393. සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, රෑ පාන්දර ජාමයේ හිවලෙක් කෑගහන හඬ ඇහුණා නේ ද? “එසේ ය ස්වාමීනි, පින්වත් මහණෙනි, ඔය හිවලා නාකියි. උක්කණ්ටක කියන රෝගය හැදිලයි තියෙන්නේ. ඌ යම් යම් තැන යන්නට කැමති නම් ඒ ඒ තැන යනවා. යම් යම් තැන ඉන්න කැමති නම් ඒ ඒ තැන ඉන්නවා. යම් යම් තැනක ලගින්න කැමති නම් ඒ ඒ තැන ලගිනවා. යම් යම් තැනක නිදන්න කැමති නම් ඒ ඒ තැන නිදනවා. එතකොට හීතල හුළං පවා ඌට වදිනවා. පින්වත් මහණෙනි, මෙහි ඇතැම් විට ඇතැම් කෙනෙක් තමනුත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙක් ය කියල ප්‍රතිඥා දීල ඉන්නවා ද ඔහු මෙබඳු ආත්ම භාවයක් ලබා ගෙන ඉන්නවා නම් ඊට වඩා හොඳයි. (මෙය වදාළේ දේවදත්ත අරභයා ය.)
එම නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට යි හික්මෙන්නට ඕන. අපි නම් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා කියල. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට යි ඔබ හික්මෙන්නට ඕන.
සාදු! සාදු!! සාදු!!!
සිඟාල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_8-1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M