සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

8.1.12. දුතිය සිඟාල සූත්‍රය

8.1.12. දුතිය සිඟාල සූත්‍රය

394. සාවත්‌ථියං….

394. සැවැත් නුවරදී ……………

අස්‌සුත්‌ථ නෝ තුම්හේ භික්ඛවේ රත්‌තියා පච්‌චූසසමයං සිගාලස්‌ස වස්‌සමානස්‌සා ති? ඒවං භන්තේ. සියා ඛෝ භික්ඛවේ තස්‌මිං ජරසිගාලේ යා කාචි කතඤ්‌ඤුතා කතවේදිතා. න ත්වේව ඉධේකච්‌චේ සක්‍යපුත්‌තියපටිඤ්‌ඤේ සියා කාචි කතඤ්‌ඤුතා කතවේදිතා.

පින්වත් මහණෙනි, රෑ පාන්දර ජාමයේ හිවලෙක් කෑගහන හඬ ඇහුණා නේද? “එසේ ය ස්වාමීනි” පින්වත් මහණෙනි, ඔය නාකි හිවලා තුළත් යම් කිසි කෙළෙහි ගුණ දන්නා බවක් කෙළෙහි ගුණ ප්‍රකට කරන බවක් තියෙනවා. නමුත් මෙහි ඇතැම් කෙනෙක් තමනුත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙක් ය කියල ප්‍රතිඥා දෙමින් හිටියත් ඔහු තුළ නම් කෙළෙහි ගුණ දන්නා බවක්වත් කෙළෙහි ගුණ ප්‍රකට කරන බවක්වත් නෑ. (මෙය වදාළේ දේවදත්ත අරභයා ය.)

තස්‌මාතිහ භික්ඛවේ ඒවං සික්‌ඛිතබ්‌බං. කතඤ්‌ඤුනෝ භවිස්‌සාම කතවේදිනෝ, අම්‌හේසු අප්‌පකම්‌පි කතං මා නස්‌සිස්‌සතීති. ඒවං හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බන්‌ති.

එම නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට ය හික්මෙන්නට ඕන. අපි නම් කෙළෙහි ගුණ දන්න අය වෙනවා. කෙළෙහි ගුණ ප්‍රකට කරන අය වෙනවා. අපට කරපු පුංචි උදව්වක්වත් අපට අමතක නොවේවා කියල. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට යි ඔබ හික්මෙන්නට ඕන.

සාදු! සාදු!! සාදු!!!

දුතිය සිඟාල සූත්‍රය නිමා විය.

වග්ගෝ පඨමෝ.

පළමු වර්ගය අවසන් විය.

තස්‌සුද්‌දානං.

කූටං නඛසිඛං කුලං ඔක්‌ඛා සත්‌ති ධනුග්‌ගහෝ,
ආණි කලිං‌ගරෝ නාගෝ බිළාලෝ ද්වේ සිගාලකාති.

ඕපම්‌මසංයුත්‌තං සමත්‌තං.

ඕපම්ම සංයුත්තය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_8-1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M