පැහැය ලැබුණේ නෑ. ශක්තිය ලැබුණෙත් නෑ. ඒ හේතු කර ගෙන ඔවුන් මැරුණා. මරණීය දුකට පත් වුණා.

ඒවමේව ඛෝ භික්ඛවේ ඉධ ථේරා භික්‌ඛූ පුබ්‌බණ්‌හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්‌ඩාය පවිසන්‌ති. තේ තත්‌ථ ධම්‌මං භාසන්‌ති. තේසං ගිහී පසන්‌නාකාරං කරොන්‌ති. තේ තං ලාභං අගථිතා අමුච්‌ඡිතා අනජ්‌ඣෝපන්‌නා, ආදීනවදස්‌සාවිනෝ නිස්‌සරණපඤ්‌ඤා පරිභුඤ්‌ජන්‌ති. තේසං තං වණ්‌ණාය චේව හෝති බලාය ච. න ච තතෝනිදානං මරණං වා නිගච්‌ඡන්‌ති මරණමත්‌තං වා දුක්‌ඛං.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි. ස්ථවිර භික්ෂූන් වහන්සේලා පෙරවරුවේ සිවුරු හැඳ පොරවා ගෙන පා සිවුරු ගෙන ගමකට හෝ කුඩා නගරයකට හෝ පිණ්ඩපාතෙ වඩිනවා. එතකොට එහිදී ඒ භික්ෂූන් දහම් දෙසනවා. ධර්මශ්‍රවණය කරන ගිහි උදවිය බොහෝ පහදිනවා. පැහැදිලා සිවුපසය පුදනවා. ඒ භික්ෂූන් ද ඒ සිවුපස ලාභයට ගිජු නොවී මුසපත් නොවී තෘෂ්ණාවෙන් නොබැසගෙන ආදීනව දකිමින් ඒ කෙරෙහි නොඇලෙන නුවණින් යුක්තවයි එය පරිභෝග කරන්නේ. ඒ තුළින් ඔවුන් ගේ පැහැයත් ශක්තියත් වැඩෙනවා. එය හේතු කර ගෙන ඔවුන් මැරෙන්නේ නෑ. මරණීය දුකකට පත් වෙන්නෙත් නෑ.

තේසඤ්ඤේව ඛෝ පන භික්ඛවේ, ථේරානං භික්‌ඛූනං අනුසික්‌ඛමානා නවා භික්‌ඛූ පුබ්‌බණ්‌හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්‌ඩාය පවිසන්‌ති. තේ තත්‌ථ ධම්‌මං භාසන්‌ති. තේසං ගිහී පසන්‌නාකාරං කරොන්‌ති. තේ තං ලාභං ගථිතා මුච්‌ඡිතා අජ්‌‌ඣෝපන්‌නා අනාදීනවදස්‌සාවිනෝ අනිස්‌සරණපඤ්‌ඤා පරිභුඤ්‌ජන්‌ති. තේසං තං නේව වණ්‌ණාය හෝති න බලාය. තේ තතෝනිදානං මරණං වා නිගච්‌ඡන්‌ති මරණමත්‌තං වා දුක්‌ඛං.

පින්වත් මහණෙනි, ඔය ස්ථවිර භික්ෂූන් අනුගමනය කරන නවක භික්ෂූන් ඉන්නවා. ඔවුන් ද පෙරවරුවේ සිවුරු හැඳ පොරවා ගෙන පා සිවුරු ගෙන ගමකට හෝ කුඩා නගරයකට හෝ පිණ්ඩපාතෙ වඩිනවා. එතකොට එහිදී ඒ භික්ෂූන් දහම් දෙසනවා. ධර්ම ශ්‍රවණය කරන ගිහි උදවිය බොහෝ පහදිනවා. පැහැදිලා සිවුපසය පුදනවා. ඒ භික්ෂූන් ද ඒ සිවුපස ලාභයට ගිජු වෙලා මුසපත් වෙලා තෘෂ්ණාවෙන් බැසගෙන ආදීනව නොදකිමින් ඒ කෙරෙහි නොඇලෙන නුවණින් තොරවයි එය පරිභෝග කරන්නේ. ඒ තුළින් ඔවුන් ගේ පැහැයත් ශක්තියත් වැඩෙන්නේ නෑ. එය හේතු කර ගෙන ඔවුන් මරණයට පත් වෙනවා. මරණීය දුකකට පත් වෙනවා.

තස්‌මාතිහ භික්ඛවේ ඒවං සික්‌ඛිතබ්‌බං. අගථිතා අමුච්‌ඡිතා අනජ්‌‌ඣෝපන්‌නා ආදීනවදස්‌සාවිනෝ නිස්‌සරණපඤ්‌ඤා ලාභං පරිභුඤ්‌ජිස්‌සාමාති. ඒවං හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බන්‌ති.

පින්වත් මහණෙනි, එම නිසා මෙන්න මේ විදිහටයි ඔබ හික්මෙන්නට ඕන. අපි නම් ඔය සිවුපස ලාභයට ගිජු නොවී මුසපත් නොවී තෘෂ්ණාවෙන් නොබැසගෙන ආදීනව දකිමින් ඒ කෙරෙහි නොඇලෙන නුවණින් යුක්තවයි එය පරිභෝග කරන්නේ කියල. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්නට ඕන.

සාදු! සාදු!! සාදු!!!

නාග සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_8-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M